මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

පසුගිය කොටසින්....

"කොහොමද මගෙ කාමරේ" අමිත් මගෙ පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟ වටේ අත් දාගෙන මාව පිටිපස්සෙන් බදාගන්න ගමන් ඇහුවා.

අද එතැන් සිට....

මම හිතන්නෙ මගේ පපුව ගැහෙන එක නතර උනා. හුස්ම ගන්න එකත් අමතක උනා. මම එයාගේ අත්දෙක අරන් පපුවට තුරුලු කර ගත්තා. එයා එයාගෙ මගේ බෙල්ලට තියලා තද කලා. එයාගෙ හුස්මෙ රස්නෙ මගෙ බෙල්ලට දැනෙනවා. ටික වෙලාවක් එහෙම ඉඳලා එය මගේ බෙල්ල පිටිපස්ස කිස් කරල අයින් උනා. මගෙ හිස මුදුනේ ඉඳල දෙපතුල වෙනකම් උපරිමයට උත්තේජනය වෙලා. මම එහෙමම ගල් ගැහිල වගේ බලන් හිටියා.

"අයියෙ" එයා මගේ ඉස්සරහට ඇවිත් මගේ අත් දෙකින් අල්ල ගත්තා.

"මාව වැරදියට තේරුම් ගන්න එපා අයියෙ. මම කව්රුත් ගෙදර නැති වෙනකම් ඉඳල කොල්ලො ගෙන්න ගන්නෙ නෑ. ඇත්තම කියනවනම් මම කිසිම කෙනෙක්ව මෙහෙම ගෙදර අරන් ඇවිත් නෑ. අයිය දැක්ක දවසෙ ඉඳල මගෙ හිතට හරි අමුතු හැඟීමක් දැනුනා. අයියා හොඳ කෙනෙක් බව මම දන්නවා. මට නිසල් අයිය අයියා ගැන ගොඩක් විස්තර කිව්වා. "

"මල්ලි මාවත් වැරදියට තේරුම් ගන්න එපා. මම දකින දකින එකාට නම්බර් දෙන්නෙ නෑ. මටත් ඒ අමුතු හැඟීම දැනුනු නිසා තමයි ඇඹලය වගෙ එදා පස්සෙන් කැරකුනෙ."

"මම දන්නව අය්යෙ ඔයා ගැන ගොඩක් විස්තර. අයියෙ මට ඕනෙ වැඩේ කරගෙන පිහිදාගෙන යන කෙනෙක් නෙමේ. මට ඕනෙ මගෙ ජීවිතේ පුරාවටම එකට ඉන්න පුලුවන් කෙනෙක්. ඒක බොලඳ සිතුවිල්ලක් වෙන්න ඇති ඒ උනත් මට one night stand නම් ඕනෙ නෑ."

"මල්ලි මට මේ දැන් පොරොන්දු වෙන්න බෑ ජීවිත කාලේ පුරාවටම එකට ඉන්නවා කියල. අපි තාම හරියට හම්බවෙලා පැය කීපයයි ගියේ. මට කියන්න පුලුවන් එකම දේ තමා මට ඔයා ගැන ලොකු හැඟීමක් තියෙනවා කියන එක. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක."

"මට එච්චරයි ඕනේ. අයියා කැමතිනම් මම කැමතියි ට්‍රයි එකක් දීල බලන්න."

එහෙම කියල අමිත් මට තුරුලු උනා. එයාගෙ හුස්මෙ උණුසුම මට දැනෙනවා. මම එයාගෙ පිට හිමිහිට ඉහලට පහලට අතගෑවා. එයත් මට ඒකම කලා. අපි කොච්චර වෙලා එහෙම හිටියද කියල මම දන්නෙ නෑ. කාලය එකතැන නතර වෙලා වගේ. මම මගෙ දෝතට එයාගෙ මූණ අරගෙන බොහොම පරිස්සමෙන් එයගෙ තොල් දෙක කිස් කලා. තප්පර 3-4 ක් වෙච්ච ඒ නිමේෂය මට කල්පයක් වගේ දැනුනෙ. හරිම සොෆ්ට් තොල් එයාට තියෙන්නෙ. කිස් එක ඉවර වෙච්ච ගමන්ම එයා මාව තද කරල බදා ගත්තා.

"මල්ලි බබා."

"හ්ම්ම්"

"මම නම් කැමතියි මේ විදියට ඉන්න ඕන තරම්. හැබැයි ඔයිට වැඩිය තද කලොත් මට හුස්ම හිර වෙලා මැරෙයි."

අපි දෙන්නම හිනා වෙවී දෙපැත්තට උනා.

"මල්ලි ඔයාට අද රෑට තනියම ඉන්න බය නැද්ද ?" මම ඇහුවෙ යටි අදහසක් හිතේ තියාගෙන.

"මල්ලිට තනි රකින්න අයිය රෑට ඉඳියි කියල මම නම් හිතුවෙ." හොර හිනාවක් එක්ක අමිත් කිව්ව.

"ඒක ආරධනාවක්ද ?"

"ඇයි එහෙමනම් භාර ගන්නවද ?"

මූත් එක්ක කතා කරල දිනන්න හම්බ වෙන්නෙ නෑ. මම ගෙදරට කෝල් එකක් ගත්තා.

"හෙලෝ. මල්ලි අම්මට කියන්න මම අද ‍‍රෑට එන්නෙ නෑ කියල."

මා දිහා බලා හිටපු අමිත් කට කොනකින් හිනා වෙන ගමන් අල්මාරිය ඇරියා.

"මේක ඇඳ ගන්න" මගේ අතට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි දෙන ගමන් එයා කිව්ව.

"අයියා මොනාද බොන්නෙ ? coke ? "

මම ඔලුව වනාගෙන බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා.

1 අදහස්:

anee sweet..

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ