මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

ටික වෙලාවක් යනකන් මට හිතාගන්න බැරි උනා මෙ මොකද වෙන්නෙ කියල. මට හොඳ සිහිය ආපු ගමන්ම මම නිසල්ව පැත්තකට තල්ලු කලා.


"ත.. තමුසෙට පිස්සුද නිසල් ? මොකද්ද ඒ කරපු වැඩේ ?"

"මොකද්ද මම කරපු වැඩේ ? පලවෙනි වතාවට නෙමේනෙ මම කිස් කලේ.."


"ඒ ඉස්සර... අපි දෙන්න අතර එහෙම දෙයක් වෙන්න බෑ කියල තීරණය කලේ මමද ? තමුසෙම නේද අපි යාලුවෝ විතරක් වෙමු කිව්වෙ ?"


"හරි මට වැරදුනා. මම වැරදියි. මට බය හිතුන. ඒත් මම දැන් දන්නවා මට මොනාද ඕනෙ කියල. මට ඔයාව ඕනෙ.."

"දැන් පරක්කු වැඩී...."


"ප්ලීස් සයුරු අයියේ... මට සමා වෙන්න.. මම ඔයා කියන ඕන දඞුවමක් භාරගන්නම්. ඇයි අපිට ඉස්සර වගේ ආපහු මේක අලුතින් පටන් ගන්න බැරි ?"


"මගේ හිත සෙල්ලම් බඩුවක් කියල හිතුවද ? ඕන වෙලාවට ලඟට ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි ? අනික මම දැන් වෙන කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන් ඉවරයි. නිසල් පරක්කු වැඩී දැන්"


"කව්ද අමිත්ද ?"

මම ඔලුව වැනුවා. මෙච්චර වෙලා කඳුලු පිරිල තිබ්බ නිසල්ගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා මට පෙනුන.

"මම අමිත්ට මුකුත් කියන්නෙ නෑ මේ ගැන.. එයා මුකුත් දැනගන්න ඕනෙ නෑ. අද මට ඔයත් එක්ක ඉන්න දෙන්න."

නිසල් ආපහු මගේ ලඟට ආව.

"නිසල් ඇයි මෙච්චර පහත් තත්වයකට වැටෙන්නෙ ? ලැජ්ජ නැද්ද ? මම ඔයාව හොඳ කෙනෙක්ට අඳුන්වල දෙන්නම්. මාව අතාරින්න. එක්කෙනෙක්ට ආදරේ කරල තව කෙනෙක් එක්ක නිදා ගන්න මට බෑ."


නිසල් මුකුත් නොකියා යන්න ආපහු හැරුනා. මෙයාව මෙහෙම තනියම යවන එක හිතට හොඳ මදි. මම නිසල්ගේ අතින් අල්ලල නතර කලා.

"නිසල් ඔහොම දමල ගහල ගියා කියල කිසි දෙයක් විසඳෙන්නෙ නෑ නේද ? අපි කතා කරල මේක විසඳ ගමු."

නිසල්ගේ ඇස් දෙකෙන් කඳුලු බේරෙනවා. මට පව් කියලත් හිතෙනවා. කාලයකට ඉස්සර මගේ හිතේ එයා ගැන අදහසක් තිබුනා. ඒත් එයාමයි මට බෑ කිව්වෙ. එයාට කසාද බැඳල ලමයි හදන්න ඕනෙ කිව්ව. දැන් මේ එක පාරටම මොන මල යකා වැහිලද ?

"ඇවිල්ල වාඩි වෙන්නකෝ. මම කෝපි එකක් හදන්නද ?"

එයා ඔලුව වනල සෝෆා එකෙන් වාඩි උනා. නිසල් තේ මොන්න ආසම නෑ. කෝපි නම් බොයි ඕන තරම්. මම අපි දෙන්නටම කෝපි දෙකක් හදා ගත්තා. නිසල්ට එක කොප්පයක් දීල මම සෝෆා එකේ අනිත් පැත්තෙන් වාඩි උනා. දෙන්නම කතාවක් නැතුව කෝපි බොනවා. දැන් නම් ටිකක් මිනිහ ෂේප් වගේ.

"මම යන්නම් සයුරු අයියේ. රෑ වෙනව"

"මම ඇරලවන්නම්. ටිකක් ඉන්න ඇඳුමක් දාගෙන එනකම්."

මම නිසල්ව ගෙදරටම ගිහින් ඇරලුවා. අනේ මන්දා මොනා කරන්නද කියල. තියෙන කරදර මදිවට අලුතින් එකක්. මම ආපහු ගෙදර ගිහින් අමිත්ට කතා කලා. වෙච්ච දේ මොනා උනත් දැන් කියන්න හොඳ නෑ. හෙටම කියනවා. අමිත්ට ගුඩ් නයිට් කියල මම ඉතුරු වෙලා තිබ්බ අනිත් පොඩි පොඩි දේවලුත් බෑග් එකකට පැක් කලා. ඊට පස්සෙ ඔක්කොම කාර් එකට ගිහින් දැම්ම. නිදා ගන්න ගියත් මට නින්ද ගියේ නෑ ගොඩක් වෙලා යනකම්ම. නිසල් ගේ සිද්ධිය අමිත්ට කියනවද නැද්ද ?

පසුගිය කොටසින්...

අපි දෙන්නගේ කතාව එතනින් නතර උනා. මමත් මහ අවුලක පැටලිලා. මම මොකද කරන්නේ ? අමිත් මාත් එක්ක දිගටම හිටියා හො නැතා,මට බෑ කසාදයක් කරන් පිස්සුවක් නටන්න. ලංකාවෙ මට ඕන දේ කරන්න බෑ කියල මම දන්නවා. ඒත්............ අමිත් මගේ ඔෆීස් එකට එනකොට මම අහස පොළව ගැටලන්න කල්පනා කර කර හිටියේ.
අද එතැන් සිට....

"මොනාද අයියේ කල්පනා කරන්නෙ ?" අමිත් ඇහුවේ ඔෆීස් එකේ දොර ලොක් කරන ගමන්.

"අපි ගැන"

"අපි ගැන මොනාද හිතන්න තියෙන්නෙ ?"

"අපි දෙන්න අනාගතය ගැන තාම හිතුවේ නෑ නේද අමිත් ?"

"අනාගතය හිතන්න කලින් වර්තමානය ගැන හිතන්න එපාය. වර්තමානය මට කියන්නෙ ගිහින් දවල්ට කාපන් කියල. යමුද ?"

"යමු"

අපි දෙන්න අර අපාර්ට්මන්ට් එක බලන්න ගිය දවසේ කන්න ගිය මාතර ආච්චිගෙ කඩේට ගියා. එතන කෑම නම් මරේ මරු. එල පොට් එක. ඇතුල් පාරක තියෙන හින්ද වැඩිය සද්ද බද්දත් නෑ. අපිට ඕන දෙයක් බෙදා ගන්න පුලුවන්, ඕන තරමක් කන්නත් පුලුවන්. කොච්චර කෑවත් ගාන එකමයි. හැබැයි ඉතුරු කලොත් අමතර ගෙවන්න වෙනවා. ඒක හොඳයි එතකොට කව්රුත් විසි කරන්නෙ නෑනෙ. අපි දෙන්න කෑම දෙකක් බෙදාගෙන මුල්ලක තිබ්බ මේසෙකින් වාඩි උනා.

"ඔන්න දැන් ඉතින් කියන්න අනාගතේ ගැන" අමිත් හිනා වෙවී කිව්ව.

"මේක විහිලුවක් නෙමේ අමිත්. අපි ටිකක් සීරියස් මේ ගැන හිතන්න ඕන. දැන් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නෙ කැම්පස් එක ගැන ?"

"ඒක ජනවාරි පටන් ගන්නවා. මම ඇප්ල්යි කරල තියෙන්නෙ. CIMA ත් පටන් ගන්නවා ජනවාරි වලම. "

"ඒක හොඳයි. එතකොට අපි ගැන මොකද කියන්නෙ ?"

අමිත් මගේ දිහා අමුතු විදියකට බැලුවා. හරි මමම පටන් ගන්නන්කො කතාව.

"මට හැමදාම හොරෙන් ඕගොල්ලන්ගෙ ගෙට රිංගන්න බෑනෙ මල්ලි. අනික් අතට හැමදාම දෙන්න දෙතැනෙ ඉන්නත් බෑ."

"ඉතින් මොකද්ද අය්යගෙ යෝජනාව මේ ගැන ?"

"මම අපාර්ට්මන්ට් එකට පදිංචියට ගියාම එනවද මාත් එක්ක ඉන්න ?"

"අපෙ අම්මලත් එක්ක කතා කරල බලමු. මම හිතන්නෙ නෑ ඒක ප්‍රශ්නයක් වෙයි කියල"

"ඒ කියන්නෙ ඔයා කැමතියි ?"

"ඔව්"

අම්මෝ මට පැනල අමිත්ව කිස් කරන්න හිතුන. ප්‍රශ්න වලින් ගොඩක් ඉවරයි. අදම ගිහින් ඉතුරු furniture ටික අරගන්න ඕනෙ. අපි කාල කෙලින්ම ගියේ showrom එකට.

"හරි බබී දැන් තෝරන්න ඔයාගෙ room එකට බඩු."

"මොකක් ? ඒ කියන්නෙ අපි කාමර දෙකකද ඉන්නෙ ?"

"නෑ නෑ. ඒ උනාට ලෝකෙට පේන්න එහෙම කරන එක හොඳයි නෙ. අනික මාත් එක්ක තරහ ගියාම ඉන්න තැනකුත් තියෙන්න එපාය. ඔයාගෙ කාමරේට සින්ගල් ඇඳක් ගන්න. එතකොට ඔයාගෙ studies කරන්න තැනක් තියෙන්නෙ ඕනෙ. ඒකට බඩු ගන්න."

මට එපා උනා මෙයත් එක්ක බඩු තෝරන්න ගිහින්. අපේ අම්ම සාරි තෝරනවට වඩා හපන්. ඕන මගුලක් කරගනින් කියල මං ගියා ඔෆීස් එකට. ඕන තරම් තෝරල එන්නෙ නැතෑ. කොහොම හරි මේක වැඩ ඉවර කලේ පැය කීපෙකට පස්සෙ. ටිකක් කලින් ගෙදර යන්න ඕනෙ කියල හිතුව මම. හිමින් සැරේ මගේ බඩු පැක් කර ගන්න පුලුවන්. සිද්ධ වීගෙන යන දේවල් වල හැටියට ඉක්මනටම පදිංචිය මාරු කලොත් හොඳයි. මගේම තැනකුත් තියෙන එකේ මොනාටද තව බලන් ඉන්නෙ.

මම අමිත්වත් එයාගෙ ගෙදරින් බස්සල ගෙදර ආව. සුපුරුදු විදියට අම්ම තේ එක අරන් ආව. අපාර්ට්මන්ට් එකට ගියාට පස්සෙ කව්ද මට තේ අරන් එන්නෙ. අම්මගෙ කෑම බීම නැතිවෙන බව මතක් වෙලා මගේ ඇස් දෙකට කඳුලකුත් ආව. මොනා කරන්නද ?

මම මගේ කෑල්ල පුරාම ඇවිදල බැලුව මොනාද මම අරන් යන්නෙ කියල. අන්තිමට මම තීරණය කලා වැඩිය මුකුත් අරන් යන්නෙ නැතුව ඇඳුම් ටිකයි, මගේ පොත් ටිකයි විතරක් අරන් යනව කියල. master bedroom එක දැනටමත් ලෑස්ති නිසා මේ ටික හෙට අරන් යන්න පුලුවන්. මම ඇඳුම් වලින් වැඩි කොටසක් ලොකු Traveling bag කීපෙකට දාල පැක් කලා. පොත් පැක් කරන්න නම් කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් හොයා ගන්න වෙයි. බෑග් දෙක පැත්තකින් දාල මම ගියා නා ගන්න.

නාල එලියට එනකොට මට ඇහුන ෆෝන් එක රින්ග් වෙනවා. අමිත්......

"කොහෙද හලෝ හිටියෙ ? මම කීපාරක් ගත්තද ?"

"calm down sweet heart. මම බාත්රූම් එකේ හිටියෙ"

"අපෝ ඇති යන්තම් ගඳ යන්න නාගෙන. අපිට හෙට කරදරයක් නැතුව ඉන්න පුලුවන්."

"වරෙන්කො හෙට මම කරදරේ පෙන්නන්න."

එත්කොටම බෙල් එක වැදුන.

"බබී කව්ද ඇවිත් මම පස්සෙ කෝල් එකක් දෙන්නම්. "

තුවාය පිටින්ම මම ගියා කව්ද බලන්න. නිසල් මල්ලි. මොකෝ මේ වෙලාවෙ ? මම දොර ඇරිය එයාට ඇතුලට එන්න.

ඇතුලට ඇවිත් මා දිහා අමුතු විදියට බලන් හිටපු නිසල් එක පාරටම මගේ ඇඟ වටේ අත් දාල මාව බදාගෙන මාව කිස් කලා. මේ මොකද්ද මේ වෙන්නෙ ?

පසුගිය කොටසින්...

අමිත් මගේ අතින් ඇදගෙන උඩට ගෙනිච්චා. කරන වැඩ ඔක්කොම වැඩි සද්ද නැතුව තමා කරන්න උනේ. කටින් සද්දෙ පිටවෙනකොට කොට්ටයක් හපාගෙන ඒක නවත්ත ගත්තා.

අද එතැන් සිට....

පහුවෙනිදා උදේ පාන්දරම නැගිටලා හොරෙන්ම මාරු උනා. අමිත් මාත් එක්ක ගේට්ටුව ගාවටම ආව. යන්නම් කියල අමිත්ව කිස් කරල එලියට ආව විතරයි......

"සයුරු අය්යෙ.... මොනාද මේ මෙහෙ කරන්නෙ මේ පට්ට පාන්දර ? "

හුටා පෝච්චි. උදාර මල්ලි. ඌ තමා අමිත්ගෙ හොඳම යාලුව. එයා තමයි අමිත්ව කටිනෙට ඇදගෙන ආවෙත්. දැන් දීපංකො උත්තර.

"මොන පාන්දරද බං. 7 ත් පහුවෙලා. ඊයෙ මගේ ෆෝන් එක දාල ගිහින් මෙහෙ ඒක ගන්න ආව වැඩට යන්න කලින්."

"මම දැනගෙන හිටියෙ නෑනෙ අය්ය අමිත්ව අඳුනනවා කියල."

"අමිත්වනම් අඳුනගත්තෙ එදා කටිනෙ දවසෙ. අමිත් ගෙ අම්ම අඳුනනව මම. interior designer කෙනෙක්නෙ. "

කෙලල ඇරිය පත ගජබින්නයක්. උදාර අවුලක් නැතුව කතාව පිලිගත්තා. තව කොච්චර කාලයක් මේව හංගගෙන ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. අද නූලෙන් බේරුනා. හෙට ? මම හොර පාරෙන් ගෙදර ඇවිට් මගේ කෑල්ලට රිංග ගත්තා. නා කියා ගෙන හෙම ඉවර වෙලා මුලු රෑම ගෙදර හිටිය වගේ පහලට බැස්ස. මල්ලි කෑම මේසෙ. අම්ම කෑම බෙදනවා. මම මල්ලිට එහා පැත්තෙන් වාඩිවෙලා අම්මට නොපෙනෙන්න මල්ලිට බයික් එකේ යතුර දුන්න. අම්ම පොඩ්ඩක් එහාට වෙනකන් ඉඳල මල්ලි කිව්ව,

"මම එන්නම් තමුසෙව හම්බ වෙන්න ඔෆීස් එකට"

ඒ පාර මෙයා මොකාටද එන්න හදන්නෙ ? මේක නිකන් ඌ මගේ අය්ය වගේ. කාල බීල ඉවර වෙලා මම ගියා අමිත්ව ගන්න. අර මැගසින් වැඩේට එයාටත් ජොයින් වෙන්න ඕන කිව්වනෙ. පරක්කු වෙලා තිබ්බ හින්ද මම ඇතුලට යන්නෙ නැතුව හෝන් එක ගැහුවා එලියේ ඉඳලා. අමිත් ආව ෆයිල් ගොන්නකුත් උස්සගෙන.

"මොනාද මේ ?"

"මම කරපු පරන වැඩ."

"ඕකේ. යමුද අපි ?"

"යං"

මම අමිත් එක්කගෙන ගියා දිමුතුගේ ඔෆීස් එකට.

"ඔන්න දිමුතුට මම මැගසින් වැඩේට උදව්වට ගෝලයෙක් හොයාගෙන ආව."

දිමුතුට අමිත්ව අඳුන්වල දීල මම ගියා මගේ ඔෆීස් එකට. ටික වෙලාවකින් දිමුතු ආව මාව හම්බ වෙන්න.

"මොකෝ ගෝලයා ?"

මිනිහ මුකුත් නොකියා මට මොකද්ද මැගසින් එකක් දිග ඇරල වෙන්නුවා.

"මේ සර් අමිත් ඉස්කෝලෙ කරපු මැගසින් එක. කොල්ල මාර innovative. බලන්න මේ layout designs. එයාමලු කලේ. බොස් නියම කෙනාව තමා මට ගෙනත් දුන්නෙ. දෙන්නම්කො දැන් අපි දෙන්න නියම වැඩක්"

අමිත් ගෙ වැඩ නම් නියම තමා. මිනිහට මාර දක්ෂතාවයක් තියෙනවා. මගේ කට කොණට හිනාවක් ආව. කාගෙද කොල්ල ? කාටද ආඩම්බර ?

"දිමුතු අපේ ඕපනින් එක ගැන නියම ආටිකල් එකක් යන්න ඕනෙ. තව සතියකින් දෙකකින් අලුත් showroom එකේ වැඩ ඉවරවෙයි. ඊට පස්සෙ හොඳ ෆොටෝ ටිකක් එහෙම අරගෙන ඒ වැඩේ කරන්න."

"හරි බොස්. අද හවස යන්න කලින් මම දෙන්නම් රිපොර්ට් එකක් මොනාද යන්න ඕනෙ කියල මම හිතන ආටිකල් ගැන. මම හිතුවෙ පලවෙනි magazine එක කොපි 2000 ක් ගහමු කියලා. ප්‍රින්ටින් වලට ලක්ෂ 3-4 අතර ගානක් යයි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක advertising වලින් කවර් කරගන්න පුලුවන්. "

"සල්ලි වලට වඩා දිමුතු වැදගත් reputation එක. මේක අතරමග නවත්තන්න බෑ. අපේ නම සවුත්තු වෙනව එහෙම උනොත්. "

"නවතින්නෙ නෑ බොස්. බය වෙන්න එපා."

දිමුතු ගිහින් ටික වෙලාවකින් මල්ලි ආවා. බලමු එයා නටන්න හදන්නෙ මොකාටද කියල.

"අයියෙ මොකද්ද ඔයා මේ අමිත් එක්ක කරන්නේ."

"මම මොනා කරනවද කියන එක ඔයා හොඳටම දන්නවනෙ. ඕක අහන්නද මේ ආවෙ ?"

"මේ ඇමරිකාව නෙමේ. ලංකාව. එහේ කරපුවා මෙහෙ කරන්න බෑ. පොඩ්ඩක් හිතල බලන්න මේව පිටට ආරංචි උනොත් මොකද වෙන්නෙ කියල. "

"මට ඔයා මොකද්ද කරන්න කියන්නෙ මල්ලි ? ගෑණියෙක්ව කසාද බැඳගෙන ජීවිතේ දුක් විඳින්න කියලද ?"

"මම එහෙම කිව්වෙ නෑනෙ. ඔයා අනිත් පැති වලිනුත් හිතන්න. අම්මයි තාත්තයි මේව දැනගත්තොත් ගෙදරින් එලවයි"

"මම ඒක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ නිසයි මම අපාර්ට්මන්ට් එකක් ගත්තේ. මම කොහොමත් ලබන මාසෙ පදිංචිය මාරු කරනවා."

"අපාර්ට්මන්ට් එකක් ? ඇයි අපි කාටවත් කිව්වෙ නැත්තෙ.?"

"කිය කියා කරන්න ගියොත් වෙන්නෙ නෑනෙ. මම අපාර්ට්මන්ට් එක ගන්න ලෑස්ති කරගත්තෙ අමිත් හම්බවෙන්න ගොඩ දවසකට කලින්."

"අම්මටයි තාත්තටයි මොනාද කියන්න හිතනින්නෙ ?"

"වැඩට යන්න ලේසි වෙන්න අලුත් ඔෆීස් එක ලඟින් ගත්තා කියනවා."

"මං දන්නෙ නෑ හලො මොනා කරනවද කියල."

"එන විදියකට මූණ දෙනව මොනා කරන්නද ? බැරිම උනොත් මිස ලංකාව දාල යන්න මගේ අදහසක් නෑ. ඒත් බැරිම උනොත් ඒකවත් කරනවා."

අපි දෙන්නගේ කතාව එතනින් නතර උනා. මමත් මහ අවුලක පැටලිලා. මම මොකද කරන්නේ ? අමිත් මාත් එක්ක දිගටම හිටියා හො නැතා,මට බෑ කසාදයක් කරන් පිස්සුවක් නටන්න. ලංකාවෙ මට ඕන දේ කරන්න බෑ කියල මම දන්නවා. ඒත්............

අමිත් මගේ ඔෆීස් එකට එනකොට මම අහස පොළව ගැටලන්න කල්පනා කර කර හිටියේ.

පසුගිය කොටසින්...

"මම තව ටිකකින් මෙහෙන් එනවා."

"ඕකේ see you soon. love ya"

"love you too බබා"


අද එතැන් සිට....

6 විතර වෙනකොට මට අමිත්ලගේ ගෙදර යන්න පුලුවන් උනා. අංකල් ආන්ටි දෙන්නම සාලෙ වාඩි වෙලා ඉන්නව. මම ගෙනාපු චොකලට් එක ඒගොල්ලන්ට පේන්නෙ නැති වෙන්න අමිත්ට දුන්න.

"අද කරදරයක් උනේ නෑ නේද අංකල් ?"

"නෑ පුතා. කිසි ප්‍රශ්නයක් නෑ. පුතාගෙ පිහිටෙන් ඔක්කොම හරි."

අංකල් හිනා වෙවී කිව්වා. මට ලැජ්ජ හිතුනා.

"අයිය තේ බොමුද ?"

"ඒක තීරණය කරන්න වෙන්නෙ කව්ද හදන්නෙ කියන එක උඩ. ඔයා හදනවනම් එපා." මම හිනා වෙවී කිව්ව.

"මෙච්චර දවස් මම හදපුවා නෙමේද බිව්වෙ ?" අමිත් කිව්වෙ මගේ උරහිසට හොඳ පන්ච් එකක් දීල.

"හා ඉතින් බොමු එහෙනම්. කල කරුම ගෙවන්නත් එපාය"

අංකලුයි ආන්ටියි හිනාවීගෙන බලන් ඉන්නව. අමිත් ගියා තේ හදන්න.

"පුතා දැන් අමිතුයි පුතායි අතර මොකද්ද වෙන්නෙ ?"

බුදු අම්මො. මොනාද මේ කනට ගහන්න වගේ අහන්නෙ. මගේ මයිල් කෙලින් උනා. කටේ කෙල හිඳුනා.

"අමිත් මොනාද කිව්වෙ ?"

මම ප්‍රශ්නෙ අනිත් පැත්තට හැරෙව්ව.

"පුතා බය වෙන්න දෙයක් නෑ. අපි බොහොම විවෘත අදහස් තියෙන අය. ඒ උනාට යමක් කෙරෙන්න ඕන පිලිවෙලක් තියෙනව නෙ. අපි කැමති උනත් අකමැති උනත් මේව නවත්තන්න බැරි බව අපි දන්නවා. ඒ නිසා අපි කැමතියි අපේ දරුවාව පුලුවන් තරමින් ආරක්ෂා කරන්න. මම දන්නව, දැකල තියෙනව මේ වගේ සම්භන්ධකම් වැඩි දුර යන්නෙ නෑ ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට මේව පදනම් වෙන්නෙ ශාරීරික අවශ්‍යතා මත. මට දැනගන්න ඕනෙ ඔය දෙන්නගෙ තියෙන්නෙ කොයි වගේ සම්භන්ධයක්ද කියල ?"

මම ටික වෙලාවක් කතා නොකර බිම බලාගෙන හිටියා. කොයි විදිහටද මම ඒකට උත්තර දෙන්නෙ.

"අංකල් වටේ යන්නෙ නැතුව කෙලින්ම අහපු නිසා මමත් කෙලින්ම උත්තර දෙන්නම්. මේ සම්භන්දෙ කොයි විදියට කෙලවර වෙයිද කියල මම තාම දන්නෙ නෑ. අපි දෙන්න දැන අඳුනගෙන තාම දවස් කීපයයි. ඒ උනත් මම එකක් කියන්නම් අංකල්, මේක ශාරීරික අවශ්‍යතා පිරිමහගන්න පටන් ගත්තු එකක්නම් නෙමෙයි."

"alright fair enough" අංකල් කිව්ව.

අමිත් එතකොටම තේ අරගෙන ආව. කට්ටියටම තේ දීල අමිත් මම වාඩි වෙලා හිටිය සෝෆා එකේම අනිත් පැත්තෙන් වාඩි උනා. කට්ටියගෙ මූණු දැක්කම අමිත්ට තේරෙන්න ඇති මොකක් හරි බරපතල දෙයක් කතා වෙන්න ඇති කියල. එයා මාරුවෙන් මාරුවට අපි තුන් දෙනාගෙම මූණු බැලුවා. වාතාවරණය වෙනස් කරන්න ඕනෙ නිසා මම කතාව පටන් ගත්තා.

"ආන්ටිගෙන් මම පොදි ප්‍රශ්නයක් අහන්න හිටියෙ...."

"house and garden වගේ මැගසින් එකක් පටන් ගන්න අපේ අදහසක් තියෙනවා. ආන්ටි මොකද ඒ ගැන කියන්නෙ ? market එකක් තියෙයිද් ?"

"අනිවාර්යෙන්ම. ඒ උනත් ඒක තීරණය වෙන්නෙ මැගසින් එකේ කොලිටි එක අනුව තමා. මීට අවුරුද්දකට විතර කලින් කට්ටියක් පටන් ගත්තා ඒ උනාට issues 2-3 කට වඩා කරගෙන ගියේ නෑ."

"අපි හිතාගෙන ඉන්නෙ අලුත් බිල්ඩින් එක ඕපන් කරන දවසට ඒකත් එලියට දාන්න පුලුවන් වෙයි කියල."

"කවද්ද ඒ ?"

"ජනවාරි 5"

"හරියටම තව මාස දෙකයි නේද ? ගොඩක් ඉක්මන් කරන්න වෙයි. ඕනනම් අමිත්ටත් පුලුවන්නෙ උදව් කරන්න."

"අමිත්"

"එයාලගෙ ඉස්කෝලෙ මැගසින් එකේ එඩිටර් වෙලා හිටියෙ එයා තමා. අනික එයාට මේ ෆීල්ඩ් එක ගැන හොඳ දැනුමක් තියෙනවා. නිකන් ගෙදරට වෙලානෙ ඉන්නෙ. "

"අමිත් මොකෝ කියන්නෙ ?"

"මම කැමතියි. ට්‍රයි කරල බලමු"

තව ටික වෙලාවක් කතා කර කර ඉඳල මම යන්න කියල නැගිට්ට.

"අංකල් ආන්ටි මම ගිහිල්ල එන්නම් එහෙනම්."

අමිතුත් මාත් එක්ක එලියට ආව.

"අපි දෙන්න වෙන වෙනම නිදා ගන්න පලවෙනි දවස අද"

අමිත් මට තුරුලු වෙලා කිව්ව. මම මුකුත් නොකියා අමිත්ගේ නලල කිස් කලා.

"මොනා කරන්නද බබා. ඔහොම තමයි ඉතිං"

"අනේ අපිට ආපහු කවදද පහුගිය දවස් තුන වගේ කාලයක් එන්නෙ ?"

"මම දන්නෙ නෑ බබා. ඒකට උත්තරයක් දෙන්න මට බෑ. අපි මොනා හරි කරල ක්‍රමයක් හදාගමු. "

මම අමිත්ගෙන් සමු අරන් ආවෙ පුලුවන් කමකට නම් නෙමෙයි. මොනා කරන්නද ? මට හරි පාලුවක් දැනෙනවා. ඊයෙ මගේ කෑල්ලෙ මාත් එක්ක හිටියා. අද මහ අමුතු පාලුවකින් මුලු ගේම පිරිල. මම අල්මාරිය ඇරල අමිත් ඊයෙ ඇඳපු ඇඳුම් එලියට ගත්තා. ඒවයේ තාම අමිත්ගේ සුවඳ තියෙනවා. අම්ම කෑම කන්න කතා කරනකම්ම මම ඒ ඇඳුම් තුරුලු කරන් හිටියා. කෑම කාල ආවම මම දැක්ක අමිත්ගෙන් මිස් කෝල් එකක් තියෙනවා. මම අමිත්ට කෝල් එකක් ගත්තා.

"සොරි බබා මම පහල හිටියෙ කෑම කෑව. මල්ලි කෑවද ?"

"ඔව්. මට පාලුයි අය්යෙ."

"මටත් පාලුයි බබා."

ටික වෙලාවක් කතා කරල අපි අදට ගුඩ් නයිට් කිව්ව. ඒ උනාට මට හරි මොකද්ද වගේ. මොනා හරි අඩුයි වගේ. මට අදහසක් ආව. ගියා මල්ලිගෙ කාමරේට.

"මල්ලි, තමුසෙගෙ බය්ක් එකේ යතුර දෙනවකො පොඩි ගමනක් යන්න"

"කොහෙ යන්නද මේ මහ රෑ.?"

"පොඩි ගමනක්. දෙනවකො යතුර හරස් ප්‍රශ්න අහන්නෙ නැතුව."

මම රූං ගාල ඉගිලුනා අමිත්ලගේ ගෙදර. ගෙට චුට්ටක් මෙහායින් නවත්තල මම අමිත්ට කෝල් එකක් දුන්න.

"බබා නිදිද ?"

"තාම නෑ"

"මට ඔයාව බලන්න ඕනෙ මේ දැන්"

"ඒක කොහොමද කරන්නෙ?"

"මම ඕගොල්ලන්ගෙ ගේ ලඟ ඉන්නෙ. ගේට්ටුව ගාවට එන්න පුලුවන්ද ?"

මම ගේට්ටුව ගාවට ගියා. අමිත් ඇවිත් ගේට්ටුව ඇරල මාව ඇතුලට ගත්තා.

"අම්මයි තාත්තයි නිදිද ?"

"හොඳටම නිදි. බෙහෙත් වලට නින්ද යනවනෙ. යං උඩට. අද මෙහෙ නිදා ගන්න. පාන්දරම හිමින් සීරුවෙ මාරුවෙන්න පුලුවන්. "

හොරෙන් ලව් කරනකොට තියෙන්නෙ මාර ආතල් එකක්. මම මල්ලිට කෝල් එකක් ගත්තා.

"මේ මම අද ‍රෑට එන්නෙ නෑ"

"තමුසෙ මොන නාඩගමක් නටන්න ලෑස්ති වෙනවද කියල මම දන්නෙ නෑ"

අමිත් මගේ අතින් ඇදගෙන උඩට ගෙනිච්චා. කරන වැඩ ඔක්කොම වැඩි සද්ද නැතුව තමා කරන්න උනේ. කටින් සද්දෙ පිටවෙනකොට කොට්ටයක් හපාගෙන ඒක නවත්ත ගත්තා.

පසුගිය කොටසින්...

"ඇයි ඔය දෙන්න වෙන් උනේ."
"එයා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා."


අද එතැන් සිට....


මට තව දුරටත් කඳුලු නවත්තගෙන ඉන්න බැරි උනා. සොරොව්ව ඇරිය වගේ මම අඞනවා. අමිත් මොනා කරන්නද කියල හිතා ගන්න බැරුව බලාගෙන ඉන්නව. එයා අන්තිමට මගේ ලඟට ඇවිත් මාව බදා ගත්තා. මම අමිත්ගේ උරහිසේ ඔලුව තියාගෙන මගේ දුක යනකම් ඇඞුවා. අමිත් මගේ ඔලුව අතගගා හිටිය. සැරින් සැරේ මගේ නලල ඉඹ ඉඹ මගෙන් සමාව ඉල්ලුවා. ටික වෙලාවකින් මම ඇඞුම නැවැත්තුවා. දැන් මට ලැජ්ජයි. ඒ වගේම බයයි අමිත් මම මගේ ප‍රණ කොල්ල ගැන හිත හිත අඞපු එක ගැන මොනා හිතයිද කියල.

"අපි නිදා ගමුද"

අමිත් ඇහුවා. මම ඔලුව වනල නැගිට්ට. වැඩි කතා බහක් නැතුව අපි නිදාගත්ත. වෙන මුකුත් කරන්න තරම් මානසික ශක්තියක් මට ඉතුරු වෙලා නෑ. මට ඔක්කොමට වඩා දැන් බය අමිත්ට මාව එපා වෙයිද කියල. එයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයිද ? මගේ අතීතය වර්තමානයේ හොල්මන් කරයිද ? වෙනද වගේම අමිත් මට තුරුලු උනා. ඒකෙන් හිතට පොඩි සැනසීමක් ලැබුන. ඇස් දෙක පියාගෙන නිදාගන්න උත්සාහ කලත් මට නින්ද යන්නෙ නම් නෑ. අමිත්ට නින්ද ගිහින්. එයා නින්දෙන්ම අනිත් පැත්තට හැරුනා. මම නැගිටල එලියට ගියා.

මම බ්ලැන්කට් එකකුත් අරං බැල්කනි එකට ගියා. බ්ලැන්කට් එකෙන් මාව ඔතාගෙන මම එතන තිබුන වේවැල් පුටුවෙ ගුලි ගැහුන. සාමාන්‍යයෙන් තරු පිරිල තියෙන අහසෙ එක තරුවක් වත් නෑ. අහසත් මූසල පාටයි. ටික වෙලාවකින් අමිත් ආව මාව හොයාගෙන.

"මොනාද මේ මහරෑ තනියම මෙතනට වෙලා කරන්නෙ ?"

"නින්ද යන්නෙ නෑ බබා."

"එන්න එහෙනම් මාත් එක්ක කතා කර කර ඉන්න තනියම මෙතනට වෙලා ඉන්න එපා."

මම නැගිටල අමිත්ගෙ පස්සෙන් ගියා. මම සෝෆා එකෙන් වාඩි උනා.

"මම තේ එකක් හදන්නද ?"

මම ඔලුව වැනුව. අමිත් විනාඩි 5න් තේ හදාගෙන ආව. මගේ අතට තේ එක දීල මගේ ලඟින් වාඩි උනා.

"මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ ? කෙවින්ද ?"

"ඒකත් එකක්"

"මොනාද අනිත් ඒව. මට කියන්න පුලුවන් ඒව නම් කියන්න. සමහර විට මට උදව් කරන්න පුලුවන් වෙයි."

මම තේ උගුරක් බීල අමිත් දිහා බැලුව. ඒ ඇස්දෙකේ තිබ්බෙ අවංකව මා ගැන ඇතිවෙච්ච හැඟීම් කියල මට තේරුම් ගන්න අපහසු උනේ නෑ. හරියන්න හරි වරදින්න හරි මේව එයත් එක්ක කතා කරල ඉවර කරගන්න ඕනෙ.

"අමිත් මම දන්නව අපි දෙන්න හම්බ වෙලා තාම ටික දවස යි කියල. ඒ උනත් ඔයාට මම කලිනුත් කිව්ව වගේ ඔයාගෙ ගැන මගේ තියෙන හැඟීම ගොඩක් ලොකු එකක්. මම හිතනවා ඔයත් මගේ ගැන එහෙමම හැඟීමකින් ඇති කියල. "

"අනිවාර්යෙන්ම. මගේ හිතේ ඔයා ගැන තියෙන්නෙ ලොකු කැමැත්තක්, ගෞරවයක්."

අමිත් උත්තර උන්න.

"මට බයයි මගේ අතීතය අපේ වර්තමානයට කරදරයක් වෙයිද කියල."

"ඒ කොහොමද ?"

"කෙවින් කියන්නෙ මගේ පලවෙනි ආදරේ. මම මැරෙන තුරාවට ඒක එහෙම තමා. ඒ උනත් එයා ආපහු එන්නෙ නෑනෙ. මම මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ. නමුත් මට කෙවින්ව අමතක කරන්න බෑ. එය මගේ හදවතේ කොනක ඉන්නවා. මට බයයි ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල"

අමිත් කතාවක් නැතුව කල්පනා කරනව. මගෙ හදවත කඩා වැටුන. මේකද අමිත්ගෙයි මගෙයි සම්භන්ධයේ අවසානය ?

"බබා මොනා හරි කියන්න ප්ලීස්. කතා නැතුව ඉන්න එපා"

"ඔයා කෙවින්ට ආදරය කරන තරමින් භාගයක්වත් මට ආදරය කරනවනම් මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මිනිහ කියල මම හිතා ගන්නම්."

මම අමිත්ව තද කරල බදා ගත්තා. අපි දෙන්නගෙම ඇස් වලින් කඳුලු බේරෙනවා.

"මම ආදරෙයි බබා. මම මගේ මල්ලි බබාට ගොඩක් ආදරෙයි."

"මමත් මගේ අයියට ආදරෙයි."

අපි දෙන්න දෙන්නගෙ කඳුලු පිහිදා ගෙන නිදා ගන්න ඇඳට ගියා.

පහුවදා උදෙත් වෙනදා විදියටම අපි නාල කාල එලියට බැස්ස. මම අමිත්ව හොස්පිටල් එකට දාල ඔෆීස් එකට ගියා. සුපුරුදු විදියට සුමුදු කඩාපාත් උනා. උදේ පාන්දර සුමුදු මට ලෙක්චර් එකක් දුන්නා වැඩ අතපසු කිරීම ස්ම්භන්ධයෙන්. මම ඉතින් ගොනා වගේ අහන් හිටිය. ඇත්තනෙ කතාව. මේ ටිකේ මම අමිත්ගෙ පස්සෙනෙ දිව්ව මිසක් වැඩක් කලේ නෑනෙ. මම සුමුදුට පොරොන්දු උනා අද 5 වෙනකං ඔෆීස් එකේ ඉන්නව කියල. සුමුදු හිනාවේගෙන යන්න ගියා. මම ඊලඟට නිමල්, අපේ ඩ්‍රයිවර්ට කතා කරල කිව්ව දවල්ට හොස්පිටල් එකට යන්න කියල. මම නිමල්ට අමිත්ගෙ නම්බර් එක දුන්න. අමිත්ට කතා කරල නිමල්ගෙ නම්බර් එක දුන්න.

මම සුමුදුට කතා කරල දිමුතුව එවන්න කිව්ව. එයා තමා අපේ සේල්ස් පැත්ත බලා ගත්තෙ.

"මොකද්ද දිමුතු මේ මැගසින් කතාව ?"

දිමුතු මට එයාගෙ අදහස් පැහැදිලි කරල විස්තර කලා. මිනිහ නිකම්ම නෙමේ ඇවිත් තියෙන්නෙ. හොඳට හොයල බලල විස්තර අරන් ඇවිත් තියෙන්නෙ.

"අපි හිතමු අපි මේක කරනව කියල. දිමුතුට පුලුවන්ද තියෙන වැඩ එක්ක මේකත් කරන්න ?"

"සර් මම දන්නව සර් අලුතින් marketing maneger post එකක් දාන්න යනව කියල. තව සේල්ස් වලට තුන් දෙනෙක් ගන්නව කියලත් මම දන්නව. එතකොට මට මෙච්චර වැඩ හිටින එකක් නෑ"

"සාගරයි මමයි කතා උනේ marketing manager post එකට දිමුතුට දෙන්න."

මිනිහගේ කට ඇරුන.

"ම...ම.... මට ?"

මම ඔලුව වැනුව.

"තැන්ක්යු සර්. මම මොනා කියනද කියල මම දන්නෙ නෑ. මගේ පෝස්ට් එක මොකක් උනත් මැගසින් එක කරන්න මම කැමතියි සර්. අපි ඉක්මනට පටන් ගත්තොත් අලුත් බිල්ඩින් එක ඕපන් කරන දවසට මේකත් ලෝන්ච් කරන්න පුලුවන්."

"මම අද හවස මගේ තීරණය කියන්නම්."

මම සුමුදු, චානක,සාගර එක්ක ඒගැන කතා කලා. හැම දෙනාගෙම අදහස උනේ ඒක හොඳ අදහසක් කියල. මම දිමුතුට කතා කරල ඕකේ එක දුන්න වැඩ පටන් ගන්න. අමිත් කතා කරල කිව්ව වාහනේ ආව කියල. මම පොරොන්දු උනා හවස එන්නම් කියල. දවස එහෙමම ගෙවිල ගියා. 4.30 ට විතර මම අමිත්ට කෝල් කලා.

"මල්ලි බබා මොනාද කරන්නෙ ?"

"ගෙදර ආවෙ ටිකකට කලින්. නර්සුත් ආව. මම මේ නිකන් ඉන්නවා කම්මැලියි."

"මම තව ටිකකින් මෙහෙන් එනවා."

"ඕකේ see you soon. love ya"

"love you too බබා"

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ