පසුගිය කොටසින්...
අපිට කතා කරන්න තිබ්බෙ එච්චරයි. මම ආපහු මගෙ රූම් එකට ගියා. අමිත් ජනේලෙන් එහා අහස දිහා බලාගෙන ඉන්නවා. මම ගිහින් පිටිපස්සෙන් බදා ගත්ත.
අද එතැන් සිට....
"මොනාද මේ බරටම කල්පනා කරන්නෙ ?"
මම ඇහුවේ අමිත්ගේ කන හිමීට ආදරෙන් හපන ගමන්. අමිත් ඒකට හරි කැමතියි. එයා එහෙමම මගේ ඇඟට බර උනා. අපි දෙන්න විනාඩියක් දෙකක් එහෙමම හිටියා.
"බබා අපි යන්ද ?"
"යං"
මම මගේ බෑග් එක අතට ගන්නවත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුන.
"come in"
"සර් යන්නද ?" ඒ අපේ showroom manager අසංක.
"යන්නනම් තමයි කමක් නෑ අසංක කියන්න."
"මේ පාර අපිට ආව decorative stock එක නම් එච්චර හොඳ නෑ සර්. විශේෂ වරදක් කියන්න නැති උනත් සර් ගිහිල්ල තෝරල ගෙනාව වගේ නම් නෑ. අනික ඉතින් ඒජන්ට් හිතන්නෙ ලාභෙ ගැන මිසක් තත්වය ගැන නෙමෙයිනෙ."
"මම දන්නව අසංක. මම හිතන්නෙ අපි ගිහින් කෙලින්ම craftsmen ල එක්ක ඩීල් කලොත් හොඳයි. භාෂාව තමා ප්‍රශ්නෙ. අසංකට පුලුවන්ද තායි කතා කරන්න පුලුවන් කෙනෙක්ව හොයා ගන්න. ඕන නම් පත්තරේ ඇඩ් එකක් දාන්න. හැබැයි කම්පැණි නම දාන්න එපා."
"ඕකේ සර්. මම හොයා ගන්නම්."
අසංක යන්න හිහින් ආපහු හැරිල ආව.
"by the way sir. congratulations good choice."
මිනිහ කිව්වෙ අමිත් දිහා බලල ඇහැකුත් ගහල. අසංක ගියා. මමයි අමිතුයිත් ගියා හොස්පිටල් එකට. ජෝඩුව බර කතාවක.
"ජෝඩුව අද කොහෙද රවුම් ගැහුවෙ ?"
මගේ මූණ රතු උනා. ඒ උනාට අමිත්ට නම් ගානක් නෑ. අපි දෙන්න ගියපු දිහාවල් කරපු දේවල් විස්තර කර කර කිව්ව. හැබැයි මම කන විකපු එක නම් කිව්වෙ නෑ.
"හෙට මට ගෙදර යන්න පුලුවන් කියල ඩොක්ටර් කිව්ව."
ආන්ටි එහෙම කිව්වෙ මම හොහොමද කියල ඇහුවම. මම අංකල් ගෙනුත් ඇහුවා කොහොමද කියල.
"මටත් හෙට යන්න පුලුවන්. හැබැයි ගෙදර ගෙනියන්න නර්ස් කෙනෙක් ගන්න වෙනවා."
"මම එක්කෙනෙක්ව හොයල බලන්නද අංකල් නැත්නම් අංකල් දන්න කෙනෙක් ඉන්නවද ?"
"මම දන්න එක්කෙනෙක්ට කතා කලා පුතා. තෑන්ක්ස්. මේ දවස් ටිකේ පුතා තමන්ගේම පවුලෙ කෙනෙක් වගේ අපිට උදව් කලා. මේවට කොහොමද මම ස්තූති කරන්නෙ ?"
පුතාව මට බන්දල දීල ස්තූති කරන්න පුලුවන්. මට කියන්න හිතුනට කිව්වෙනම් නෑ. හිනාවෙලා නිකං හිටියා.
"කීයටද හෙට ගෙදර යන්න පුලුවන් අංකල් ?"
"2 ට විතර යන්න පුලුවන්"
"මම හෙට ටිකක් වැඩ වැඩී. ඒ උනාට මම වාහනයක් එවන්නම්."
"කරදර වෙන්න එපා පුතා. අපි ටැක්සි එකක් ගන්නම්."
"කිසි කරදරයක් නෑ."
"මම මේ අහන්නමයි හිටියේ පුතා ගෙන්." ආන්ටි අහනවා.
"ඇත්තද මේ කතාවක් යන්නෙ බිස්නස් expand කරන්න යනව කියල."
"ඔව් ආන්ටි අපි අලුත් බිල්ඩින් එකකට යනවා. showroom දෙකම එකතු කරනවා. තව මෙච්චර කල් අතගැහුවෙ නැති ඒවත් පටන් ගන්න යන්නෙ."
ආන්ටි අංකල් දිහා බැලුවෙ 'මම කිව්වෙ' කියන්න වගේ. ඒ මොකද්ද ඒ උනේ. මම නොදන්න දෙයක් එතන වෙන්නෙ. අමිත්ගෙන් අහන්න ඕනෙ. අමිත් මා ගැන මොනා කිව්වද ඒ දෙන්නට කියල මට තාම හරියට අහන්න බැරි උනා. තව ටික වෙලාවක් කතා කර කර ඉඳල අපි දෙන්නම ගෙදර යන්න එලියට බැස්ස.
"අමිත් අද අපේ ගෙදර යමුද ? මට වැඩ වගයක් තියෙනව කරන්න."
"ඔයාගෙ අම්මයි තාත්තයි මොනා හරි කියයිද?"
"ඒ ගොල්ලො මොනාවත් කියන්නෙ නෑ. "
අමිත් ඔලුව වනාගෙන කාර් එකට නැග්ග. අමිත් කල්පනා කරනව මුකුත් කියන්නෙ නෑ.
"මොනාද අද මෙච්චර කල්පනා කරන්නෙ ?"
"ගොඩක් දේවල්. මම ඔයා ගැන හරි පොඩ්ඩයි දන්නෙ. මට ඔයා ගැන දැනගන්න ඕනෙ. ඔයාගෙ පොඩි කාලෙ විස්තර, ඉස්කෝලෙ විස්තර, බිස්නස් එක ගැන. ඔය දේවල් මම මුකුත් දන්නෙ නෑනෙ. ඔයාට කලින් boy friend කෙනක් හිටියද කියලවත් මම දන්නෙ නෑ."
"හරි ඉතින් අපි හම්බ වෙලා තාම දවස් දෙක තුනයි නෙ ගතවුනේ. මම ඔය ඔක්කොම කියන්නම් හිමින් සැරේ. "
"මට මේක විතරක් කියන්නකො. ඔයාට boy friends ල ඉඳල තියෙනවද ?"
"ඔව්. එක්කෙනෙක්. මම කැම්පස් කාලෙ. මම ඒ ගැන විස්තර කියන්නම් පස්සෙ."
"ඕකේ"
Nov
28
මේක ලිව්වේ
පොඩ්ඩා
1 අදහස්:
I wish every gay person to have parents like those of Amith's..
Post a Comment
කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.