මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

පසුගිය කොටසින්...

"මට මේක විතරක් කියන්නකො. ඔයාට boy friends ල ඉඳල තියෙනවද ?" "ඔව්. එක්කෙනෙක්. මම කැම්පස් කාලෙ. මම ඒ ගැන විස්තර කියන්නම් පස්සෙ." "ඕකේ"

අද එතැන් සිට....

අපේ ගෙදර ගරාජ් එක ලොකු එකක්. අනාගතය ගැන හිතල වාහන 3ක් දාන්න පුලුවන් විදියට ඒක හදල තියෙන්නෙ. ගේ ප්ලෑන් කරනකොට මමයි තාත්තයි මල්ලියි රණ් ඩු නොවී එකඟ උනේ ඒකට විතරයි. මම ඇමරිකාවෙ ඉඳල ආවට පස්සෙ ගරාජ් එකේ වහල ගලවල ස්ලැබ් එකක් දාල ඒක උඩ් පොඩි අපාර්ට්මන්ට් එකක් හදාගත්ත මට. ඒකට ඇතුල් වෙන්න පුලුවන් වෙනමම පිටිපස්සෙ පාරෙන්. ඒ නිසා මගේ ස්වාධීනත්වය ගොඩක් ආරක්ෂා උනා. මට කාව හරි ගෙදර එක්ක එන්න ඕන නම් ගෙදර අය දන්නෙ නැතුවම එක්ක එන්න පුලුවන්. මට අමිත්ව පිටිපස්සෙන් හංගල ගේන්න ඕනෙ නෑ. ඒ නිසා මම ඉස්සරහ පැත්තෙන් ආව. අම්ම ආව එලියට කව්ද ආවෙ කියල බලන්න.

"අම්මෙ මේ තමා අමිත්"

"හෙලෝ ආන්ටි"

මම අම්මට අමිත්ට වෙච්ච කරදර ගැන කියල තිබ්බෙ. ඒ නිසා අම්ම එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අපෙ අම්ම හරි කැමතියි ආගන්තුක සත්කාරයට. අද ඉතින් කන්න හම්බවෙයි ඉස්මුරුත්තාව එනකම්.

"පුතා මේ ලමයට මාරු කර ගන්න ඇඳුමක් දෙන්න. මම ඉක්මනට තේ හදන්නම්. මම ගෙස්ට් රූම් එක ලෑස්ති කරන්නද ?"

අම්මට පිස්සුද මන්ද අමිත්ව නිදි කරවයි වෙන කාමරේක මම.

"ඕන නෑ අම්මෙ මගේ කෑල්ලෙ ඉන්න පුලුවන්."

මගේ ගරාජ් අපාර්ට්මන්ට් එකට කට්ටිය කිව්වෙ සයුරුගෙ කෑල්ල කියල. යාලුවො ආවම මාත් එක්ක නිදා ගන්න නිසා අම්මට එච්චර ප්‍රශ්නයක් උනේ නෑ අමිත් මගේ කෑල්ලෙ නිදා ගන්නවට. මම අමිත්ව එක්කගෙන ගියා මගේ කෑල්ලට.

"ෂා මරුනෙ. ඔයා මේක තියාගෙන මොකටද තව මොකටද අපාර්ට්මන්ට් එකක් ගත්තෙ. ?"

"මම තව කාත් එක්ක හරි ජීවත් වෙන්න ගත්තොත් ඉතින් මේක මදිනෙ. අනික මගේ ගැන ඇත්ත දැනගත්තොත් මට කොහොමත් ගෙදරින් යන්න තමා වෙන්නෙ. ඒ නිසා කෝකටත් ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. අනික අලුත් අපාර්ට්මන්ට් එක අලුත් ඔෆීස් එකට ගොඩක් ලඟයි."

"දැන් එකට ජීවත් වෙන්න කෙනෙක් හම්බ වෙලාද ඉන්නෙ ?"

"එක්කෙනෙක් ගැන අදහසක් නම් තියෙනවා. බලන්න ඕනෙ ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල."

අම්ම තේ බොන්න කතා කල නිසා එයින් එහා කතාව ගියේ නෑ. තේ බොන අතරතුරේ අමිත් ගෙන් අම්ම ඕන විස්තර ඔක්කොම අහ ගත්ත. හාරල අවුස්සල බැලුවම ඒ ගොල්ලො අපිට දුරින් නෑ වෙනව. තේ බීල ඉවර වෙලා අපි ගියා ආපහු මගේ කෑල්ලට. මම අමිත්ට මගේ ටී ෂර්ට් එකකුයි ෂෝර්ට් එකකුයි දුන්න. කෝකටත් කියල අපි දෙන්න වෙන වෙනම නෑව. බැරි වෙලාවත් අම්ම ආවොත්. මම මුලින්ම නෑව. අමිත් නාන අතරතුරේ මම සාගරයි චානකයි දුන්න ෆයිල් බැලුව. හෙට ආපහු කතා කරන්න වෙයි ඒ ගැන. අමිත් නාල එලියට එනකොට මම බරටම වැඩ. මම හදිස්සි ඊ මේල් වගයක් චෙක් කර කර හිටියෙ.

"අමිත් මට විනාඩි පහක් දෙන්න මම ඉක්මනට මේක ඉවර කරල එන්නම්. කම්මැලි නම් ටීවී එක බලන්න. "

මම වැඩ ඉවර කරල ගියා අමිත් ගාවට.

"මට කියන්නකො ඔයාගෙ ජීවිතේ ගැන විස්තර... මම මුකුත් දන්නෙ නෑනෙ ඔයා ගැන."

"හ්ම්ම්.. කොහෙන්ද පටන් ගන්නෙ ?"

"පොඩි කාලෙන් පටන් ගන්න."

මම අමිත්ට මගේ පොඩිකාලෙ විස්තර කිව්ව. මම ඉගන ගත්තු හැටි, ගොඩක් අඩු වයසින් london O/L, A/L කරල අවුරුදු 17 වෙනකොට ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වල යුනිවසිටි එකකට ගිය එක ගැන, ඔය ඔක්කොම කිව්ව. ඒ ටික කියල ඉවර වෙනකොට අම්ම කතා කලා කෑම කන්න. කෑම මේසෙ පිරෙන්න කෑම. ආප්ප, ඉඳි ආප්ප, පාන්, බත්, රොටි ඔක්කොම තියෙනව. පව් වැඩේ අසරණ කුසුමා කෑම හදල එපා වෙන්න ඇති අද. කුසුමා විතරක් නෙමේ මට අමිතුත් පව් කියල හිතුන. අම්ම ලඟ ඉඳගෙන මේ ටිකේ හරියට කන්නත් නැතුව ඇති කියල බලෙන්ම කවනවා.

කොහොම හරි අපි කාල ඉවර වෙලා ආපහු උඩට ගියා. මම මගේ කෑල්ලට ඇතුල් වෙන දොර වහල ලොක් කලා. අමිත් ගිහින් සෝෆා එකේ කෙලවරක වාඩි උනා. මම ඒකෙ හාන්සි වෙලා අමිත්ගෙ උකුලෙන් ඔලුව තිබ්බා. එයා මගේ කෙස් අතරින් ඇඟිලි දාල ඔලුව අතගෑව.

"ඔයාගෙ කලින් boy friend ගැන පස්සෙ කියන්නම් කිව්වෙ. දැ කියනවද ?" අමිත් ඇහුව.

ඒක තමා කතා කරන්න අමාරුම දේ. අඞන්නෙ නැතුව ඒ ගැන කතා කරන්න මට බෑ.

"එයාව මට හම්බ උනේ මම ලොස් ඇන්ජලීස් ඉන්න කාලෙ. කෙවින් එයගෙ නම. ඇමෙරිකන්. මමයි අරුනුයි දෙන්නම යුනිවසිටි පටන් ගන්න සති දෙකකට කලින් එහාට ගියා. පලවෙනි අවුරුද්දෙ අය කැම්පස් හොස්ටල් එකේ ඉන්න ඕනෙ. ඒක නීතියක්. අපි දෙන්නටම එක කාමරයක් හම්බ උනේ. අපිට ඕන පොත් ලිස්ට් එක කලින්ම හම්බ වෙලා තිබුන. අපි ගියා එක දවසක් හවස ඒ පොත් ගන්න කියල. කැම්පස් එකේ ඉඳල විනාඩි 10ක් විතර ඇවිද්දම තියෙනව ලොකු බුක් ෂොප් එකක්. අපිට කීප දෙනෙක්ම කිව්ව ඒක හොඳයි කියල. ඒ බුක් ෂොප් එක තට්ටු 3ක එකක්. මාර ලොකුයි. අපි දෙන්න කැරකි කැරකි ඉන්නකොට තමා එයා අපි ලඟට ආවෙ. එයා අපෙන් ඇහුව අපිට උදව්වක් ඕනෙද කියල. අපි පොත් ලිස්ට් දෙක දුන්න. එයා ටක් ගාල අපිට ඔක්කොම ටික තෝරල දුන්න. එහෙම තමයි මට එයාව හම්බ උනේ."

මම ඇස් දෙක තද කරල පියාගත්තෙ කඳුලු එන එක නවත්තන්න. මට අද වගේ මතකයි එදා තාමත්.

.............................................................................

"can i help you two sir ?"

"you certainly can"

අරුන් උත්තර දුන්නෙ ඒ කොල්ලගෙ උඩ ඉඳන් පහලට දෙතුන් පාරක් බලල. නොදකින් මූට ඇහැට කනට පේන කොල්ලෙක්ව පේන්න බෑ. හැබැයි කියල වැඩක් නෑ කොල්ල නම් මරේ මරු. හිනා වෙනකොට වොට් 1000 ක බල්බ් එකක් දැම්ම වගේ. මට සින්දුවකුත් මතක් උනා. "ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එලියයි උඹෙ හිනාව........"
මම අපේ පොත් ලිස්ට් දෙක එයා අතට දුන්න.

එයා ලිස්ට් දෙකත් අරන් එහාට මෙහාට ගිහින් පොත් ටික තෝරනවා. මමත් නිකන් කව්ද වගේ පස්සෙන් ගියා. ටික වෙලාවකට පස්සෙ මම බැලුවෙ අරුන් කෝ කියල. මූ තව කොල්ලෙක්ට ලයින් දානව. ඒකත් හොඳයි මෙයාව මට තනියම තියා ගන්න පුලුවන්.

"ඔක්කොම හරි"

ආයෙත් අර හිනාව දාල එයා කිව්ව. මගේ gaydar එක ඕවර්ටයිම් වැඩ. සිග්නල් නම් එනවා. ඒ උනාට ෂුවර් නෑනෙ. නිකන් දත් ටික බඩට යවා ගන්න ඔනෙ නෑනෙ. බලමුකො තව ටිකක්. මම එයාට ස්තූති කරල පොත් වලට සල්ලි ගෙවල අරුන්වත් ඇදගෙන ආපහු හොස්ටල් එකට ගියා.

.......................................................................

"ඉතින් ඊට පස්සෙ ?" අරුන්ගෙ කටහඞින් මම ආපහු පියවි ලෝකයට ආව.

"අපි නිතරම එ බුක් ෂොප් එකට ගියා. ඒ අතරෙදි අපි කතාබහ කරල අඳුන ගත්තා. දවසක් අපිට එයාව හම්බ උනා gay club එකකදි. එදා ඉතින් අපි දෙන්නට දෙන්න මාට්ටු. එදා මම හොස්ටල් එකේ වෙනුවට රෑ ගත කලේ එයාගෙ අපාර්ට්මන්ට් එකේ. අපි අවුරුදු 2ක් එකට හිටියා."

"ඇයි ඔය දෙන්න වෙන් උනේ."

"එයා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා."

1 අදහස්:

mama oyage kathawa ada ude 4.00 idan kiyewwa.lassana,adaraya hithena,duka ekathu una katahawak.subapathanawa oyala dennata.ayeth liyanna.satutin inna.

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ