මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

පසුගිය කොටසින්...

"ඇයි ඔය දෙන්න වෙන් උනේ."
"එයා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා."


අද එතැන් සිට....


මට තව දුරටත් කඳුලු නවත්තගෙන ඉන්න බැරි උනා. සොරොව්ව ඇරිය වගේ මම අඞනවා. අමිත් මොනා කරන්නද කියල හිතා ගන්න බැරුව බලාගෙන ඉන්නව. එයා අන්තිමට මගේ ලඟට ඇවිත් මාව බදා ගත්තා. මම අමිත්ගේ උරහිසේ ඔලුව තියාගෙන මගේ දුක යනකම් ඇඞුවා. අමිත් මගේ ඔලුව අතගගා හිටිය. සැරින් සැරේ මගේ නලල ඉඹ ඉඹ මගෙන් සමාව ඉල්ලුවා. ටික වෙලාවකින් මම ඇඞුම නැවැත්තුවා. දැන් මට ලැජ්ජයි. ඒ වගේම බයයි අමිත් මම මගේ ප‍රණ කොල්ල ගැන හිත හිත අඞපු එක ගැන මොනා හිතයිද කියල.

"අපි නිදා ගමුද"

අමිත් ඇහුවා. මම ඔලුව වනල නැගිට්ට. වැඩි කතා බහක් නැතුව අපි නිදාගත්ත. වෙන මුකුත් කරන්න තරම් මානසික ශක්තියක් මට ඉතුරු වෙලා නෑ. මට ඔක්කොමට වඩා දැන් බය අමිත්ට මාව එපා වෙයිද කියල. එයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයිද ? මගේ අතීතය වර්තමානයේ හොල්මන් කරයිද ? වෙනද වගේම අමිත් මට තුරුලු උනා. ඒකෙන් හිතට පොඩි සැනසීමක් ලැබුන. ඇස් දෙක පියාගෙන නිදාගන්න උත්සාහ කලත් මට නින්ද යන්නෙ නම් නෑ. අමිත්ට නින්ද ගිහින්. එයා නින්දෙන්ම අනිත් පැත්තට හැරුනා. මම නැගිටල එලියට ගියා.

මම බ්ලැන්කට් එකකුත් අරං බැල්කනි එකට ගියා. බ්ලැන්කට් එකෙන් මාව ඔතාගෙන මම එතන තිබුන වේවැල් පුටුවෙ ගුලි ගැහුන. සාමාන්‍යයෙන් තරු පිරිල තියෙන අහසෙ එක තරුවක් වත් නෑ. අහසත් මූසල පාටයි. ටික වෙලාවකින් අමිත් ආව මාව හොයාගෙන.

"මොනාද මේ මහරෑ තනියම මෙතනට වෙලා කරන්නෙ ?"

"නින්ද යන්නෙ නෑ බබා."

"එන්න එහෙනම් මාත් එක්ක කතා කර කර ඉන්න තනියම මෙතනට වෙලා ඉන්න එපා."

මම නැගිටල අමිත්ගෙ පස්සෙන් ගියා. මම සෝෆා එකෙන් වාඩි උනා.

"මම තේ එකක් හදන්නද ?"

මම ඔලුව වැනුව. අමිත් විනාඩි 5න් තේ හදාගෙන ආව. මගේ අතට තේ එක දීල මගේ ලඟින් වාඩි උනා.

"මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ ? කෙවින්ද ?"

"ඒකත් එකක්"

"මොනාද අනිත් ඒව. මට කියන්න පුලුවන් ඒව නම් කියන්න. සමහර විට මට උදව් කරන්න පුලුවන් වෙයි."

මම තේ උගුරක් බීල අමිත් දිහා බැලුව. ඒ ඇස්දෙකේ තිබ්බෙ අවංකව මා ගැන ඇතිවෙච්ච හැඟීම් කියල මට තේරුම් ගන්න අපහසු උනේ නෑ. හරියන්න හරි වරදින්න හරි මේව එයත් එක්ක කතා කරල ඉවර කරගන්න ඕනෙ.

"අමිත් මම දන්නව අපි දෙන්න හම්බ වෙලා තාම ටික දවස යි කියල. ඒ උනත් ඔයාට මම කලිනුත් කිව්ව වගේ ඔයාගෙ ගැන මගේ තියෙන හැඟීම ගොඩක් ලොකු එකක්. මම හිතනවා ඔයත් මගේ ගැන එහෙමම හැඟීමකින් ඇති කියල. "

"අනිවාර්යෙන්ම. මගේ හිතේ ඔයා ගැන තියෙන්නෙ ලොකු කැමැත්තක්, ගෞරවයක්."

අමිත් උත්තර උන්න.

"මට බයයි මගේ අතීතය අපේ වර්තමානයට කරදරයක් වෙයිද කියල."

"ඒ කොහොමද ?"

"කෙවින් කියන්නෙ මගේ පලවෙනි ආදරේ. මම මැරෙන තුරාවට ඒක එහෙම තමා. ඒ උනත් එයා ආපහු එන්නෙ නෑනෙ. මම මගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ. නමුත් මට කෙවින්ව අමතක කරන්න බෑ. එය මගේ හදවතේ කොනක ඉන්නවා. මට බයයි ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල"

අමිත් කතාවක් නැතුව කල්පනා කරනව. මගෙ හදවත කඩා වැටුන. මේකද අමිත්ගෙයි මගෙයි සම්භන්ධයේ අවසානය ?

"බබා මොනා හරි කියන්න ප්ලීස්. කතා නැතුව ඉන්න එපා"

"ඔයා කෙවින්ට ආදරය කරන තරමින් භාගයක්වත් මට ආදරය කරනවනම් මම මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මිනිහ කියල මම හිතා ගන්නම්."

මම අමිත්ව තද කරල බදා ගත්තා. අපි දෙන්නගෙම ඇස් වලින් කඳුලු බේරෙනවා.

"මම ආදරෙයි බබා. මම මගේ මල්ලි බබාට ගොඩක් ආදරෙයි."

"මමත් මගේ අයියට ආදරෙයි."

අපි දෙන්න දෙන්නගෙ කඳුලු පිහිදා ගෙන නිදා ගන්න ඇඳට ගියා.

පහුවදා උදෙත් වෙනදා විදියටම අපි නාල කාල එලියට බැස්ස. මම අමිත්ව හොස්පිටල් එකට දාල ඔෆීස් එකට ගියා. සුපුරුදු විදියට සුමුදු කඩාපාත් උනා. උදේ පාන්දර සුමුදු මට ලෙක්චර් එකක් දුන්නා වැඩ අතපසු කිරීම ස්ම්භන්ධයෙන්. මම ඉතින් ගොනා වගේ අහන් හිටිය. ඇත්තනෙ කතාව. මේ ටිකේ මම අමිත්ගෙ පස්සෙනෙ දිව්ව මිසක් වැඩක් කලේ නෑනෙ. මම සුමුදුට පොරොන්දු උනා අද 5 වෙනකං ඔෆීස් එකේ ඉන්නව කියල. සුමුදු හිනාවේගෙන යන්න ගියා. මම ඊලඟට නිමල්, අපේ ඩ්‍රයිවර්ට කතා කරල කිව්ව දවල්ට හොස්පිටල් එකට යන්න කියල. මම නිමල්ට අමිත්ගෙ නම්බර් එක දුන්න. අමිත්ට කතා කරල නිමල්ගෙ නම්බර් එක දුන්න.

මම සුමුදුට කතා කරල දිමුතුව එවන්න කිව්ව. එයා තමා අපේ සේල්ස් පැත්ත බලා ගත්තෙ.

"මොකද්ද දිමුතු මේ මැගසින් කතාව ?"

දිමුතු මට එයාගෙ අදහස් පැහැදිලි කරල විස්තර කලා. මිනිහ නිකම්ම නෙමේ ඇවිත් තියෙන්නෙ. හොඳට හොයල බලල විස්තර අරන් ඇවිත් තියෙන්නෙ.

"අපි හිතමු අපි මේක කරනව කියල. දිමුතුට පුලුවන්ද තියෙන වැඩ එක්ක මේකත් කරන්න ?"

"සර් මම දන්නව සර් අලුතින් marketing maneger post එකක් දාන්න යනව කියල. තව සේල්ස් වලට තුන් දෙනෙක් ගන්නව කියලත් මම දන්නව. එතකොට මට මෙච්චර වැඩ හිටින එකක් නෑ"

"සාගරයි මමයි කතා උනේ marketing manager post එකට දිමුතුට දෙන්න."

මිනිහගේ කට ඇරුන.

"ම...ම.... මට ?"

මම ඔලුව වැනුව.

"තැන්ක්යු සර්. මම මොනා කියනද කියල මම දන්නෙ නෑ. මගේ පෝස්ට් එක මොකක් උනත් මැගසින් එක කරන්න මම කැමතියි සර්. අපි ඉක්මනට පටන් ගත්තොත් අලුත් බිල්ඩින් එක ඕපන් කරන දවසට මේකත් ලෝන්ච් කරන්න පුලුවන්."

"මම අද හවස මගේ තීරණය කියන්නම්."

මම සුමුදු, චානක,සාගර එක්ක ඒගැන කතා කලා. හැම දෙනාගෙම අදහස උනේ ඒක හොඳ අදහසක් කියල. මම දිමුතුට කතා කරල ඕකේ එක දුන්න වැඩ පටන් ගන්න. අමිත් කතා කරල කිව්ව වාහනේ ආව කියල. මම පොරොන්දු උනා හවස එන්නම් කියල. දවස එහෙමම ගෙවිල ගියා. 4.30 ට විතර මම අමිත්ට කෝල් කලා.

"මල්ලි බබා මොනාද කරන්නෙ ?"

"ගෙදර ආවෙ ටිකකට කලින්. නර්සුත් ආව. මම මේ නිකන් ඉන්නවා කම්මැලියි."

"මම තව ටිකකින් මෙහෙන් එනවා."

"ඕකේ see you soon. love ya"

"love you too බබා"

පසුගිය කොටසින්...

"මට මේක විතරක් කියන්නකො. ඔයාට boy friends ල ඉඳල තියෙනවද ?" "ඔව්. එක්කෙනෙක්. මම කැම්පස් කාලෙ. මම ඒ ගැන විස්තර කියන්නම් පස්සෙ." "ඕකේ"

අද එතැන් සිට....

අපේ ගෙදර ගරාජ් එක ලොකු එකක්. අනාගතය ගැන හිතල වාහන 3ක් දාන්න පුලුවන් විදියට ඒක හදල තියෙන්නෙ. ගේ ප්ලෑන් කරනකොට මමයි තාත්තයි මල්ලියි රණ් ඩු නොවී එකඟ උනේ ඒකට විතරයි. මම ඇමරිකාවෙ ඉඳල ආවට පස්සෙ ගරාජ් එකේ වහල ගලවල ස්ලැබ් එකක් දාල ඒක උඩ් පොඩි අපාර්ට්මන්ට් එකක් හදාගත්ත මට. ඒකට ඇතුල් වෙන්න පුලුවන් වෙනමම පිටිපස්සෙ පාරෙන්. ඒ නිසා මගේ ස්වාධීනත්වය ගොඩක් ආරක්ෂා උනා. මට කාව හරි ගෙදර එක්ක එන්න ඕන නම් ගෙදර අය දන්නෙ නැතුවම එක්ක එන්න පුලුවන්. මට අමිත්ව පිටිපස්සෙන් හංගල ගේන්න ඕනෙ නෑ. ඒ නිසා මම ඉස්සරහ පැත්තෙන් ආව. අම්ම ආව එලියට කව්ද ආවෙ කියල බලන්න.

"අම්මෙ මේ තමා අමිත්"

"හෙලෝ ආන්ටි"

මම අම්මට අමිත්ට වෙච්ච කරදර ගැන කියල තිබ්බෙ. ඒ නිසා අම්ම එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අපෙ අම්ම හරි කැමතියි ආගන්තුක සත්කාරයට. අද ඉතින් කන්න හම්බවෙයි ඉස්මුරුත්තාව එනකම්.

"පුතා මේ ලමයට මාරු කර ගන්න ඇඳුමක් දෙන්න. මම ඉක්මනට තේ හදන්නම්. මම ගෙස්ට් රූම් එක ලෑස්ති කරන්නද ?"

අම්මට පිස්සුද මන්ද අමිත්ව නිදි කරවයි වෙන කාමරේක මම.

"ඕන නෑ අම්මෙ මගේ කෑල්ලෙ ඉන්න පුලුවන්."

මගේ ගරාජ් අපාර්ට්මන්ට් එකට කට්ටිය කිව්වෙ සයුරුගෙ කෑල්ල කියල. යාලුවො ආවම මාත් එක්ක නිදා ගන්න නිසා අම්මට එච්චර ප්‍රශ්නයක් උනේ නෑ අමිත් මගේ කෑල්ලෙ නිදා ගන්නවට. මම අමිත්ව එක්කගෙන ගියා මගේ කෑල්ලට.

"ෂා මරුනෙ. ඔයා මේක තියාගෙන මොකටද තව මොකටද අපාර්ට්මන්ට් එකක් ගත්තෙ. ?"

"මම තව කාත් එක්ක හරි ජීවත් වෙන්න ගත්තොත් ඉතින් මේක මදිනෙ. අනික මගේ ගැන ඇත්ත දැනගත්තොත් මට කොහොමත් ගෙදරින් යන්න තමා වෙන්නෙ. ඒ නිසා කෝකටත් ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. අනික අලුත් අපාර්ට්මන්ට් එක අලුත් ඔෆීස් එකට ගොඩක් ලඟයි."

"දැන් එකට ජීවත් වෙන්න කෙනෙක් හම්බ වෙලාද ඉන්නෙ ?"

"එක්කෙනෙක් ගැන අදහසක් නම් තියෙනවා. බලන්න ඕනෙ ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල."

අම්ම තේ බොන්න කතා කල නිසා එයින් එහා කතාව ගියේ නෑ. තේ බොන අතරතුරේ අමිත් ගෙන් අම්ම ඕන විස්තර ඔක්කොම අහ ගත්ත. හාරල අවුස්සල බැලුවම ඒ ගොල්ලො අපිට දුරින් නෑ වෙනව. තේ බීල ඉවර වෙලා අපි ගියා ආපහු මගේ කෑල්ලට. මම අමිත්ට මගේ ටී ෂර්ට් එකකුයි ෂෝර්ට් එකකුයි දුන්න. කෝකටත් කියල අපි දෙන්න වෙන වෙනම නෑව. බැරි වෙලාවත් අම්ම ආවොත්. මම මුලින්ම නෑව. අමිත් නාන අතරතුරේ මම සාගරයි චානකයි දුන්න ෆයිල් බැලුව. හෙට ආපහු කතා කරන්න වෙයි ඒ ගැන. අමිත් නාල එලියට එනකොට මම බරටම වැඩ. මම හදිස්සි ඊ මේල් වගයක් චෙක් කර කර හිටියෙ.

"අමිත් මට විනාඩි පහක් දෙන්න මම ඉක්මනට මේක ඉවර කරල එන්නම්. කම්මැලි නම් ටීවී එක බලන්න. "

මම වැඩ ඉවර කරල ගියා අමිත් ගාවට.

"මට කියන්නකො ඔයාගෙ ජීවිතේ ගැන විස්තර... මම මුකුත් දන්නෙ නෑනෙ ඔයා ගැන."

"හ්ම්ම්.. කොහෙන්ද පටන් ගන්නෙ ?"

"පොඩි කාලෙන් පටන් ගන්න."

මම අමිත්ට මගේ පොඩිකාලෙ විස්තර කිව්ව. මම ඉගන ගත්තු හැටි, ගොඩක් අඩු වයසින් london O/L, A/L කරල අවුරුදු 17 වෙනකොට ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් වල යුනිවසිටි එකකට ගිය එක ගැන, ඔය ඔක්කොම කිව්ව. ඒ ටික කියල ඉවර වෙනකොට අම්ම කතා කලා කෑම කන්න. කෑම මේසෙ පිරෙන්න කෑම. ආප්ප, ඉඳි ආප්ප, පාන්, බත්, රොටි ඔක්කොම තියෙනව. පව් වැඩේ අසරණ කුසුමා කෑම හදල එපා වෙන්න ඇති අද. කුසුමා විතරක් නෙමේ මට අමිතුත් පව් කියල හිතුන. අම්ම ලඟ ඉඳගෙන මේ ටිකේ හරියට කන්නත් නැතුව ඇති කියල බලෙන්ම කවනවා.

කොහොම හරි අපි කාල ඉවර වෙලා ආපහු උඩට ගියා. මම මගේ කෑල්ලට ඇතුල් වෙන දොර වහල ලොක් කලා. අමිත් ගිහින් සෝෆා එකේ කෙලවරක වාඩි උනා. මම ඒකෙ හාන්සි වෙලා අමිත්ගෙ උකුලෙන් ඔලුව තිබ්බා. එයා මගේ කෙස් අතරින් ඇඟිලි දාල ඔලුව අතගෑව.

"ඔයාගෙ කලින් boy friend ගැන පස්සෙ කියන්නම් කිව්වෙ. දැ කියනවද ?" අමිත් ඇහුව.

ඒක තමා කතා කරන්න අමාරුම දේ. අඞන්නෙ නැතුව ඒ ගැන කතා කරන්න මට බෑ.

"එයාව මට හම්බ උනේ මම ලොස් ඇන්ජලීස් ඉන්න කාලෙ. කෙවින් එයගෙ නම. ඇමෙරිකන්. මමයි අරුනුයි දෙන්නම යුනිවසිටි පටන් ගන්න සති දෙකකට කලින් එහාට ගියා. පලවෙනි අවුරුද්දෙ අය කැම්පස් හොස්ටල් එකේ ඉන්න ඕනෙ. ඒක නීතියක්. අපි දෙන්නටම එක කාමරයක් හම්බ උනේ. අපිට ඕන පොත් ලිස්ට් එක කලින්ම හම්බ වෙලා තිබුන. අපි ගියා එක දවසක් හවස ඒ පොත් ගන්න කියල. කැම්පස් එකේ ඉඳල විනාඩි 10ක් විතර ඇවිද්දම තියෙනව ලොකු බුක් ෂොප් එකක්. අපිට කීප දෙනෙක්ම කිව්ව ඒක හොඳයි කියල. ඒ බුක් ෂොප් එක තට්ටු 3ක එකක්. මාර ලොකුයි. අපි දෙන්න කැරකි කැරකි ඉන්නකොට තමා එයා අපි ලඟට ආවෙ. එයා අපෙන් ඇහුව අපිට උදව්වක් ඕනෙද කියල. අපි පොත් ලිස්ට් දෙක දුන්න. එයා ටක් ගාල අපිට ඔක්කොම ටික තෝරල දුන්න. එහෙම තමයි මට එයාව හම්බ උනේ."

මම ඇස් දෙක තද කරල පියාගත්තෙ කඳුලු එන එක නවත්තන්න. මට අද වගේ මතකයි එදා තාමත්.

.............................................................................

"can i help you two sir ?"

"you certainly can"

අරුන් උත්තර දුන්නෙ ඒ කොල්ලගෙ උඩ ඉඳන් පහලට දෙතුන් පාරක් බලල. නොදකින් මූට ඇහැට කනට පේන කොල්ලෙක්ව පේන්න බෑ. හැබැයි කියල වැඩක් නෑ කොල්ල නම් මරේ මරු. හිනා වෙනකොට වොට් 1000 ක බල්බ් එකක් දැම්ම වගේ. මට සින්දුවකුත් මතක් උනා. "ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එලියයි උඹෙ හිනාව........"
මම අපේ පොත් ලිස්ට් දෙක එයා අතට දුන්න.

එයා ලිස්ට් දෙකත් අරන් එහාට මෙහාට ගිහින් පොත් ටික තෝරනවා. මමත් නිකන් කව්ද වගේ පස්සෙන් ගියා. ටික වෙලාවකට පස්සෙ මම බැලුවෙ අරුන් කෝ කියල. මූ තව කොල්ලෙක්ට ලයින් දානව. ඒකත් හොඳයි මෙයාව මට තනියම තියා ගන්න පුලුවන්.

"ඔක්කොම හරි"

ආයෙත් අර හිනාව දාල එයා කිව්ව. මගේ gaydar එක ඕවර්ටයිම් වැඩ. සිග්නල් නම් එනවා. ඒ උනාට ෂුවර් නෑනෙ. නිකන් දත් ටික බඩට යවා ගන්න ඔනෙ නෑනෙ. බලමුකො තව ටිකක්. මම එයාට ස්තූති කරල පොත් වලට සල්ලි ගෙවල අරුන්වත් ඇදගෙන ආපහු හොස්ටල් එකට ගියා.

.......................................................................

"ඉතින් ඊට පස්සෙ ?" අරුන්ගෙ කටහඞින් මම ආපහු පියවි ලෝකයට ආව.

"අපි නිතරම එ බුක් ෂොප් එකට ගියා. ඒ අතරෙදි අපි කතාබහ කරල අඳුන ගත්තා. දවසක් අපිට එයාව හම්බ උනා gay club එකකදි. එදා ඉතින් අපි දෙන්නට දෙන්න මාට්ටු. එදා මම හොස්ටල් එකේ වෙනුවට රෑ ගත කලේ එයාගෙ අපාර්ට්මන්ට් එකේ. අපි අවුරුදු 2ක් එකට හිටියා."

"ඇයි ඔය දෙන්න වෙන් උනේ."

"එයා කාර් ඇක්සිඩන්ට් එකකින් නැති උනා."

පසුගිය කොටසින්...

අපිට කතා කරන්න තිබ්බෙ එච්චරයි. මම ආපහු මගෙ රූම් එකට ගියා. අමිත් ජනේලෙන් එහා අහස දිහා බලාගෙන ඉන්නවා. මම ගිහින් පිටිපස්සෙන් බදා ගත්ත.


අද එතැන් සිට....

"මොනාද මේ බරටම කල්පනා කරන්නෙ ?"

මම ඇහුවේ අමිත්ගේ කන හිමීට ආදරෙන් හපන ගමන්. අමිත් ඒකට හරි කැමතියි. එයා එහෙමම මගේ ඇඟට බර උනා. අපි දෙන්න විනාඩියක් දෙකක් එහෙමම හිටියා.

"බබා අපි යන්ද ?"

"යං"

මම මගේ බෑග් එක අතට ගන්නවත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුන.

"come in"

"සර් යන්නද ?" ඒ අපේ showroom manager අසංක.

"යන්නනම් තමයි කමක් නෑ අසංක කියන්න."

"මේ පාර අපිට ආව decorative stock එක නම් එච්චර හොඳ නෑ සර්. විශේෂ වරදක් කියන්න නැති උනත් සර් ගිහිල්ල තෝරල ගෙනාව වගේ නම් නෑ. අනික ඉතින් ඒජන්ට් හිතන්නෙ ලාභෙ ගැන මිසක් තත්වය ගැන නෙමෙයිනෙ."

"මම දන්නව අසංක. මම හිතන්නෙ අපි ගිහින් කෙලින්ම craftsmen ල එක්ක ඩීල් කලොත් හොඳයි. භාෂාව තමා ප්‍රශ්නෙ. අසංකට පුලුවන්ද තායි කතා කරන්න පුලුවන් කෙනෙක්ව හොයා ගන්න. ඕන නම් පත්තරේ ඇඩ් එකක් දාන්න. හැබැයි කම්පැණි නම දාන්න එපා."

"ඕකේ සර්. මම හොයා ගන්නම්."

අසංක යන්න හිහින් ආපහු හැරිල ආව.

"by the way sir. congratulations good choice."

මිනිහ කිව්වෙ අමිත් දිහා බලල ඇහැකුත් ගහල. අසංක ගියා. මමයි අමිතුයිත් ගියා හොස්පිටල් එකට. ජෝඩුව බර කතාවක.

"ජෝඩුව අද කොහෙද රවුම් ගැහුවෙ ?"

මගේ මූණ රතු උනා. ඒ උනාට අමිත්ට නම් ගානක් නෑ. අපි දෙන්න ගියපු දිහාවල් කරපු දේවල් විස්තර කර කර කිව්ව. හැබැයි මම කන විකපු එක නම් කිව්වෙ නෑ.

"හෙට මට ගෙදර යන්න පුලුවන් කියල ඩොක්ටර් කිව්ව."

ආන්ටි එහෙම කිව්වෙ මම හොහොමද කියල ඇහුවම. මම අංකල් ගෙනුත් ඇහුවා කොහොමද කියල.

"මටත් හෙට යන්න පුලුවන්. හැබැයි ගෙදර ගෙනියන්න නර්ස් කෙනෙක් ගන්න වෙනවා."

"මම එක්කෙනෙක්ව හොයල බලන්නද අංකල් නැත්නම් අංකල් දන්න කෙනෙක් ඉන්නවද ?"

"මම දන්න එක්කෙනෙක්ට කතා කලා පුතා. තෑන්ක්ස්. මේ දවස් ටිකේ පුතා තමන්ගේම පවුලෙ කෙනෙක් වගේ අපිට උදව් කලා. මේවට කොහොමද මම ස්තූති කරන්නෙ ?"

පුතාව මට බන්දල දීල ස්තූති කරන්න පුලුවන්. මට කියන්න හිතුනට කිව්වෙනම් නෑ. හිනාවෙලා නිකං හිටියා.

"කීයටද හෙට ගෙදර යන්න පුලුවන් අංකල් ?"

"2 ට විතර යන්න පුලුවන්"

"මම හෙට ටිකක් වැඩ වැඩී. ඒ උනාට මම වාහනයක් එවන්නම්."

"කරදර වෙන්න එපා පුතා. අපි ටැක්සි එකක් ගන්නම්."

"කිසි කරදරයක් නෑ."

"මම මේ අහන්නමයි හිටියේ පුතා ගෙන්." ආන්ටි අහනවා.

"ඇත්තද මේ කතාවක් යන්නෙ බිස්නස් expand කරන්න යනව කියල."

"ඔව් ආන්ටි අපි අලුත් බිල්ඩින් එකකට යනවා. showroom දෙකම එකතු කරනවා. තව මෙච්චර කල් අතගැහුවෙ නැති ඒවත් පටන් ගන්න යන්නෙ."

ආන්ටි අංකල් දිහා බැලුවෙ 'මම කිව්වෙ' කියන්න වගේ. ඒ මොකද්ද ඒ උනේ. මම නොදන්න දෙයක් එතන වෙන්නෙ. අමිත්ගෙන් අහන්න ඕනෙ. අමිත් මා ගැන මොනා කිව්වද ඒ දෙන්නට කියල මට තාම හරියට අහන්න බැරි උනා. තව ටික වෙලාවක් කතා කර කර ඉඳල අපි දෙන්නම ගෙදර යන්න එලියට බැස්ස.

"අමිත් අද අපේ ගෙදර යමුද ? මට වැඩ වගයක් තියෙනව කරන්න."

"ඔයාගෙ අම්මයි තාත්තයි මොනා හරි කියයිද?"

"ඒ ගොල්ලො මොනාවත් කියන්නෙ නෑ. "

අමිත් ඔලුව වනාගෙන කාර් එකට නැග්ග. අමිත් කල්පනා කරනව මුකුත් කියන්නෙ නෑ.

"මොනාද අද මෙච්චර කල්පනා කරන්නෙ ?"

"ගොඩක් දේවල්. මම ඔයා ගැන හරි පොඩ්ඩයි දන්නෙ. මට ඔයා ගැන දැනගන්න ඕනෙ. ඔයාගෙ පොඩි කාලෙ විස්තර, ඉස්කෝලෙ විස්තර, බිස්නස් එක ගැන. ඔය දේවල් මම මුකුත් දන්නෙ නෑනෙ. ඔයාට කලින් boy friend කෙනක් හිටියද කියලවත් මම දන්නෙ නෑ."

"හරි ඉතින් අපි හම්බ වෙලා තාම දවස් දෙක තුනයි නෙ ගතවුනේ. මම ඔය ඔක්කොම කියන්නම් හිමින් සැරේ. "

"මට මේක විතරක් කියන්නකො. ඔයාට boy friends ල ඉඳල තියෙනවද ?"

"ඔව්. එක්කෙනෙක්. මම කැම්පස් කාලෙ. මම ඒ ගැන විස්තර කියන්නම් පස්සෙ."

"ඕකේ"

පසුගිය කොටසින්...

"අමිත් හරි වෙනස් අරුන්, එයාගෙ ඇස් දිහා බලාගෙන මට මුලු ලෝකෙම අමතක කරන්න පුලුවන්."
"වැඩේ හොඳටම දුර දිග ගිහින් වගේ."

අද එතැන් සිට....

"අනේ මන්ද අරුන් මම තාම එයාට හරියටම මේ මුකුත් කිව්වෙ නෑ. මම ඉක්මන් වෙනව වැඩිද කියලත් මට හිතෙනවා."

"work on it. dont rush things. එයා ඔයාට මොනා හරි කිව්වද ?"

"නෑ. ඒ උනාට අපි දෙන්න කතා උනා මේක නිකම්ම නිකන් sex relationship එකක් නෙමේ කියල. අපි දෙන්න කතා උනේ මේකට ට්‍රයි එකක් දීල බලන්න. මම ඌට ආදරෙයි අරුන්, පැලෙන්න ආදරෙයි. කෙවින්ගෙන් පස්සෙ මගේ ජීවිතේට මේ තරම් ලං උනේ නෑ කිසිම කෙනෙක්. "

මගේ ඇස් දෙකට කඳුලු ආවා. ඒ අමිත් වෙනුවෙන්ද නැත්නම් කෙවින් වෙනුවෙන්ද මම දන්නෙ නෑ. සමහර විට දෙන්නම වෙනුවෙන් වෙන්න ඇති.

"ඔයා තාමත් කෙවින් ගැන හිත හිතා දුක් වෙනවද ?"

"නෑ අරුන්. මට එයාව අමතක වෙන්නෙ නෑ කවදාවත්. එයා මගේ පලමුවෙනි ආදරේ. මම මැරෙන තුරාවට එයාට ආදරේ කරයි. ඒත් එයා ආපහු එන්නෙ නෑනෙ. මම ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ. මට විශ්වාසයි අමිත් එක්ක මට ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් කියල. ඒ උනාට මගේ හිතට වරදකාරී හැඟීමක් එනව අමිත් එක්ක සම්භන්දයක් පටන් ගත්තා කියන්නෙ කෙවින්ව අමතක කලා කියන එකද කියල."

"අහන්න සයුරු, කෙවින් ආපහු එන්නෙ නෑනෙ ඔයා මොනා කලත්. අනික ඔයා හිතනවද කෙවින් ඉන්න තැනක ඉඳල සතුටු වෙනව කියල ඔයා එයා ගැන හිත හිතා දුක් වෙනවට. එයා හැමතිස්සෙම හැම දෙයක්ම කලේ ඔයාගෙ සතුට වෙනුවෙන්. තමන් වෙනුවෙන් නෙමේ නම් ඔයාගෙ සතුට ගැන හිතපු ඒ මනුස්සය වෙනුවෙන් හරි ජීවිතේ ඉස්සරහට යන්න. "

මගේ ඇස් දෙකෙන් කඳුලු බේරෙනවා දැන්.

"දැන් අවුරුදු කීයක්ද ? 5 කටත් වැඩී. කව්රු හරි ඔයාට ලං වෙනකොට ඔයා එයාව අත අරිනව. මේකටත් එහෙම වෙයිද? "

"නෑ අරුන් මට අමිත්ව අතාරින්න බෑ. මම ඌට ආදරෙයි ගොඩක් ආදරෙයි."

"එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑනෙ. අපි කමුද ? බඩගිනියි."

එතනින් පස්සෙ අපි කතා කලේ සාමන්‍ය දේවල්. අරුන් මට එයගෙ ට්‍රිප් එකේ කරපු කියපු ඒව රස කර කර කිව්ව. කාල ඉවර වෙලා අපි දෙන්න එලියට ආව. අරුන් ගියා ගෙදර මම ආපහු ඔෆීස් එකට ගියා. යන අතරමගදි අමිත්ගෙන් කෝල් එකක් ආව.

"අයිය බබා කෑවද ?"

"මම කෑව. බබා කෑවද ?"

"ඔව්. අම්මයි තාත්තයි දෙන්නම නිදි. මම එන්නම් තව ටිකකින්"

"ඕකේ. ඇවිල්ල රිසෙප්ෂන් එකට කියන්න මාව හම්බවෙන්න ආවෙ කියල. එතනින් ඔයාව උඩට එවයි."

"ඕකේ. see you soon"

මම ඔෆීස් එකට ගිහින් ආපහු වැඩ පටන් ගත්තා. පැය භාගයකට විතර පස්සෙ සුමුදු ආව ඔෆීස් එකට අමිත්වත් එක්කගෙන. මට ඇහැක් ගහල සුමුදු ගියා දොරත් වහගෙන. මම නැගිටල ගිහින් අමිත්ව තුරුලු කරගත්තා.

"දැන් මොකටද මට එන්න කිව්වෙ ?"

"මම අර අපාර්ට්මන්ට් එක ගත්ත."

"මරුනෙ. කවද්ද දැන් පදිංචියට යන්නෙ ?"

"පදිංචියට යන්න කලින් ඒක furnish කරන්න ඕනෙනෙ. ඒක නිසා තමා ඔයාට කතා කලේ. මට ඒව තෝරන්න උදව් වෙන්න."

"මම මොනාද interier designing ගැන දන්නෙ. අපේ අම්මගෙන් තමා ඒව අහන්න ඕනෙ."

"හරි හරි මගේ තනියටවත් එන්නකො"

මම ගත්තු අපාර්ට්මන්ට් එකේ අමිත් එක්ක එකට ඉන්න එක ගැන මම හීන මවනවා. ඒ නිසයි මේ වැඩේට එයා ඕන උනේ. එයත් කවද හරි ඉන්න තැනක් නිසා එයාගෙත් අදහස් ගන්න ඕනෙ. මම අමිත්ව එක්කගෙන ගියා අපේ furniture show room එකට.

"අම්මෝ මේකෙ ලොකු, මෙච්චර ලොකු furniture showroom එකකට මම ආවමයි. මීටත් වඩා ලොකු ඒවත් තියෙනවද ?"

"දැනට මීට වඩා ලොකු ඒව තව 3 ක් තියෙනව. the furniture store එක අහල තියෙනවද ? ඒක තමා ලංකාවෙ ලොකුම එක. ඊට අමතරව index living mall එකට අයිති ඒව දෙකක් තියෙනව. ඒ තුනම මීට වඩා ලොකුයි."

තව මාස කීපයකින් මගේ අලුත් showroom එක ඔය ඔක්කොටම වඩා ලොකු වෙන බව මම අමිත්ට කියන්න ගියේ නෑ.

"හරි අපිට මුලින්ම master bed room එකට බලමු........."

අපි 3.45 වෙනකම්ම තේරුවා ඒ උනාට අපාර්ට්මන්ට් එකට ඕන බඩු වලින් බාගයක් වත් තීරණය කර ගන්න බැරි උනා.

"මල්ලි බබා මට මීටින් එකක් තියෙනවා 4ට. ඔයාට ඒක ඉවරවෙනකම් ඉන්න පුලුවන්ද ? දෙන්නම යමු අම්මවයි තාත්තවයි බලන්න. "

"අයියෝ මම එතකන් මොකද්ද කරන්නෙ ?"

"වැඩිම උනොත් පැය භාගයයි. මගේ ඔෆීස් එකෙන් ඉන්න එතකන්. "

අමිත් ඔලුව වනල කැමැත්ත ප්‍රකාශ කලා. මම අමිත්ව ඔෆීස් එකට ඇරලවල කොන්ෆරන්ස් රූම් එකට ගියා. චානක, සාගර, සුමුදු තුන් දෙනාම ඇවිත් හිටියා. චානක, සාගර දෙන්නත් මගේ පොඩි කාලෙ ඉඳල යාලුවො. චානක අපේ finance manager. සාගර human resource manager.

"අද බොස්ගෙ මූණෙ පෙම් හිනාවක් තියෙනව. මොකෝ දන්නෙ නෑ"

සාගර වදේ ගහන්න පටන් ගත්තා. මම හිනා වීගෙන වාඩි උනා.

චානක ෆයිල් එකක් දිග ඇරගෙන කියවන්න පටන් ගත්ත.

"අලුත් බිල්ඩින් එකේ වැඩේට අපි හිතුවට වඩා වියදම යනව. මුලින් හිතුවට වඩා 10% කින් වියදම වැඩී. ඒ ගැන රිපෝර්ට් එකක් මම හැදුවා. "

චානක මට ෆයිල් එක දුන්න. මම ඒක උඩින් පල්ලෙන් බැලුවා.

"මේක ඉතින් අපි බලාපොරොත්තු වුන දෙයක්නෙ. ඒත් මෙච්චර වැඩි වෙයි කියල මම හිතුවෙ නෑ. "

"බෝනස් වැඩේ අවුලක් නෑ බොස්. අපිට ඒක කරන්න පුලුවන්. මම චානක එක්කත් ඒ ගැන කතා කලා."

චානක ඔලුව වනල ඒක අනුමත කලා.

"අපිට තව සේවකයො ගන්න වෙනවා අලුත් තැනට ගියාම. ඒව දැන්මම ඉඳල කලාම අපිට ලේසියි. මේ රිපෝර්ට් එකේ තියෙනව ඒ ගැන විස්තර. බොස් කැමැත්ත දුන්නු ගමන් පත්තරේ දාන්නම් "

සාගරත් මට ෆයිල් එකක් දුන්න.

"දිමුතු මේ ලඟදි මාව හම්බ වෙන්න ඇවිත් අදහසක් දුන්න."

මම ෆයිල් එකෙන් ඔලුව ඉස්සුවා.

"මිනිහ කියනව අපි house & garden වගේ මැගසින් එකක් කරමු කියල."

"අදහසනම් හොඳයි. ඒත් අතින් කයිට් වෙයිද ?"

"මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල, ඒ වගේ හොඳ මැගසින් එකකට හොඳ මාර්කට් එකක් තියෙනවා. ලංකාවේ ඕන තරම් life style මැගසින් තිබ්බත්, house & garden වගේ එකක් නෑ."

"එයාට හෙට මාව හම්බ වෙන්න කියන්නකො"

අපිට කතා කරන්න තිබ්බෙ එච්චරයි. මම ආපහු මගෙ රූම් එකට ගියා. අමිත් ජනේලෙන් එහා අහස දිහා බලාගෙන ඉන්නවා. මම ගිහින් පිටිපස්සෙන් බදා ගත්ත.

පසුගිය කොටසින්...

මම කෝල් එක කට් කරල අමිත් දිහා බැලුව.
"ඒ මොකාද ඒ ?" අමිත් ඇහුව විදිහටනම් පේන්නෙ මිනිහට මල පැනල වගේ.

අද එතැන් සිට....

"ඒ මගේ හොඳම යාලුවා. අරුන්. එයාට ඩාර්ලින් කිව්වටද ඔය මූණ බෙරි කරගෙන ඉන්නෙ ? එයා මගේ යාලුවෙක් විතරයි. ඊට එහා ගිය දෙයක් නෑ."

"එහෙනම් කමක් නෑ" ඇති යන්තම් හිනාවක් ගියා.

"මෙයාට තරහත් යනව එහෙනම්. ඉරිසියාවත් තියෙනව." මම පොඩි නෝණ්ඩි පාරක් දැම්ම.

"මොකද්ද අද මල්ලි බබාගෙ ප්ලෑන් එක ?"

"මුකුත් නෑ."

"මාත් එක්ක ලන්ච් එකට යන්න එනවද? ඔයාට අරුන් වත් හම්බ වෙන්න පුලුවන්."

"අද නෙමේ. වෙන දවසක එන්නම් මම එයාව හම්බ වෙන්න."

"පොඩි වැඩක් තියෙනව ඔයාට එන්න පුලුවන්ද මගෙ ඔෆීස් එකට 2.30 ට විතර. මම ඕන නම් ඔයාව ඇවිත් ගන්නම්. අපි වැඩේ ඉවර වෙලා හොස්පිටල් යමු. "

"මොකද්ද වැඩේ ?"

"ආවම කියන්නම්"

"හරි මම අම්මගෙයි තාත්තගෙයි තත්වෙ බලලා කියන්නම්."

අපි දෙන්න ඊට පස්සෙ නාල (වෙන වෙනම) කාල බීල ගෙයින් එලියට බැස්ස. මම එයාව හොස්පිටල් එකෙන් දාගෙන ඔෆීස් එකට ගියා. මම ගිහින් සීට් එකෙන් වාඩි උනා විතරයි සුමුදු කඩාපාත් උනා.

"මොකෝ මේ ඇස් අමුතු වෙලා ඊයෙ රෑ නිදා ගත්තෙ නැද්ද ?"

"අනේ අපිටනම් හොඳට නින්ද යනව. මගේ කොල්ල උඹේ මිනිහ වගේ ලී ඉරන්නෙ නෑනෙ රෑ පුරා." මමත් උත්තර දුන්න.

"මගේ කොල්ල..... පුහ් වැඩේ එහෙනම් දුර දිග ගිහින් වගේ. කවද්ද අපිට ඔය කුමාරයව බලන්න පුලුවන් ?"

"අද හවස සමහර විට."

මම කට කොණින් හිනා වෙන ගමන් කිව්ව.

"සුමුදු අර අපර්ට්මන්ට් එකේ වැඩේ මොකද උනේ ?"

"ඒ ඔක්කොම හරි අද ඩීල් එක ඉවර කරනව. අද හවස් වෙන්න කලින් ඒකෙ අයිති කාරය බොස් තමා."

"ඕකේ. අද මගේ schedule එක කොහොමද ? 1 ඉඳන් 4 වෙනකන් මොනාවත් තියෙනවද ?"

"නෑ. 4 ට තියෙනවා සාගරයි, චානකයි එක්ක මීටින් එකක් ඒ ඇරෙන්න වෙන මුකුත් වැදගත් දෙයක් නෑ"

"සුමුදු එහෙනම් යං මාත් එක්ක අලුත් බිල්ඩින් එකේ වැඩ කොහොමද කියල බලන්න. "

අපි අලුතින් බිල්ඩින් එකක් ගත්තා. ඒක බලන්න තමා අපි මේ යන්නෙ. මේ දවස් වල ඒකෙ ඇතුල හදනවා. නුගේගොඩ තියෙන home decor showroom එකයි, මහරගම තියෙන furniture showroom එකයි ඔෆීස් එකයි දෙකම එකට එකතු කරන්න පුලුවන් මේක නිසා. මේක මගේ හීනයක්. හදල ඉවර උනාට පස්සෙ ලංකාවෙ ලොකුම furniture shop එක මේක තමා. වැඩ ටික වෙලාවට ප්ලෑන් කරපු විදියටම කෙරීගෙන යනවා. ඊලඟ අවුරුද්දෙ ජනවාරි 1 දා ඕපන් කරන්න හිතාගෙන ඉන්නෙ. ටික වෙලාවක් ඇවිද ඇවිද ඉඳල අපි දෙන්නම ආපහු ඔෆීස් එකට ගියා.

ඔෆීස් එකේ තිබ්බ පොඩි වැඩ ටිකක් ඉවර කරල කොහොමහරි 1 වෙනකොට මම Queen's cafe එකට ගියා. සුපුරුදු විදියට අපේ සුපුරුදු මේසේ අරුන් වාඩි වෙලා හිටිය. අරුන් කියන්නෙ fashion icon එකක්. එයා අද අඳගෙන ඇවිල්ල තියෙන්නෙ ටී ෂ්ර්ට් එකක්ද එහෙම නැත්නම් ගෝනි කඩමාල්ලක්ද කියල මට හිතා ගන්න බෑ.

"ඕයි ගෝනියක් ඔතාගෙන ඇවිත් තියෙන්නෙ, අඳින්න වෙන මුකුත් තිබ්බෙම නැද්ද?"

"අනේ පලයන් යන්න තොපි වගේ හද්දා වන්නියෙ ඉන්න ගොඩයන්ට මේව මැජික් තමා. හරි මගේ ඇඳුම පැත්තකින් තියපන්. මොකද්ද මේ සුභ ආරංචිය ? උඹ බඩ වෙලාද ? තාත්ත කව්ද කියල දන්නවද ?"

"පලයං වේ.... යන්න තෝ හිතුවද මාත් තෝ වගේ හම්බ වෙන හැම එකාටම රෙද්ද උස්සනව කියල ?"

"හරි හරි කියපන්කො මොකද උනේ කියල"

"මට කෙනෙක්ව හම්බ උනා. ඒක සීරියස් යනව."

"යකෝ මම සති දෙකයි ලංකාවෙ හිටියෙ නැත්තෙ ඒ ටිකට උඹ මිනිහෙක් හොයා ගත්තද ?"

"අමිත් මිනිහෙක් නෙමේ. කොල්ලෙක්. තාම 18යි."

"අපෝ බාලාපරාධ"

"කවද ඉඳලද උඹ පොඩි උන්ට කැමති උනේ ? උඹ උඹට වඩා බාල උන්ට කැමති නෑ නේද ?"

"අමිත් හරි වෙනස් අරුන්, එයාගෙ ඇස් දිහා බලාගෙන මට මුලු ලෝකෙම අමතක කරන්න පුලුවන්."

"වැඩේ හොඳටම දුර දිග ගිහින් වගේ."

පසුගිය කොටසින්...
"අමිත්.... කොහෙද ඔයා කැමති? අපේ ගෙදරද ?ඔයාලගෙ ගෙදරද ?" "අපේ ගෙදර" අමිත් කාර් එකට නගින ගමන් කිව්ව.
අද එතැන් සිට....

අමිත්ලගෙ ගෙදරට යනකම්ම වැඩිය කතා බහක් උනේ නෑ. මමත් ඕනවට වඩා කියවන්න ගියෙ නෑ. අපි යන ගමන් කඩේකින් කෑම අරන් ගියා. මම කාර් එක ගරාජ් එකෙන් දාල ගේ ඇතුලට ගියා. ඇතුල් වෙච්ච ගමන්ම අමිත් මාව බදා ගත්තා. මමත් අමිත්ව බදාගෙන එහෙමම හිටියා. පව් කොල්ල තනියම කොහොමද මේ ඔක්කොම දරා ගන්නෙ. මට මාර ආඩම්බරයි අමිත් මේ හැම දෙයක්ම කරපු හැටි ගැන.

"බබී. අපි දෙන්න ගාවම දාඩිය ගඳයි. නාගමුද ?" දාඩිය පිටින් ඉන්න එක තමා මට අප්‍රසන්නම දේ.

අමිත් කතාවක් නැතුවම මගේ අතින් අල්ලගෙන උඩට එක්ක ගියා. කාමරේට ගිහින් අමිත් ඇඳුම් ගලවල බාත්රූම් එකට ගියා. මමත් එයාගෙ පස්සෙන්ම ගියා. අමිත් බාත් ටබ් එක පුරවන්න ටැප් එක ඇරල ටබ් එකේ ගැට්ටෙ වාඩි උනා. මම එයා ලඟට ගිහින් එයාගෙ උරහිසෙන් මගේ අත තිබ්බා. අමිත් මගේ ඉණ වටේ අතදාල මාව බදා ගත්ත. අමිත්ගේ ඔලුව මගේ බඩේ. චුට්ටක් කිචිත් එක්ක. ටබ් එක ඕන ගානට පිරුනම අමිත් ටබ් එකට බැස්ස. මමත් ඇඳුම් ගලවල ටබ් එකට බැස්ස. වැඩි අපහසුතාවයක් නැතුව අපි දෙන්නටම බැහැල ඉන්න පුලුවන් තරම ඒකෙ ඉඩ තියෙනවා. අපි පැය භාගයක් විතර එහෙම්ම හිටිය. රිලැක්ස් කරන්න කියපුම දේ ඒක.

ඊට පස්සෙ අපි නාගෙන එලියට ආව. අමිත් මට එයාගෙ ෂෝර්ට් එකකුයි ටී ෂර්ට් එකකුයි දුන්න අඳින්න. අපි දෙන්න කෑම කන්න පහලට ගියා. අමිත් කෑම එක අතගගා ඉන්නව මිසක් කන්නෙ නෑ.

"අමිත් අතගගා ඉන්නෙ නැතුව ඕක කනවද ?"

"කන්න බෑ. බඩගිනි නෑ. "

"මම කවන්නද ?"

අමිත් ඔලුව වනල පුටුව මගේ ලඟට ඇද ගත්තා. මම කොහොමහරි කරල වදෙන් පොරෙන් බත් එකෙන් වැඩි කොටස කවා ගත්ත. කාල ඉවරවෙලා අපි ගියා ටීවී බලන්න. ඊයෙ වගේම අමිත් මට තුරුලුවෙලා ටීවී බැලුවා. ටික වෙලාවක් ටීවී බල බල ඉන්නකොට දෙන්නටම ඈණුම් එක දෙක යන්න පටන් ගත්ත නිසා අපි ලයිට් ඔක්කොම ඕෆ් කරල නිදා ගන්න ගියා.

"අයියෙ" අමිත් මගේ පපුවට තුරුල් වෙලා මගේ පපුව හිමීට කිස් කලා.

"හ්ම්ම්ම්"

"අපි අද මුකුත් නොකර නිදා ගමුද ? මට අයියට තුරුල් වෙලා නිදා ගන්න දෙන්න."

මම මුකුත් නොකියා අමිත් ගෙ නිකටින් අල්ලල මූණ උස්සල නලල කිස් කලා. අමිත් මට තව ටිකක් තුරුල් උනා. විනාඩියක් දෙකක් යද්දී අමිත්ගේ හුස්ම වැටෙන වේගේ අඩුවුනා. අමිත්ට නම් නින්ද ගියා. මට නින්ද ගියේ ඊට ගොඩ වෙලාවකට පස්සෙ.

...........................................................

පහුවදා උදේ මම නැගිටිනකොට අමිත් නැගිටලා ඉවරයි. එයා පේන්න හිටියෙ නෑ. මම කම්මැලි කමට පෙරලි පෙරලි ඉන්නකොට අමිත් තේ කෝප්ප දෙකකුත් අරගෙන කාමරේට ආව. මගේ නලලට කිස් එකක් දීල මගෙ අතට තේ එක දුන්නු අමිත් ඇඳෙන් වාඩි උනා.

"මට සමා වෙන්න අයියෙ."

"ඒ මොකටද ?"

"මම ඊයෙ හැසිරුනේ හරි නරක විදියට. මම ඔයත් එක්ක හරියට කතා කලෙත් නෑ. රොබෝ කෙනෙක් වගේ හැසිරුනේ. මම ඔයාට ඊයෙ කරපුවට හරියට ස්තූති කලෙත් නෑ."

"පිස්සු කතා කරන්න එපා මල්ලි. තමන්ගෙ දෙමව්පියො ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ ඉන්න කොල්ලෙකුගෙන් මම වෙන මොනා බලාපොරොත්තු වෙන්නද ? ඔයා මේ හැම දෙයක්ම දරාගෙන වැඩ කරපු එක ගැන මට හරි ආඩම්බරයි."

මගේ ෆෝන් එක රින්ග් වෙනවා. කව්ද මේ උදේ පාන්දර ? අරුන් ??? මූ එහෙනම් ලංකාවට ඇවිත්. අරුන් කියන්නෙ මගෙ හොඳම යාලුවා. ඒක නියම චරිතයක් තමා.

"හෙලෝ සෙක්සි" අරුන් බෙරිහන් දෙනවා.

"හායි ඩාර්ලින්" මම උත්තර දුන්න පුරුදු විදියට. අමිත් මං දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.

"මේ listen. i just came. called you first."

"ඉතින් කොහොමද ට්‍රිප් එක ?"

"ට්‍රිප් එක නම් කියලා වැඩක් නෑ. කියන්න ඒවා තියෙනව අම්බානකට."

"ඔව් ඉතින් මම දන්නෙ නැද්ද උඹව. Singapore වල කොල්ලන්ගෙන් භාගයකටවත් වග කියන්න ඇති"

"අපි ඉතින් එහෙම තමා."

"මටත් තියෙනවා කියන්න දේවල්. සුභ ආරංචියක්."

"හරි එහෙනම් අද දවල්ට මම එන්නම් ලන්ච් එකට යමු. "

"ඕකේ. 1 වෙනකොට වරෙන්."

"බායි sweet heart"

"බායි"

මම කෝල් එක කට් කරල අමිත් දිහා බැලුව.

"ඒ මොකාද ඒ ?" අමිත් ඇහුව විදිහටනම් පේන්නෙ මිනිහට මල පැනල වගේ.

පසුගිය කොටසින්...

"අයියෙ තාත්තට ඔයාව බලන්න ඕනලු"
ලොකු හුස්මක් අරගෙන අමිත්ගෙ පස්සෙන් ගියා මම. නැන්දම්ම නම් ෂේප්. බලමු මාමණ්ඩිවත් අල්ලගන්න පුලුවන්ද කියල.


අද එතැන් සිට....

අමිත්ගෙ තාත්තගෙ මූණ සම්පූර්ණයෙන්ම වගේ බැන්ඩේජ් වලින් වැහිලා.

"කොහොමද අංකල්"

"මම හිතපු තරම් බරපතල නෑ පුතා. සති දෙකකින් විතර මට හොඳටම හොඳ වෙයි. බොහොම ස්තූතියි පුතා කරපු උදව් වලට. මම මගේ ජීවිතේ ණයයි පුතාට." අංකල්ගෙ ඇස් දෙකේ කඳුලු.

"පිස්සුද අංකල්. මම කලේ ඕනම මනුස්සයෙක් කරන්න ඕනෙ දේ. ලේ ටිකක් දෙන එක මහ ලොකු දෙයක්ද ? වෙන්න ඕන ඕනම දෙයක් තියෙනවනම් කියන්න අංකල් මම කරන්නම්"

"තැන්ක්යු පුතා."

ඒ වෙලාවෙ ඇපලෝ හොස්පිටල් එකෙන් ආව. අපි එලියට ගියා ඒ අයට වැඩේ කරගන්න දීල. ආ අය බොහොම පරිස්සමින් දෙන්නවම ambulance එකට දාගත්ත. මමයි අමිතුයි මගේ කාර් එකෙන් ඒ පස්සෙන් ඇපොලෝ එකට ගියා. ෆෝර්ම් ගොන්නක් පුරවල, අත්සන් කරල ඉවර වෙලා අපි දෙන්න ගියා අංකල්වයි ආන්ටිවයි බලන්න. ඒ දෙන්නව twin room එකකට දාගන්න පුලුවන් උනා. දෙන්නම එකට ඉන්න නිසා ලේසියි.

"අමිත් ලොකු නැන්දට කතා කරන්න. කියන්න විස්තරේ. ඔයාට තනියම මේව ඔක්කොම කරගන්න බෑනෙ." අංකල් ගෙන් යෝජනාවක්.

"අපෝ මට බෑ. තාත්ත දන්නවනෙ එයාව. ආපහු කවදාවත් එන්නෙ නෑ කියලනෙ එදා ගියේ. මටනම් බෑ එයා එක්ක වැඩ කරන්න. අනික මට මොකටද කව්රුත්? මම පොඩි ලමයෙක් නෙමෙයිනෙ. මෙච්චර වෙලා මම ඔක්කොම කලේ තනියෙන් නෙමේද ? අනික මම ඕන තරම් තනියම ගෙදර ඉඳල තියෙනව්නෙ."

"ඒ උනාට මේ දවස් ටිකේ ඔයා තනියම ගෙදර ඉන්නවට මම කැමති නෑ. ඔයා එක රෑකට වඩා තනියම ඉඳල නෑ."

මම ඉතින් තාත්තගෙයි පුතාගෙයි විවාදෙ බලන් හිටියා. මේක නතරවෙන පාටක් නෑ. දිගටම යනව. මම පැන්න ඉතිං මැද්දට.

"අමිත් මම හිතන්නෙ අංකල් කියන කතාව ඇත්ත. මේ ටිකේ තනියම ඉන්න එක හොම්ද නෑ."

අමිත් මං දිහා රවල බැලුව පිච්චිලා යන තරමට.

"අංකල්, ආන්ටි ප්‍රශ්නයක් නැත්නම් මම අමිත්ව අපේ ගෙදර එක්ක යන්නම්. එහෙම නැත්නම් මට එහෙ අමිත්ගෙ තනියට ඉන්න හරි පුලුවන්."

"අනේ පුතාට කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්" ආන්ටි කිව්වා.

අංකල් වැඩේට එච්චර කැමැත්තක් නැති උනත් ආන්ටිගෙ වචනෙට පිටින් ගියේ නෑ. ඒකත් හරි. මට දැන් ඉතින් මෙතන ඉඳල වැඩක් නෑ. ඔෆීස් එකට ගියානම් වැඩක්වත් කරගන්න තිබුනා.

"අංකල් ආන්ටි මම එහෙනම් යන්නද ඔෆීස් එකේ වැඩ වගයක් තියෙනවා. මම හවස එන ගමන් එන්නම් අමිත්ව ගන්න. "

දෙන්නම මට ආපහු සැරයක් ස්තූති කලා. මම යන්නම් කියල එලියට ආව. අමිතුත් මාත් එක්ක එලියට ආවා.

"මම ගියාට කමක් නැහැ නේද බබා. අද පඩි දවස. මම හිටියොත් හොඳයි. මම හවස් එන්නම් ඔයාව එක්ක යන්න."

අමිත් ඔලුව වනල මට කැමැත්ත දුන්න. ඕන මගුලක් කියල මම කොරිඩෝර් එකේදිම hug එකක් දුන්න. මම නොපෙනී යනකං අමිත් බලාගෙන හිටියා. හවස 2 වෙනකොට ආපහු ඔෆීස් එකට එන්න මට පුලුවන් උනා. මම කොච්චර බිසී උනාද කිව්වොත් මට අමිත්වත් අමතක උනා. 3.30 ට විතර සුමුදු මගෙ ඔෆීස් එකට ආව.

"4 ට schedule කරපු මීටින් එක තියනව නේද ?"

මලා මට දැනුයි ඒක මතක් උනේ. මම අමිත්ව ගන්න එනව කියල පොරොන්දු උනානෙ. දැන් මොකෝ කරන්නෙ ? අමිත්ට කතා කරල බලමු. මම සුමුදුට පොඩ්ඩක් ඉන්න කියල අමිත්ට කල්ල් එකක් ගත්ත.

"හෙලෝ මල්ලි බබා. කොහොමද දැන් දෙන්නට ?"

සුමුදු මං දිහා නෝන්ඩි බැල්මක් දැම්මා. බබා කියපු හින්ද වෙන්න ඇති.

"ඒ දෙන්නම දැන් නිදි. අය්ය බබා කීයටද එන්නෙ."

"ඒක තමා කතා කලේ. 5.30-6 විතර වෙයි. කමක් නැද්ද බබා. වැදගත් මීටින් එකක් තියෙනව තව ටිකකින් ඒකයි."

"කමක් නෑ අයියෙ වැඩ ඉවර කරල එන්නකො."

"ඕකේ බබී see you soon"

මම සුමුදුට කිව්ව මීටින් එක තියමු කියල. හරියට හතරට අපි මීටින් එක පටන් ගත්තා. පහට වැඩ ඉවරයි. මම අමිත්ට කෝල් කරල මං එනව කියල කිව්ව. විනාඩි 20 න් මම හොස්පිටල් එකේ. මම යනකොටත් දෙන්නම නිදි.
අපි දෙන්න ඉන්චාර්ජ් හිටපු නර්ස්ට අපි දෙන්නගෙම නම්බර්ස් දුන්න මොනාහරි තියෙනවනම් කෝල් කරන්න කියල. අපි දෙන්න ආව එලියට.

"අමිත්.... කොහෙද ඔයා කැමති? අපේ ගෙදරද ?ඔයාලගෙ ගෙදරද ?"

"අපේ ගෙදර"

අමිත් කාර් එකට නගින ගමන් කිව්ව.

පසුගිය කොටසින්...

"ඩොක්ටර් මට පුලුවන්ද ඒ දෙන්නව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට මාරු කරන්න. මම කැමති නෑ ඒ දෙන්නව වාට්ටුවක තියන්න. " අමිත් ඩොක්ටර් ගෙන් ඇහුවා.
"ඒ අයට සිහිය ආවම මාරු කලාට කමක් නෑ."
"තෑන්ක්යු ඩොක්ටර්"


අද එතැන් සිට....

අපේ මල්ලියි, නිසලුයිත් ආව මොනාද වෙන්නෙ බලන්න. ඒ දෙන්නටත් අපි විස්තරේ කිව්ව.

"මල්ලි ඔයාගෙ කවුරු හරි නෑදෑ කෙනෙක් ඉන්නවද දැනුම් දෙන්න. කවුරු හරි ලොකු එක්කෙනෙක් ඉන්න ඔනෙ නේද ?"

අපේ මල්ලිගෙ ප්‍රශ්නෙ අමිත් ගාව වැඩිහිටියෙක් නෑ කියල. ඇයි යකො මම ඉන්නෙ කියල කියල කියන්න ඕන උනත් කට පියගෙන හිටිය මම.

එයාලට තව ටිකකින් සිහිය ආවම මම අහල බලල කියනව අය්යෙ. අපේ නෑදෑයො ඔක්කොම වගේ අපිත් එක්ක හිත හොඳ නෑ. අනික මට තනියම වැඩටික කරගන්න පුලුවන්."

අමිත් එහෙම කිව්වෙ මං දිහා බලල මගේ උදව් ඉල්ලන්න වගේ. මම ඔයත් එක්ක ඉන්නවා ඕන එකකට. මම ඒක කටින් කිව්වෙ නැති උනාට මගේ ඇස් දෙක දිහා බලපු එයාට තේරුන බව මම දන්නවා. මගෙ දිහායි අමිත්ගෙ දිහායි මාරුවෙන් මාරුවටබලපු මල්ලි කට වහ ගත්තා.

"දැන් මොන හොස්පිටල් එකටද මාරු කරන්න යන්නෙ ?" මම වඩා වැදගත් ප්‍රශ්නයක් ඇහුව.

"Apollo. තාත්ත වැඩ කරන්නෙ ඒකෙ. මම එහෙට කතා කරල ට්‍රාන්සර් කරන්න ලෑස්ති කරන්නම්."

අමිත් ෆෝන් එකත් අරං පැත්තකට ගියා. තවත් ලේ ඕන වෙන්නෙ නැති නිසා මල්ලිත් ගෙදර ගියා. නිසල් තව ටික වෙලාවක් ඉඳල යන්න ගියා. මමයි අමිතුයි වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා.

"අමිත් පුතා" කවුද එක්කෙනෙක් ඇවිත් කතා කලා.

"තාත්තට සිහිය ආවද ?"

"නෑ අංකල්."

"මම ගිහින් ඩොක්ටර් එක්ක කතා කරල බලන්නම්."

අමිත් මට කිව්ව ඒ තාත්තගෙත් එක්ක වැඩ කරන යාලුවෙක් කියල. එයා ආපහු ඇවිත් අමිත්ට කිව්ව බය වෙන්න දෙයක් නෑ කියල. එයා පර්සනලි එතන ඉඳල ට්‍රාන්සර් කරන වැඩේ කරන්නම් කිව්ව.

"ඔයාගෙ අම්මට සිහිය ආව." නර්ස් කෙනෙක් ඇවිත් කිව්ව.

අමිත් එකපාරටම නැගිටල දිව්වා. මමත් පස්සෙන් ගියා. ඒ උනාට මම ඇතුලට යන්නෙ නැතුව එලියෙන් හිටියා. ටික වෙලාවකින් අමිත් මට කතා කලා. මම ගියා ඇතුලට.

"අම්මෙ මේ තමා සයුරු අය්යා."

අමිත් ගෙ අම්ම බොහොම දුක්බර විදියට හිනා උනා.

"කොහොමද ආන්ටි දැන්"

"පේන් කිලර්ස් දීලනෙ තියෙන්නෙ පුතා. එච්චර දැනෙන්නෙ නෑ. මට අමිත් කිව්ව පුතා කරපු උදව්. මං දන්නෑ කොහොම ස්තූති කරන්නද කියල."

"ඕක මොකද්ද ආන්ටි සුලු දෙයක්නෙ. ඕන දෙයක් තියෙනවනම් කියන්න. අමිත් වෙනුවෙන් ඕන දෙයක්."

හුටා. මම ඕනවට වඩා කියෙව්වද මන්ද. ආන්ටි අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුව. අපි දෙන්නම බිම බලාගෙන. හොරේ මාට්ටු.

"පුතා තාත්තට සිහිය ඇවිත්." යාලු ඩොක්ටර් අංකල් ඇවිත් කිව්ව.

අමිත් ගියා තාත්තව බලන්න. මම හිටිය ආන්ටි ගාව. මට හරි අපහසුතාවයක් දැනෙනවා දැන්. මම හිතුවෙ මට හොඳවයින් අහගන්න පුලුවන් වෙයි කියල.

"පුතා මොනාද කරන්නෙ. තාම ඉගන ගන්නවද ? වැඩ කරනවද ?

මම ඒකනම් බලාපොරොත්තු උනේ නෑ.

"ඇත්තම කිව්වොත් දෙකම ආන්ටි. මට මගේ බිස්නස් එකක් තියෙනවා. ඒ අතරම ඉගනත් ගන්නවා."

"මොනාද ඉගන ගන්නෙ ?"

"ඉන්ටීරියර් ඩිසයින්"

ආන්ටිගෙ මූණ එලිය වැටුන. එයත් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් නෙ. මම හිතුව මගෙ වැඩකිඩ ඔක්කොම පෙන්නන්න ඕනෙ කියල. දෙමව්පියො කව්රුත් එකයි. ඒ අය හොයන්නෙ තමන්ගෙ ලමයට උගත්, පෝසත් කෙනෙක්ව.

"ඇත්තටම ආන්ටි මට Bachelor of Architecture degree එකක් තියෙනවා. ඒකෙ මේ පැත්ත ගැන වැඩිය ඉගැන්නිවෙ නෑ. ඒකයි තව ඉගන ගන්නෙ."

ආන්ටිගෙ හිනාව තව පලල් උනා.

"එතකොට මොකද්ද පුතාගෙ බිස්නස් එක ?"

"ආන්ටි දන්නවද design house එක."

"අපෝ ඔව්. ඒක නොදන්න ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඉන්නවද ලංකාවෙ ?"

"ඒක මගේ"

ආන්ටිගෙ කට ඇරිල ඇස් දෙක ලොකු උනා.

"තනිකර පුතාගෙද ?"

"70% මගේ. ඉතුරු 30% තාත්තගෙ"

එතකොටම අමිත් ආව.

"අයියෙ තාත්තට ඔයාව බලන්න ඕනලු"

ලොකු හුස්මක් අරගෙන අමිත්ගෙ පස්සෙන් ගියා මම. නැන්දම්ම නම් ෂේප්. බලමු මාමණ්ඩිවත් අල්ලගන්න පුලුවන්ද කියල.

පසුගිය කොටසින්...

"අමිත් මොකද උනේ. අමිත්, අමිත් මල්ලි මොකද උනේ ?"
"ඇක්සිඩන්ට් වෙලා"
"ඔහොමම ඉන්න මම පැය භාගෙන් ඔතන."

අද එතැන් සිට....

මම සුමුදුට කතා කරල විස්තරේ කිව්ව. හොඳ වෙලාවට පඩි චෙක් එක ලෑස්ති කරල තිබ්බෙ. මම ටක් ගාල ඒකත් අත්සන් කරල එලියට බැස්ස. පරිස්සමි යන්න කියල සුමුදු කෑගහනවා මට ඇහුන. මම එහෙට යනකොට අඩුම තරමෙ පැය බාගයක් වත් යයි. එතකන් මොකෝ කරන්නෙ ? කාව හරි යවන්න ඕනෙ. කාවද යවන්නෙ ? හරි නිසල්ව යවන්න පුලුවන්. මම කෝල් එකක් ගත්ත නිසල්ට.

"මල්ලි ලොකු උදව්වක් ඕනෙ."

මම නිසල්ට විස්තරේ කිව්ව මිනිහ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉක්මනින් යන්නම් කිව්ව.මම මට පුලුවන් තරම් ස්පීඩ් එකෙන් ගියා. විනාඩි 10 කින් විතර මට කෝල් එකක් ආව නිසල් ගෙන්.

"අයියෙ අපි හොස්පිටල් එකට යනව. ඔයා එහෙට එන්න."

"හරි මම තව පැය කාලකින් එතන."

මම හොස්පිටල් එකට එනකොටම වගේ තමා ඒ දෙන්නත් ආවෙ. මාව දැක්ක ගමන් අමිත් මගේ ලඟට දුවගෙන ආව.

"බය වෙන්න එපා මල්ලි මම ඉන්නවනෙ. ඒ ගොල්ලන්ට මුකුත් වෙන්නෙ නෑ. අපි ගිහින් බලමු." මම අමිත්ගෙ උරහිස වටේ අත දාල මගේ ලඟට ගන්න ගමන් කිව්ව. මට අමිත්ව බදා ගන්න ඕනෙ උනත් මෙතන ඒක කරන්න බෑනෙ.

අපි ගිහින් විස්තර අහල බැලුව. දෙන්නවම ඔපරේෂන් තියටර් එකට අරගෙන. අපි ඉතින් බලාගෙන හිටිය. ඩොක්ටර් කෙනෙක් එලියට ආව. අපි ගියා විස්තර අහන්න.

"දෙන්නගෙම හොඳටම ලේ ගිහින්. අම්මටනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි තාත්තට ලේ දෙන්න වෙනව. අපේ බ්ලඩ් බෑන්ක් එකේ O- නෑ. ඒක නිසා......."

"මම O- මම ලේ දෙන්නම්. ඕන නම් තව අය මම ගෙන්නන්නම් ඩොක්ටර්."

"ඩොක්ටර් ගෙ මූණෙ හිනාවක් ගියා. ඔයගෙ තාත්තගෙ වාසනාව හොඳයි. කෝකටත් තව ඉන්නවනම් එන්න කියන්න."

"නිසල් අපේ මල්ලිට කතා කරල එන්න කියන්න. එයත් O-. "

මම ලේ දීල එනකොට අපේ මල්ලිත් ඇවිත්. හොඳ වෙලාවට මිනිහ ගෙදර හිටියෙ අද. මම එලියට ආපු ගමන් මල්ලි මට අමුතු ලුක් එකක් දුන්න. මම දන්නව දැන් එයාටත් උත්තර දෙන්න වෙනව කියල. මොනා කරන්නද මම වෙන O- ලේ තියෙන අයව දන්නෙ නෑනෙ.

මල්ලි මට ඔලුවෙන් කතා කලා. මම ගියා ටිකක් එහාට එයත් එක්ක.

"මොකද මේ වෙන්නෙ ?"

මම නිසල්ට කියපු කතාවම විකුණන්න බැලුව. මිනිහ නෑ විශ්වාස කරන පාටක්.

"අය්යෙ මේ. තමුසෙ හිතුවද මම කොන්ඩෙ බැඳපු චීනෙක් කියල ? තමුසෙ ඕන එකෙක් එක්ක ඕන එකක් කලාට මට කමක් නෑ. පරිස්සමින්. අම්මලට එහෙම නෝන්ඩි වෙන්නෙ නැතුව"

මම බිම බලාගෙන හිටිය. මම gay කියන එක මල්ලි දන්නව කියල මම දැනගෙන හිටිය. ඒ උනාට අපි ඒ ගැන කවදාවත් කතා කරල නෑ. මට අවුරුදු 18 විතර කාලෙ එක දවසක් මම මගේ යාලුවෙක් එක්ක පොඩි වැඩක් කර කර හිටියෙ. දෙන්නගෙම ඇඟේ ඇඳුම් තිබ්බෙ නෑ. මගේ කරුමෙට කාමරේ ලොක් කරන්න මට අමතක වෙලා. එකපාරටම මල්ලි කාමරේ දොර ඇරිය. "කරන හු.... දොර වහං කරනව ඕයි" එහෙම කියල එයා යන්න ගියා.

මම ආපහු අමිත් හිටපු තැනට ගිහින් වාඩි උනා. මල්ලි නිසල් එක්ක කතාවක්.

"බබා.. බය වෙන්න එපා ඒ ගොල්ලන්ට අමාරු නෑ. මම ලේ දෙන්න ගියාම ඇතුලෙ හිටපු න‍ර්ස් කෙනෙක්ගෙන් ඇහුවා."

ඇතියන්තං මූණට හිනා පොදක් වැටුනා. ටික වෙලාවකින් ඩොක්ටර් ආවා එලියට.

"බය වෙන්න දෙයක් නෑ පුතා දෙන්නටම හොඳයි. අම්මටනම් තියෙන්නෙ ගොඩක් දුරට ෂොක් එක. එයාට ටික වෙලාවකින් සිහිය එයි. තාත්තටත් දැන් ප්‍රශ්නයක් නෑ. එයාටත් සිහිය එයි ඒ උනාට බෙහෙත් වලට එයා ගොඩක් වෙලා නිදා ගනියි. එයාලව දැන් වාට්ටුවලට දායි"

"ඩොක්ටර් මට පුලුවන්ද ඒ දෙන්නව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට මාරු කරන්න. මම කැමති නෑ ඒ දෙන්නව වාට්ටුවක තියන්න. " අමිත් ඩොක්ටර් ගෙන් ඇහුවා.

"ඒ අයට සිහිය ආවම මාරු කලාට කමක් නෑ."

"තෑන්ක්යු ඩොක්ටර්"

පසුගිය කොටසින්...

නිදාගන්න ඇඳට ගියේ 9 ට විතර උනාට ඇත්තටම අපි නිදාගත්තෙ 11 ට විතර. අමිත්ව මගේ පපුවට තුරුලු කරගෙන ඉන්නකොට මට දැනුනෙ මුලු ලෝකෙම මගෙ අත් දෙකට ඇවිත් කියල. ඒත් අනාගතේ මොනා වෙයිද කියල බයකුත් තියෙනවා. මට කොයි වෙලාවෙ නින්ද ගියාද කියල ම්ං දන්නෙ නෑ

අද එතැන් සිට....

උදේ ඇහැරුණු මට එකපාරටම කොහෙද මේ ඉන්නෙ කියල මතක් කර ගන්න ටිකක් වෙලා ගියා. මගේ ඇඟට උඩින් අමිත්ගෙ අත තිබුනා. මම එයාගෙ අත අරගෙන මගේ පපුවට තුරුලු කර ගත්තා.

"මෝර්නින්" එයා එහෙම මිමිණුවෙ තව ටිකක් මාව තද කරල බදා ගන්න ගමන්.

මම ෆෝන් එකේ වෙලාව බැලුවා. 8 යි වෙලාව. මෙහෙම ඉඳල හරියන්නෙ නෑ. මට අද වැඩ ගොඩක් තියෙනවා. ඊයෙ මග ඇරපුවත් අද කරන්න එපැයි.

"බබා.." ම්ම්හු උත්තරයක් නෑ.

"මල්ලි බබා. මම යන්න ඔනේ බබී. වැඩ වගයක් තියෙනවා කරන්න."

බොහොම අමාරුවෙන් නැගිට්ටව ගත්තා.

"අයිය නාගන්න එහෙනම්. මම ටක් ගාල මොනව හරි හදන්නම් කන්න."

මම නාල එනකොට එයා කෑම මේසෙ ලෑස්ති කරා. අපි දෙන්නම වැඩි කතා බහක් නැතුව උදේ කෑම කෑව. කාල ඉවර වෙලා මම යන්න නැගිට්ටා.

"මම යන්නද මල්ලි ?"

"යන්න කියන්න නම් හිතෙන්නෙ නෑ ඒ උනාට මොනා කරන්නද ? අයෙත් කවද්ද හම්බ වෙන්නෙ?"

"මටනම් ඕන වෙලාවක් මල්ලි. ඒ උනාට අම්මල අවම ඔයාට බෑ නේද ඕන ඕන වෙලාවට එහෙ මෙහෙ යන්න. මට මෙහෙ එන්නත් බෑනෙ. ඔයගෙ ගෙදර අය මොනා හිතයිද ?"

"මං අම්මලට ඇත්ත කියනව."

"මොකක් ?????? තමුසෙට මොන්ගල්ද ? මොලේ හොඳ නැති වේගෙන එනවද ? හොරෙන්වත් හම්බ වෙන්නෙ නැති කරගන්නද හදන්නෙ ?"

"අයියෙ.. අයියෙ පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව මං කියන එක අහනවද ? අපෙ ගෙදරින් දන්නව මම gay කියල."

මම ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන අහං හිටියා.

"අපේ අම්මයි තාත්තයි දෙන්නම uk වල ඉගනගත්තු අය. මට අව්රුදු 10 වෙනකන් අපි හිටියෙ එහෙ. එයාලට ඒව අමුතු දේවල් නෙමේ. මීට අවුරුද්දකට විතර කලින් මම එයාලට කිව්වා."

මටනම් තාමත් විශ්වාස කරන්න බෑ.

"මම ඒ ගොල්ලන්ට ඔයා ගැන කියන්නම්. අද හවස එන්න අපේ ගෙදර ඔයාට ඒ දෙන්නවම හම්බ වෙන්න පුලුවන්."

මම ඇත්තටම මේ හීනයක්ද දකින්නෙ ? එහෙමත් අම්මල තාත්තල ඉන්නවද ලංකාවෙ ? මං මොකද කරන්නෙ ? මම අද හවස එන්න අදි මදි කලොත් අමිත් හිතයි මම එයාව මග අරිනව කියල වැඩේ කරගත්තට පස්සෙ.

"හරි මම එන්නම්. හැබැයි පුතෝ වැඩේ දෙල් උනොත් තමුන්නාන්සෙට තමයි වග කියන්න වෙන්නෙ."

මම අමිත්ට උණුසුම් දිග කිස් එකක් දීල පිට වෙලා ආව. මම ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගෙන ඔෆීස් එකට ගියා. හැමෝටම මෝර්නින් කියාගෙන මම මගේ රූම් එකට ආවා.

උදේ පාන්දරම සුමුදු, මගේ පර්සනල් ඇසිස්ටන්ට් ෆයිල් ගොන්නක් අරන් ආවා.

"සුමුදු මොනාද මේ උදේ පාන්දරම ?"

"මේ ඊයේ සහ අද දවස් දෙකේම වැඩ. ඊයෙ කට්ටි පැන්නනම් අද විඳවන එකයි ඇත්තෙ."

සුමුදු මගේ පරණම යාලුවෙක්. මම මගේ බිස්නස් එක පටන් ගන්නකොට මමයි සුමුදුයි විතරයි හිටියෙ. මම එයාගෙ බොස් උනාට අපි ඔෆීස් එක ඇතුලෙත් යාලුවො වගේ තමා.

"එහෙමයි කියල මාව උදේ පාන්දරම මරං කාල හරියනවද ගෑණියෙ ?"

"මොකද ඊයෙ වාසියක් උනාද ? වැඩේ සෙට් ද ?" මම කියපුව ඇහුන් නෑ වගෙ සුමුදු ඇහුව.

"මම අවංකවම දන්නෑ සුමුදු මොනා වෙයිද කියල."

මම සුමුදුට අද උදේ ඇතිවෙච්ච කතාව කිව්ව.

"අමිත් එච්චර විශ්වාසයෙන් කියනවනම් මං හිතන්නෙ බය වෙන්න දෙයක් නැතුව ඇති. දැන් ඉතිං බය නැතුව ඉන්න. අදනම් විකාර නටන්න ලෑස්ති වෙන්න එපා. අද පඩි දවස. පඩි චෙක් එක අත්සන් කරල ඕන එකක් කරගන්න." මට අත්සන් කරන්න චෙක් ගොන්නක් දෙන ගමන් සුමුදු කිව්වා.

මම කට පියාගෙන චෙක් ටික අත්සන් කරා. මට දැනටම අමිත් නැති පාලුව දැනෙනව. ගමු කෝල් එකක්.

"හෙලෝ මගෙ සිහින රජ දහනේ මල් කුමාරයද මේ කතා කරන්නෙ ?" මම පොඩි පැණි පාරක් දැම්මා.

"අනේ මේ අපි අහුවෙයි ඕවට."

"ඉතින් මල්ලි බබා මොනාද කරන්නෙ ?"

"මුකුත් නෑ අනේ. ඔහේ ඉන්නව. ටීවී බලනවා. අම්ම කෝල් කලා මග ඉන්නෙ. තව පැය බාගෙකින් විතර එයි."

"හරි එහෙනම් මම පස්සෙ කෝල් කරන්නම්. මට ඔෆිස් වැඩ හොඳටම."

"පොඩ්ඩක් ඉන්න. මොන වැඩද ? ඔයා මට කිව්වෙ තාම ඉගන ගන්නව ඉයලනේ. "

"හරි ඉතින් ඉගන ගන්නව තමා. වැඩත් කරනව. මගේ පොඩි බිස්නස් එකක් තියෙනව. ඒකත් කරගෙන යනවා. අහන්න මල්ලි අපි දෙන්නට තාම හරියට කතා කරන්නවත් බැරි උනා. අපි තව කොච්චර දේවල් අපි ගැන දැන ගන්න තියෙනවද ? මම ඔයාට ඔක්කොම කියන්නම් ඊලඟට හම්බ උනාම. හරිද ?"

"ඕකේ. එහෙනම් පස්සෙ කතා කරමු. බායි.

"බායි"

අමිත් ෆෝන් එක තිබ්බෙ හිත හොඳින් නෙමේ කියල මම දන්නව. ඒත් මොනා කරන්නද ? මම මේව කලින් කිව්වෙ නැත්තෙ එයා බය වෙයි කියල. පස්සෙ ඔක්කොම විස්තර කියනවා.

විනාඩි 10 කින් විතර ආපහු අමිත්ගෙන් කෝල් එකක් ආව.

"කියන්න මල්ලි"

"අනේ අයියෙ අම්මයි තාත්තයි."

අමිත් අඞනවා.

"අමිත් මොකද උනේ. අමිත්, අමිත් මල්ලි මොකද උනේ ?"

"ඇක්සිඩන්ට් වෙලා"

"ඔහොමම ඉන්න මම පැය භාගෙන් ඔතන."

පසුගිය කොටසින්...

ඒත් එක්කම ගෙදර බෙල් එකත් වැදුනා. pizza වෙන්න ඇති කියල හිතල මං ගියා ගේට්ටුව ගාවට ඒක බලන්න. ලොකු ගේට්ටුව අරින්නෙ නැතුව මම පැති දොර ඇරියා.
"සයුරු අය්යෙ....."
"නිසල් මල්ලි........"


අද එතැන් සිට....

මම තක්බීර් වෙලා බලන් හිටියා. වැඩේ පටන් ගන්නත් කලින්ම මාට්ටු. අපි තොප්පි හැදුවොත් ලමයි ඉපදෙයි ඔලු නැතුව. එතකොටම අමිතුත් ආවා.

"මිස්ටර් සයුරු ?" pizza එක දැනුයි එන්නේ.

මම ඒකට සල්ලි ගෙවන්න එලියට ගියා. නිසල් අමිත් එක්ක ගේ ඇතුලට යනව මම දැක්ක.

වැඩේ කරගෙන මම ඇතුලට ගියා. දෙන්නම වාඩි වෙලා කතාවක් නැතුව ඉන්නවා. මටම මොනා හරි කරන්න වෙයි.

"නිසල් මම කියන්නම් මොකද උනේ කියල"

මම එයාට කිව්වා මට අමිත්ව "අහම්බෙන්" හම්බ වෙලා ලිෆ්ට් එකක් දුන්නා. ඊට පස්සෙ අමිත් තනියෙන් ඉන්නෙ රෑට කියල දැන ගත්ත නිසා මම තනියට ඉන්න හිතුවා කියල. නිසල් ඔලුව වනල ඒක පිලිගත්තා වගේ හිටිය. ගෙනාපු pizza එක අපි තුන්දෙනාම කාල ටික වෙලාවක් කතා කර ඉඳල නිසල් ගියා. මම දන්නව මිනිහ මගේ කතාව විශ්වාස කලේ නෑ කියල. පස්සෙ වෙලාවක ඇත්ත සිද්ධිය කියනවා. නිසල් මං ගැන හැම දේම දන්නවා. මේක හංගල තේරුමක් නෑ.

"මල්ලි මට මාවම ගඳ ගහනව දැනෙනවා දැන්නම්. නාන්න ඕනේ. "

"යං එහෙනම් උඩට. මාත් නාන්න ඕනේ"

"කව්ද ඉස්සෙල්ල යන්නෙ ?"

"අය්ය යන්න ඉස්සෙල්ල. මම තුවායක් දාල ඇති."

මම හොඳට නාගත්තා. තව ටික වෙලාවකින් වැඩිපුර පාවිච්චි වෙයි කියල හිතෙන ශරීර අංගෝපාංග වැඩිපුර හොඳට හෝද ගත්ත. මම නාල තුවායත් ඇඳන් එලියට එනකොට මට අඳින්න සරමකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳ උද දාල තිබ්බ. මම ඒක ඇඳගෙන ගියා අමිත් කොහෙද කියල බලන්න. එයා පහල ටීවී බලනවා.

"මල්ලි මම හරි. ඔයා යන්න"

එයා හිටපු තැනින්ම මමත් වාඩි වෙලා ටීවී බැලුවා. විනාදි දහයකින් විතර අමිත් ආවා පල්ලෙහාට. එයත් සරමකුයි ටීෂර්ට් එකකුයි ඇඳල හිටියෙ. එයා කලින් විදියටම මගේ ලඟින් වාඩි වෙලා මගේ ඇඟට හේත්තු උනා.

"අයියේ.... අපි නිදාගන්න යමුද ?"

සැඟවුනු ආරාධනය තේරුම් ගන්න බැරිතරම් මෝඩයෙක් නෙමේ මම. කට කොනේ වල් හිනාවත් එක්ක මම අමිත් එක්ක එයාගේ කාමරයට ගියා. මම ඇඳට ගියා. අමිත් අනිත් පැත්තෙන් ඇඳට ඇවිත් ලයිට් ඕෆ් කලා. බාත්රූම් එකේ බාගෙට අඩවල් කරපු දොරෙන් එලිය එනවා. මම අමිත්ගෙ ඇඟ උඩින් මගේ අත දැම්මා. අමිත් මගේ පැත්තට හැරිල මට තුරුල් උනා. එයාගෙ හුස්ම එන්න එන්න වේගවත් වෙන බව මගේ බෙල්ලට වැදෙන උණුසු හුස්මෙන් මට දැනෙනවා. මම මගේ ඔලුව පස්සට කරල අමිත් දිහා බැලුවා. එයා ඇස් දෙක පියාගෙන. මම හිමින්ම මගේ මූණ එයාගෙ මූණට ලං කලා. ඇස් දෙක පියාගෙන හිටියත් ඉවෙන් වගේ මම කරන දේ තේරුම් ගත්තු එයා මාව කිස් කලා. එතනින් එහාට වෙච්ච් දේවල් හීනයක් වගේ. මම ගනන් කරන්න බැරි තරමේ කොල්ලො එක්ක ඉඳල තියෙනවා. ඒ උනාට මේ වගේ නම් දැනිලා නෑ මෙච්චර කාලෙකට.


නිදාගන්න ඇඳට ගියේ 9 ට විතර උනාට ඇත්තටම අපි නිදාගත්තෙ 11 ට විතර. අමිත්ව මගේ පපුවට තුරුලු කරගෙන ඉන්නකොට මට දැනුනෙ මුලු ලෝකෙම මගෙ අත් දෙකට ඇවිත් කියල. ඒත් අනාගතේ මොනා වෙයිද කියල බයකුත් තියෙනවා. මට කොයි වෙලාවෙ නින්ද ගියාද කියල ම්ං දන්නෙ නෑ

පසුගිය කොටසින්....
"අයියා මොනාද බොන්නෙ ? coke ? " මම ඔලුව වනාගෙන බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා.

අද එතැන් සිට....

කොට කලිසමකිනුයි ටී ෂර්ට් එකෙනුයි සැරසුණු මම එලියට ආවා.. එයත් ඇඳුම් මාරු කරලා හිටියේ.

"රෑට මොනාද කන්නෙ ?" එයා මගෙන් ඇහුවෙ මගේ අතට බීම වීදුරුව දෙන ගමන්.

"ඔයාව"

"මාව කෑවට බඩ පිරෙන්නෙ නෑනෙ" එයා කිව්වෙ බිම බලාගෙන.

"ඒ උනාට හිත පිරෙනවනෙ."

"අනේ මේ පිස්සු විකාර නැතුව මොනාද කන්න කැමති කියනවද ?"

"ඔයාට කැමති දෙයක් මගේ විශේෂයක් නෑ."

"හ්ම්ම් හරි. එන්න පහලට අපි ෆිල්ම් එකක් බලමු."

බැලිල්ල කෙසේ වෙතත් රඟපාන්න බැරිද කියල අහන්න හිතිලත් මම ඇහුවෙ නෑ. මං ගැන වැරදියට හිතයිද දන්නෙ නෑනෙ.

එයාගෙ ගෙදර තිබුනා ටීවී කාමරයක්. තඩි ටීවී එකකුයි, තඩි සෝෆා එකකුයි කාමරේ තිබ්බා.

"අය්ය ෆිල්ම් එක දානවද මම විනාඩියෙන් එන්නම්." එහෙම කියල එයා ගියා.

අමිත් ආපහු ආවෙ පොප් කෝර්න් පිරිච්ච භාජනයක් එක්ක.

"පිස්සු හැදෙනවා. ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලනව වගේ දැන්නම්." මට කියවුනා.

මම ෆිල්ම් එක ප්ලේ කලා. අමිත් මගේ ලඟින්ම වාඩි උනා. මම මගේ අත එයාගෙ කර උඩින් දැම්මා. එයා මගේ අතට වාරු වෙලා උරහිසට ඔලුව තියා ගත්තා. ෆිල්ම් එකේ තියෙන ඒවට හිනාවෙනවා ඇරෙන්න අපි අතර වැඩි කතා බහක් උනේ නෑ.ඇස් දෙක ටීවී එකේ තිබුනට මගේ හිත තිබුනේ වෙන දිහාක. මට මේ මොකද වෙන්නෙ ? මම සාමාන්‍ය විදිහටනම් මේ වෙනකොට වැඩේ කරගෙන ගිහිල්ලත් තියෙන්න ඕනෙ. ඒ උනාට මට අමිත් ගැන ඇතිවෙන හැඟීම හරිම පුදුමයි. සෙක්ස් සම්බන්ධයෙන් මම බොහොම තෘප්තිමත් කෙනෙක්. මට එයින් කවදාවත් කිසිම අඩුවක් තිබ්බෙ නෑ. ඒ උනත් අමිත්ව තුරුලු කරගෙන ඉන්නකොට දැනෙන දේ ඒ හැම සෙක්ස් එකකටම වඩා හරිම සංතෘප්තිමත්. මම හිතන්නෙ මම දැනටමත් මූට ආදරෙයිද කොහෙද.

ෆිල්ම් එක ඉවරයි. මම ඈනුමක් ඇරල හිරි ඇරියා.

"අපි දැන් ඇත්තටම මොනාද ‍රෑට කන්නෙ ?"

"pizaa ඕඩර් කරමු"

"මම කැමති. මට spicy chicken" මම ඕඩර් එක දුන්නා.

"අමිත් මට කියන්නකො ඔයා ගැන, පවුල ගැන තොරතුරු ටිකක්"

"ම්ම්ම්.... මං ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. තාත්තා ඩොක්ටර් කෙනෙක්. අම්මා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්. අපි මෙහාට ආවේ මාස 5කට කලින් කලින් හිටියෙ කුරුණෑගල. මම විතරයි පවුලෙ ඉන්නෙ."

"ඔයා ලබන අවුරුද්දෙ නේද A/L කරන්නේ ?"

"කරනවද නැද්ද කියල මට තාම ෂුවර් නෑ"

"ඒ මොකද්ද ඒ කුණුහරපෙ තේරුම ?"

" යුනිවර්සිටි යන්න තරමට ලකුණු මට ගන්න බෑ කියල මම හොඳටම දන්නව. මම ලන්ඩන් A/L කරා. ඒ නිසා මට ප්‍රයිවට් කැම්පස් එකකට යන්න පුලුවන්. ජනවාරි මම CIMA පටන් ගන්නවා."

"අම්මයි තාත්තයි මොකද කියන්නෙ ?"

"එයාලගෙ අකමැත්තක් නෑ මම ඉස්කෝලෙ ගමන නවත්තනවට. හැබැයි එක්කො ස්ටඩීස් වලට රට යන්න ඕනෙ. එහෙම නැත්තං මෙහෙ ප්‍රයිවට් කැම්පස් යන්න ඕනෙ. මම හිතුව ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් එකකට යනවා කියල."

"කමක් නෑ කොහොම හරි ඉගන ගන්න එක දිගටම කරගෙන යනවනම්. මමත් ප්‍රයිවට් කැම්පස් ගිය කෙනෙක් හැටියට............"

ෆෝන් එක රිංග් උනා.

"අම්ම වෙන්න ඇති." අමිත් ගියා ඒක ආන්සර් කරන්න.

ඒත් එක්කම ගෙදර බෙල් එකත් වැදුනා. pizaa වෙන්න ඇති කියල හිතල මං ගියා ගේට්ටුව ගාවට ඒක බලන්න. ලොකු ගේට්ටුව අරින්නෙ නැතුව මම පැති දොර ඇරියා.

"සයුරු අය්යෙ....."

"නිසල් මල්ලි........"






පසුගිය කොටසින්....

"කොහොමද මගෙ කාමරේ" අමිත් මගෙ පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟ වටේ අත් දාගෙන මාව පිටිපස්සෙන් බදාගන්න ගමන් ඇහුවා.

අද එතැන් සිට....

මම හිතන්නෙ මගේ පපුව ගැහෙන එක නතර උනා. හුස්ම ගන්න එකත් අමතක උනා. මම එයාගේ අත්දෙක අරන් පපුවට තුරුලු කර ගත්තා. එයා එයාගෙ මගේ බෙල්ලට තියලා තද කලා. එයාගෙ හුස්මෙ රස්නෙ මගෙ බෙල්ලට දැනෙනවා. ටික වෙලාවක් එහෙම ඉඳලා එය මගේ බෙල්ල පිටිපස්ස කිස් කරල අයින් උනා. මගෙ හිස මුදුනේ ඉඳල දෙපතුල වෙනකම් උපරිමයට උත්තේජනය වෙලා. මම එහෙමම ගල් ගැහිල වගේ බලන් හිටියා.

"අයියෙ" එයා මගේ ඉස්සරහට ඇවිත් මගේ අත් දෙකින් අල්ල ගත්තා.

"මාව වැරදියට තේරුම් ගන්න එපා අයියෙ. මම කව්රුත් ගෙදර නැති වෙනකම් ඉඳල කොල්ලො ගෙන්න ගන්නෙ නෑ. ඇත්තම කියනවනම් මම කිසිම කෙනෙක්ව මෙහෙම ගෙදර අරන් ඇවිත් නෑ. අයිය දැක්ක දවසෙ ඉඳල මගෙ හිතට හරි අමුතු හැඟීමක් දැනුනා. අයියා හොඳ කෙනෙක් බව මම දන්නවා. මට නිසල් අයිය අයියා ගැන ගොඩක් විස්තර කිව්වා. "

"මල්ලි මාවත් වැරදියට තේරුම් ගන්න එපා. මම දකින දකින එකාට නම්බර් දෙන්නෙ නෑ. මටත් ඒ අමුතු හැඟීම දැනුනු නිසා තමයි ඇඹලය වගෙ එදා පස්සෙන් කැරකුනෙ."

"මම දන්නව අය්යෙ ඔයා ගැන ගොඩක් විස්තර. අයියෙ මට ඕනෙ වැඩේ කරගෙන පිහිදාගෙන යන කෙනෙක් නෙමේ. මට ඕනෙ මගෙ ජීවිතේ පුරාවටම එකට ඉන්න පුලුවන් කෙනෙක්. ඒක බොලඳ සිතුවිල්ලක් වෙන්න ඇති ඒ උනත් මට one night stand නම් ඕනෙ නෑ."

"මල්ලි මට මේ දැන් පොරොන්දු වෙන්න බෑ ජීවිත කාලේ පුරාවටම එකට ඉන්නවා කියල. අපි තාම හරියට හම්බවෙලා පැය කීපයයි ගියේ. මට කියන්න පුලුවන් එකම දේ තමා මට ඔයා ගැන ලොකු හැඟීමක් තියෙනවා කියන එක. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක."

"මට එච්චරයි ඕනේ. අයියා කැමතිනම් මම කැමතියි ට්‍රයි එකක් දීල බලන්න."

එහෙම කියල අමිත් මට තුරුලු උනා. එයාගෙ හුස්මෙ උණුසුම මට දැනෙනවා. මම එයාගෙ පිට හිමිහිට ඉහලට පහලට අතගෑවා. එයත් මට ඒකම කලා. අපි කොච්චර වෙලා එහෙම හිටියද කියල මම දන්නෙ නෑ. කාලය එකතැන නතර වෙලා වගේ. මම මගෙ දෝතට එයාගෙ මූණ අරගෙන බොහොම පරිස්සමෙන් එයගෙ තොල් දෙක කිස් කලා. තප්පර 3-4 ක් වෙච්ච ඒ නිමේෂය මට කල්පයක් වගේ දැනුනෙ. හරිම සොෆ්ට් තොල් එයාට තියෙන්නෙ. කිස් එක ඉවර වෙච්ච ගමන්ම එයා මාව තද කරල බදා ගත්තා.

"මල්ලි බබා."

"හ්ම්ම්"

"මම නම් කැමතියි මේ විදියට ඉන්න ඕන තරම්. හැබැයි ඔයිට වැඩිය තද කලොත් මට හුස්ම හිර වෙලා මැරෙයි."

අපි දෙන්නම හිනා වෙවී දෙපැත්තට උනා.

"මල්ලි ඔයාට අද රෑට තනියම ඉන්න බය නැද්ද ?" මම ඇහුවෙ යටි අදහසක් හිතේ තියාගෙන.

"මල්ලිට තනි රකින්න අයිය රෑට ඉඳියි කියල මම නම් හිතුවෙ." හොර හිනාවක් එක්ක අමිත් කිව්ව.

"ඒක ආරධනාවක්ද ?"

"ඇයි එහෙමනම් භාර ගන්නවද ?"

මූත් එක්ක කතා කරල දිනන්න හම්බ වෙන්නෙ නෑ. මම ගෙදරට කෝල් එකක් ගත්තා.

"හෙලෝ. මල්ලි අම්මට කියන්න මම අද ‍‍රෑට එන්නෙ නෑ කියල."

මා දිහා බලා හිටපු අමිත් කට කොනකින් හිනා වෙන ගමන් අල්මාරිය ඇරියා.

"මේක ඇඳ ගන්න" මගේ අතට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි දෙන ගමන් එයා කිව්ව.

"අයියා මොනාද බොන්නෙ ? coke ? "

මම ඔලුව වනාගෙන බාත්රූම් එකට ගිහින් දොර වහ ගත්තා.

පසුගිය කොටසින්....

"ගාන ගැන හිතන්න එපා. කැමතිනම් එච්චරයි." මම බය උනා එයා මගෙන් මට කොහෙන්ද ඔච්චර සල්ලි කියල අහයි කියලා. මම කොහොමද එයාට මේක පැහැදිලි කරන්නේ. ටික කාලයක් ගියාට පස්සෙ නම් කමක් නෑ. මගේ වෙලාවට එයා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ නෑ.

අද එතැන් සිට....

"
අයියා ඉතිං මේක ඇත්තටම ගන්නවද?"

"
එහෙම තමා හිතාගෙන ඉන්නෙ නම්."

"ඒ කියන්නෙ අයිය පදිංචිය මාරු කරනවද ? කව්ද තව මෙහෙ පදිංචියට එන්නෙ ?" ප්‍රශ්න ගොඩයි.

"මම විතරයි මෙහාට එන්නෙ. "

ඔයත් එනවද මාත් එක්ක මෙහෙ පදිංචියට ? මම හිතුවට ඇහුවෙ නෑ. මගේ කට කොනට ආපහු හිනාවක් ආවා. තව ටික වෙලාවක් වට පිට බල බල ඉඳල අපි ආව පහලට. ඒජන්ට් පහල බලාගෙන ඉන්නවා.

"මම කැමතියි. වැඩේ finalize කරන්න දවසක් මම කෝල් කරල කියන්නම්." ඒජන්ට් අහන්න කලින්ම මම කිව්වා. මිනිහගෙ හිනාව. කට කනේ.

"මල්ලි දැන් දවල්ට කන වෙලාවනෙ. අපි බත් කමුද ?"

එයා ඔලුව වැනුවා. අපි ගියා මම දන්න පොඩි restaurant එකකට. එතන කෑම හදන්නෙ මාතර ආච්චිලා දෙන්නෙක්. කෑම වල රස ගැනනම් කියලා වැඩක් නෑ. දවල් කෑම වේල කිසිම සිද්ධියකින් තොරව අවසන් උනා. අපි ඉතිං දන්න කියන අය ගැන ඕපදූප කියෙව්වා.

"ඉතිං. දැන් මොකද කරන්නේ. ගෙදර යන්න ඕනෙද ?"

එහෙම ඇහුවට මට නම් යන්න ඔනේ නෑ. එයාව තව ම්ං ලඟ තියා ගන්නයි මට ඕනේ.

"මට නම් අවුලක් නෑ අයියෙ. ඕන එකක්. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නෑ. මාතර ගිහින් මල ගෙදරක. හෙට දවල් වෙයි එනකොට."

පිස්සු හැදෙනවා. කොල්ල තනියම ගෙදර. වෙන මොනාද ඔනේ. මගෙත් කට කනේ ඒ පාර නම්. මොකද දැන් කරන්නෙ කොහෙද යන්නෙ.

"රවුමක් යන්ද ? කොහෙද යන්න කැමති ?"

"හුඟ දවසකි බීච් නම් ගියේ නෑ. ඒ උනාට තාම අව්ව වැඩීනෙ."

"මට වෙඩින් එකකට යන්න ඇඳුමක් ගන්න ඔනේ. යන්ද ෂොපිං ?"

"යං"

වෙනස් විදිහෙ, හැමතැනම නැති ඇඳුම් ගන්න මම යන්නෙ එක්කො Beverly Street නැත්නම් Romafour. ගාන ටිකක් වැඩි උනාට තත්වය උසස්. අනික ඒ තැන් දෙකේම gay ගතිය වැඩිපුර පේන්න තියෙන ඇඳුම් තියෙනවා. කොහොම හරි මම ඇඳුම් ගොන්නක්ම අරගත්තා. අමිත්ට තියෙනවා මාර ටේස්ට් එකක්. නියම විදිහට ගැලපෙන ඇඳුම් අහුමුලු වලින් හොයල අරන් එනවා. කොහොම හරි වදෙන් පොරෙන් මිහනිහටත් ෂර්ට් දෙකක් අරන් දුන්නා.

ඊලඟට අපි ගියේ MC එකේ තියෙන KFC එකට. McDonald යන එක මම නවත්තපු නිසා මේකටවත් යමුකො. පව්නෙ, පොඩි එකාගෙ ආසාවනෙ. අපි දෙන්නටම ඕන දේවල් අරං සල්ලි ගෙවන්න මම පර්ස් එක ගන්නකොටම අමිත් සල්ලි දීල ඉවරයි. කොච්චර පොර කෑවත් මට ගෙවන්න දුන්නෙ නෑ.

"අය්යෙ අද බීච් යන්න ඔනෙ නෑ. අපි ගෙදර යමුද ?" කාර් පාර්ක් එකෙන් එලියට එද්දිම අමිත් මගෙන් ඇහුවා.

අනේ. මට හරි දුක හිතුනා. මම හිතුවෙ තව ටික වෙලාවක් එයත් එක්ක ඉන්න පුලුවන් වෙයි කියලා. මගෙ වෙනස අමිත්ට ටක් ගාලා තේරුනා.

"අය්ය එන්න අපේ ගෙදර. මම අලුතින් ගත්ත ෆිල්ම්ස් වගයක් තියෙනවා. දෙන්නම බලමු."

ඔන්න ඔහොම එන්නකො. මගෙ මූණට ආපහු හිනා රැල්ලක් ආවා. අමිත්ගෙ ගේ තියෙන්නෙ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 4-5 විතර දුරින්.

"ඔය ඉස්සරහ කලු පාට ගේට්ටුව ගාව නවත්තන්න. මම ගේට්ටුව අරින්නම්."

ගේට්ටුව ඇරියම මම කාර් එක ඇතුලට දැම්මා. ඒක ගෙයක් නෙමෙයි පුන්චි මාලිගාවක්.

"නියම ගේනෙ මල්ලි. මාර ලස්සනයි."

"තෑන්ක්ස්. එන්නකො ඇතුලට."

බඩු වැඩිය පුරවල නැතිව ලස්සනට ගේ decorate කරල තියෙනවා.

"අය්යෙ එන්නකො මගෙ කාමරේ පෙන්නන්න."

මම එයත් එක්කම දෙවනි තට්ටුවට නැග්ගා.

"මේක තමා මගේ කාමරේ." දොරක් ඇරල අමිත් කිව්වා.

ලස්සන කාමරයක්. ඩබල් ඇඳක්, බිත්තියටම හයි කරපු අල්මාරි, love seat එකක් වගේම computer table එකකුත් තිබ්බා.

"කොහොමද මගෙ කාමරේ" අමිත් මගෙ පිටිපස්සෙන් ඇවිත් මගේ ඇඟ වටේ අත් දාගෙන මාව පිටිපස්සෙන් බදාගන්න ගමන් ඇහුවා.

පසුගිය කොටසින්....

"කොහෙද දැන් මේ යන්නෙ ?"
"පොඩ්ඩක් බලං ඉන්නකො. තව විනාඩි 5යි.


අද එතැන් සිට....
====================================
======

මම කාර් එක අතුරු පාරකට හැරෙව්වා. විනාඩියක් විතර ඒ පාරෙ ගියාම තියෙනවා අලුතෙන් හදපු apartment complex එකක්. මම ඒකට කාර් එක හැරෙව්වා. අමිත්ගෙ මූණ වෙනස් උනා. මිහනිහ බය වෙලා වගෙ. මම කාර් එක පාර්ක් කරල එලියට බැස්සා.

"අපි මේ කොහෙද යන්නෙ?" මිනිහගෙ කටහඞ වෙව්ලනවා.


"මල්ලි බය වෙන්න එපා. මම මෙහෙ ආවෙ කෙනෙක්ව හම්බ වෙන්න. ඇත්තම කියනවනම් මම මෙහෙන් එක apartment එකක් ගන්න අදහසක් තියෙනවා. ඒක බලන්න ආවෙ. ඔයා අද ගෙදරින් උදේ ආව විදිහටම ගෙදරට ගිහින් ඇරලවන්නම් මම. "

ඇති යන්තම් පොඩි හිනාවක් ගියා මිනිහට. අපි දෙන්නම ඇවිදන් ගියා reception එකට. මිස්ටර් පෙරේරා, මං හම්බ වෙන්න ගිය කෙනා හිටිය ඉස්සරහට වෙලා.


"මිස්ටර් ගජසිංහ වෙලාවටම ඇවිත්. අපි යමුද එහෙනම් ?"

මගෙන් උත්තරයක් එන්නත් කලින්ම මිනිහ යන්න ගියා. අපි දෙන්නත් ගියා පස්සෙන්. apartment එක තියෙන්නෙ 22 තට්ටුවෙ. නිදන කාමර 2ක් තියෙනවා. ප්‍රධාන නිදන කාමරයට වෙනමම බාත් රූම් එකක් තියෙනවා. තව බාත් රෝම් එකක් වෙනමම තියෙනවා. හුරුබුහුටු විසිත්ත/කෑම කාමරය තමා දොර ඇරපු ගමන්ම තියෙන්නෙ. නවීන පැන්ට්‍රියක් වගෙම පොඩි ඔෆීස් රූම් එකකුත් තියෙනවා. නිදන කාමර දෙකටම බැල්කනි තියෙනවා. ඊට අමතරව විසිත්ත කාමරය එක්ක ලොකු බැල්කනි එකක් තියෙනවා.


"මිස්ටර් ගජසිංහ මට පොඩ්ඩක් පහලට යන්න ඕනේ. ඕන තරම් වෙලා බලන්න ප්‍රශ්නයක් නෑ. මෙන්න යතුර. එනකොට ලොක් කරන් එන්න. " ඒජන්ට් ගියා පහලට.

"අය්යෙ.. එන්න වැඩක් පෙන්නන්න." අමිත් බල්කනි එකේ.

"අර බලන්න නුගේගොඩ පාලම පේනව ලස්සනට."

"මට නම් නුගේගොඩ පාලමට වැඩිය ලස්සන දෙයක් පේනවා." මම කිව්වෙ අමිත්ගෙ ඇස් දෙක දිහා බලාගෙන. ඒ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන කල්පයක් උනත් ඉන්න පුලුවන්. අමිත්ගෙ මූණ රතු උනා. එයා ලැජ්ජවෙන් බිම බලා ගත්තා. මම මගෙ අත් දෙක එයාගෙ උරහිස් දෙකෙන් තිබ්බා.

"අමිත් ඔයාගෙ ඇස් දෙක මාර ලස්සනයි."

මට තවනම් ඉවසන් ඉන්න බෑ. මම හිමින් එයාව මගෙ පැත්තට අදල ගත්තා. එයා මගෙ ඇඟ වටේ අත් යවල මට තුරුලු උනා. මට ඇතිවුනු හැඟීම මට වචන වලින් විස්තර කරන්න බෑ. අමිත් ගැන අමුතුම ආදරයක් මගේ හිතට දැනුනා. අපි විනාඩියක් දෙකක් විතර ඒ විදියටම හිටියා. හැමදාම මෙහෙම ඉන්න පුලුවන්නම් කියල මට හිතුනා.

"ඉතිං අමිත් මල්ලි. මොකද හිතන්නෙ මේක ගැන?"

"නියමයි. මම නම් මාර ආසයි. ඒ උනත් ගොඩක් ගනන් ඇති නේද ?"

"ගාන ගැන හිතන්න එපා. කැමතිනම් එච්චරයි." මම බය උනා එයා මගෙන් මට හොහෙන්ද ඔච්චර සල්ලි කියල අහයි කියලා. මම කොහොමද එයාට මේක පැහැදිලි කරන්නේ. ටික කාලයක් ගියාට පස්සෙ නම් කමක් නෑ. මගේ වෙලාවට එයා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ නෑ.

පසුගිය කොටසින්....

"හරි මම විනාඩි 15න් ඔතන."
මම මගෙ ජීවිතේටම එච්චර ස්පීඩ් එලවල නැතුව ඇති. සාමාන්‍යයෙන් මම ගොලුබෙලි ස්පීඩ් තමා. අද..........

අද එතැන් සිට....
==========================================

මිටින් හල කුරුල්ලා වගේ මම ඉගිල්ලුනා මහරගමට. ඇමිටි එක ලං වෙන්න වෙන්න මගේ පපුව ගැහෙනවා ඩිග් ඩිග් ගාල. මම ආපහු කල්ල් එකක් ගත්තා එයාට.

"මල්ලි. ඔතන වාහනේ නවත්තන්න අමාරුයිනෙ. ඒ නිසා පොඩ්ඩක් පස්සට එනවද ? මම තව විනාඩියෙන් ඔතන ඔයා කොට්ටාව පැත්තට ඇවිදගෙන එන්න. මගෙ කාර් එක කලුපාට ලාන්සර් එකක්. නම්බර් එක xxxxxx . "

"ඕකේ"

මම කාර් එක ස්ලෝ කරගෙන ඉස්සරහට ගියා. ඔය එන්නේ මගෙ කුමාරය. මගෙ හදවත සරීර කූඩුවෙන් එලියට පනින්න වගේ. එයා හිනාවේගෙන ඇවිත් කාර් එකට නැග්ගා.

"අපි කොහෙද අයියෙ දැන් යන්නෙ."

"ඔයාට කොහෙද යන්න ඕනෙ ? ඕන තැනකට එක්ක යන්නම්" මම පොඩි පැණි පාරක් දැම්මා.

"McDonalds ?"

ලොක්ක වගේ හිටියට මූ තාම පොඩි එකෙක් වගේ. කමක් නෑ යමුකො අපි දැන් McDonalds.

"මොකද්ද ගත්ත ෆෝන් එක."

"Nokia 2730"

හ්ම්ම්ම්..... මට බොහොම සතුටු හිතුනා. මේ කාලෙ හැම කොල්ලම කරන්නෙ චයිනීස් ෆෝන් එකක් ගන්න එක. අරගෙන මහ සද්දෙට සිංදු දානව බස් එකේ පවා. වෙනස් ආකාරයක කොලුවෙක් වගේ.

"මල්ලි A/L මොනාද කරන්නේ ?"

"කොමර්ස්. මම ආසයි accounting වලට. "

"එතකොට accountant කෙනෙක් වෙන්නද ආස?"

"ඔව්" එයා හිනාවීගෙන මගෙ දිහා බැලුවා.

"අයියා මොනාද කලේ ?"

"මමත් කලේ ඔයා කරන එකම තමා"

"අයියා දැන් මොකද කරන්නෙ?"

ආහ්.. දීපංකො උත්තර. මම දැන් මොනාද කරන්නෙ කියල මංවත් දන්නෙ නෑ. ලේසිම උත්තරක් දෙමුකො.

"මම තාම ඉගන ගන්නවා මල්ලි. මම ඩිග්රී එක ඉවර කලා ගිය අවුරුද්දෙ. දැන් තව අවශ්‍ය කෝස් ටිකක් කරනවා මේ දවස් වල."

ඇති යංතං එයා ඒ පිලිතුරෙන් සෑහීමකට පත් උනා.......

"මල්ලි මම කොහොමත් පොඩි වැඩකට නුගේගොඩට යන්න ඔනේ. කමක් නැද්ද අපි මුලින් එහෙට ගියාට."

"ඒකට නම් අවුලක් නෑ. කමක් නැද්ද මම ආවට. "

"කිසි අවුලක් නෑ."

ඇත්තම කියනවනම් මම ගොඩක් කැමතියි මම යන තැනට එයාව එක්ක යන්න. හැමදේම හරි විදියට සිද්ද වුනොත් එයා නිතරම එතනට එයි. සුපුරුදු කට කොනේ හිනාව ආවා මට.

"කොහෙද දැන් මේ යන්නෙ ?"

"පොඩ්ඩක් බලං ඉන්නකො. තව විනාඩි 5යි.

පසුගිය කොටසින්....
ඔය හුටපට අස්සෙ මම දුන්නා එයාට මගේ ෆොන් නම්බර් එකත්. එයා වටපිට බලලා ඒක අරං පර්ස් එකේ දා ගත්තා පහලට යන ගමන්.
පලවෙනි පියවර සාර්ථකයි. දැන් ඉතිං කෝල් එකක් එනකං බලං ඉන්න වෙනවා.


අද එතැන් සිට....
==========================================

එදා කටිනෙ වැඩ කටයුතු ටික හොඳින් කෙරුනා. මට වැඩිය එයාව බලන්නවත් බැරි උනා. ඒ උනාට මම ටිකක් වටින් ගොඩින් විපරම් කරල බැලුව මිනිහ ගැන. වයස 18. ලබන අවුරුද්දේ උසස් පෙල කරනවා. මේ පැත්තට ලඟදී තමයි ඇවිල්ලා තියෙනේ. පන්සලේ වැඩ ඉවර වෙලා බලනකොට එයා ගිහින්.

කලින් රෑ නිදි මැරුව නිසා මම ගෙදර ගිය ගමන් හොඳට දපල නිදා ගත්තා. නිදාගෙන ඇහැරුනු ගමන් මම බැලුවෙ ෆෝන් එක. අනේ එක කෝල් එකක් වත් නෑ. දවසක් දෙකක් ගතවුනා. කිසිම දියුණුවක් නෑ. මම අතඇරල දැම්මා වැඩේ.

දවස් කීපයකට පස්සෙ ඔන්න මට දන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා.

"හෙලෝ"

"හෙලෝ මම අමිත්. අර කටිනෙ දවසෙ නම්බර් එක දුන්නේ."

මාව නිකං පාවෙනවා වගේ. මම මේක අතඇරලනෙ තිබ්බේ. මගෙ කටට වචන එන්නෙත් නෑ. බොහොම අමාරුවෙන් අකුර අකුර අමුණල වචන ගැට ගහ ගත්තා.

"කොහොමද මල්ලි?. මම හිතුවෙ කතා කරන එකක් නෑ කියලා මෙච්චර දවසක් කතා කරපු නැති නිසා."

"මට ෆොන් එකක් තිබ්බෙ නෑ අය්යෙ. අද තමා මම ෆෝන් එකක් ගත්තෙ. අය්යට තමා පලවෙනි කෝල් එක ගත්තෙ."

අනෙ අම්මේ..... මගෙ හඳුන් පොත කීං කීං ගානවා. කුච් කුච් හෝතා හේ.

"මල්ලි කොහෙද දැන් ඉන්නේ"

"මහරගම"

"මොනාද දැන් කරන්නෙ ?"

"මුකුත් නෑ. ෆෝන් එක ගන්න ආවෙ. දැන් ගෙදර යනවා."

"මල්ලිට ගෙදර යන්න හදිස්සිද ? මම කොට්ටවෙ ඉන්නෙ. මම එන්නම්. ඔයාට මාත් එක්ක ගෙදර යන්න පුලුවන්. මම කාර් එකේ ආවෙ."

"හරි මම ඉන්නම්. මම ඇමිටි එක ඉස්සරහ ඉන්නෙ."

"හරි මම විනාඩි 15න් ඔතන."

මම මගෙ ජීවිතේටම එච්චර ස්පීඩ් එලවල නැතුව ඇති. සාමාන්‍යයෙන් මම ගොලුබෙලි ස්පීඩ් තමා. අද..........

පසුගිය කොටසින්..........

අපි වගේ කොලුකාර කොල්ලන්ට තියෙනවා අමුතු හැකියාවක්. ඒකට කියන්නේ ගේඩාර් කියල. ඒකෙන් අපිට පුලුවන් කෙනෙක් gay ද , straight ද කියල අඳුන ගන්න. මම ඉතින් මගේ ගේඩාර් එක ස්ටාර්ට් කලා. මගේ දැනුමෙ හැටියටනම් මිනිහ gay වෙන්න ඔනේ.

අද එතැන් සිට
===================================
මම ඉතිං හොරෙං එයා දිහා බලනවා. එය මං දිහ බලනකොට මම අහක බලනව. සමහර වෙලාවට මං එයා දිහා බලනකොට එයා මා දිහා බලං ඉඳලා අහක බලා ගන්නවා. මට දැන් සහතිකයි මිනිහ කැමතියි කියලා. ඒ උනත් කොහොමද මම කතා කරන්නේ අනිත් අයට සැක නොහිතෙන විදිහට ? කෝකටත් කියල්ල මම ෆෝන් නම්බර් එක කොල කෑල්ලක ලියලා තියා ගත්ත අවස්ථාවක් ආවොත් දෙන්න.

"සයුරු අය්යේ, අම්මා කතා කරනවා....." මොන මගුලක්ද මන්දා ?

"මොකද දන්නෑ ?"

"පාන් කපන්න"

නොදකින් කපපන් මගේ බෙල්ල. එකත් මේ වෙලාවෙම කරන්න ඔනෙද ?

මම ඉතිං හිතෙන් බැන බැන පහලට ගියා. පාන් කැපීම සම්භන්දයෙන් මගේ සහජ දක්ෂතාවය ගැන මට මාර පසුතැවිල්ලක් ඇති උනා. පාන් ඔක්කොම කපල ඉවර වෙලා ආපහු උඩට යනකොට අනේ මගේ කුමාරය ෂර්ට් එකත් ගලවල දපල නිදි. මුනින් අතට හැරිල හිතපු නිසා පිට විතරයි පේන්නේ. අපරාදෙ. පැයක් විතර අනිත් පැත්තට හැරෙයි කියල බලන් ඉඳල බැරිම තැන මම ගියා යන්න.

ඔන්න ඉතින් කටිනෙ ගෙනියන්න වෙලාවත් ලං වෙනවා. මමයි, නිසල මල්ලියි ගිය නිදි අයව ඇහැරවන්න.
කොල්ලො 10-12 විතර නිදි. අපි ඉතිං ඔක්කොමව ඇහැරෙව්වා. එකා එකා ගිය පහලට මගෙ කුමාරය විතරක් ඇඳේ වාඩි වෙලා ඉන්නවා. නිසලත් ගියා පහලට. මමයි එයයි විතරයි තනියම කාමරේ.

"යං මල්ලි පහලට" මම එයාගෙ උරහිසට අත තියලා කිව්වා.

"මම තව ටිකකින් එන්නම්. පොඩි ප්‍රශ්නයක්." එහෙම කියල එයා ලැජ්ජාවෙන් බිම බලා ගත්ත.

එයාගෙ පොඩි ප්‍රශ්නෙ මොකද්ද කියන එක මට මාර ප්‍රශ්නයක් උනා. අඩේ මං දන්නවා මොකද්ද කියලා. උදේ නැගිට්ට ගමන් ඕනම පිරිමියෙකුට ඒ ප්‍රශ්නෙ තියෙනවා. මගේ කට කොනකට හිනාවක් නැගුනෙ නිරායසයෙන්. මම ඉතින් එයාට කියා දුන්නා මේ වගෙ අවස්ථා වලදී එම අපහසුතාවය සඟවා ගත හැකි විධි. ඔය හුටපට අස්සෙ මම දුන්නා එයාට මගේ ෆොන් නම්බර් එකත්. එයා වටපිට බලලා ඒක අරං පර්ස් එකේ දා ගත්තා පහලට යන ගමන්.

පලවෙනි පියවර සාර්ථකයි. දැන් ඉතිං කෝල් එකක් එනකං බලං ඉන්න වෙනවා.

මගේ ෆෝන් එක වදිනවා. මොකාද මේ කරදර කරන්නේ.

"හෙලෝ"

"සයුරු අය්යේ. නිසල කතා කරන්නේ. අද එනව නේද ?"

"ඔව් බං එනව. අපේ මල්ලි වැඩ ඇරිල එනකං ඉන්නෙ. තව පැයකින් විතර එන්නම්."

"ඕකේ එහෙනම්. බායි."

හෙට අපෙ පන්සලේ කටින පින්කම. නිසල මල්ලිලාගේ ගෙදරින් තමා කටින චීවරේ ගෙනියන්නෙ.
අද කොල්ලො ටික එහෙ නයිට ගහනවා. මම මේ බලන් ඉන්නෙ මල්ලි එනකං එහෙ යන්න. කිව්ව වගේම පැයක් යනකොට අපි එහේ. නිසල මල්ලිගේ මුලු පවුලම ඇවිත් අපිව සාදරයෙන් පිලිගත්තා. ටික වෙලාවක් ඕපදූප කියව කියව ඉඳල ඇති උනාම අපි පටන් ගත්තා ඕමි ගහන්න.

"කෝ බං අනිත් උන් ?" මට හරි ප්‍රශ්නයක් අනිත් කොල්ලො ටික නැත්තේ මොකෝ කියල.

"දැං එයි."

ඒක කියනවත් එක්කම පහල තට්ටුව පැත්තෙන් ඇහුනා ලොකු කාලගෝට්ටියක්. කට්ටිය ඇවිත් වගේ. ඔන්න ඉතින් එකපාරටම කාමරේට කඩා පනින හමුදාවෙන් කඩා පැන්නා. කොල්ලො 10-12 විතර ඇවිත්. එතන හිටපු ඔක්කොම වගේ මං අඳුරන උන් එක්කෙනෙක් ඇරෙන්න. එයා කාමරේ ඇතුලට ආවේ අන්තිමට. ලැජ්ජාවෙන් වගේ ඇඹරි ඇඹරි.

අම්මට හුඩු. මුගේ ලස්සන. අවුරුදු 16-17 විතර ඇති. වැඩිය උසත් නෑ, කොටත් නෑ. ඇස් දෙක දිලිසෙනවා. මම නිකං වශී වෙලා වගේ බලාගෙන හිටිය. අනේ ඉතිං එයත් මං දිහා බැලුවා. හිනාඋනා.

අපි වගේ කොලුකාර කොල්ලන්ට තියෙනවා අමුතු හැකියාවක්. ඒකට කියන්නේ ගේඩාර් කියල. ඒකෙන් අපිට පුලුවන් කෙනෙක් gay ද , straight ද කියල අඳුන ගන්න. මම ඉතින් මගේ ගේඩාර් එක ස්ටාර්ට් කලා. මගේ දැනුමෙ හැටියටනම් මිනිහ gay වෙන්න ඔනේ.

ලොවම එපාවී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිතවු හද සිහිලැල් වේ

ලබා නොමිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබෙ සුසුමකින්
මුලුගැන්වුනු සිත උනුසුම් වේ


නන්දා මාලනීගේ මේ සින්දුව මගෙ හදවතට තදින් කාවැදුනු සින්දුවක්. මමත් කාලයක් ලෝකෙම එපා වෙලා හිටියේ. ඒ දවස් වල තමයි මගේ ලෝකයට එයා ආවේ. මගේ අඳුරු ජීවිතේට පහනක් දැල්වුවේ එයා තමා. එද ඉඳන් අද වෙනකං තාමත් එයගේ එකම වදනකින් මගේ ආත්මය සුවපත් වෙනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ