පසුගිය කොටසින්...
නිදාගන්න ඇඳට ගියේ 9 ට විතර උනාට ඇත්තටම අපි නිදාගත්තෙ 11 ට විතර. අමිත්ව මගේ පපුවට තුරුලු කරගෙන ඉන්නකොට මට දැනුනෙ මුලු ලෝකෙම මගෙ අත් දෙකට ඇවිත් කියල. ඒත් අනාගතේ මොනා වෙයිද කියල බයකුත් තියෙනවා. මට කොයි වෙලාවෙ නින්ද ගියාද කියල ම්ං දන්නෙ නෑ
අද එතැන් සිට....
උදේ ඇහැරුණු මට එකපාරටම කොහෙද මේ ඉන්නෙ කියල මතක් කර ගන්න ටිකක් වෙලා ගියා. මගේ ඇඟට උඩින් අමිත්ගෙ අත තිබුනා. මම එයාගෙ අත අරගෙන මගේ පපුවට තුරුලු කර ගත්තා.
"මෝර්නින්" එයා එහෙම මිමිණුවෙ තව ටිකක් මාව තද කරල බදා ගන්න ගමන්.
මම ෆෝන් එකේ වෙලාව බැලුවා. 8 යි වෙලාව. මෙහෙම ඉඳල හරියන්නෙ නෑ. මට අද වැඩ ගොඩක් තියෙනවා. ඊයෙ මග ඇරපුවත් අද කරන්න එපැයි.
"බබා.." ම්ම්හු උත්තරයක් නෑ.
"මල්ලි බබා. මම යන්න ඔනේ බබී. වැඩ වගයක් තියෙනවා කරන්න."
බොහොම අමාරුවෙන් නැගිට්ටව ගත්තා.
"අයිය නාගන්න එහෙනම්. මම ටක් ගාල මොනව හරි හදන්නම් කන්න."
මම නාල එනකොට එයා කෑම මේසෙ ලෑස්ති කරා. අපි දෙන්නම වැඩි කතා බහක් නැතුව උදේ කෑම කෑව. කාල ඉවර වෙලා මම යන්න නැගිට්ටා.
"මම යන්නද මල්ලි ?"
"යන්න කියන්න නම් හිතෙන්නෙ නෑ ඒ උනාට මොනා කරන්නද ? අයෙත් කවද්ද හම්බ වෙන්නෙ?"
"මටනම් ඕන වෙලාවක් මල්ලි. ඒ උනාට අම්මල අවම ඔයාට බෑ නේද ඕන ඕන වෙලාවට එහෙ මෙහෙ යන්න. මට මෙහෙ එන්නත් බෑනෙ. ඔයගෙ ගෙදර අය මොනා හිතයිද ?"
"මං අම්මලට ඇත්ත කියනව."
"මොකක් ?????? තමුසෙට මොන්ගල්ද ? මොලේ හොඳ නැති වේගෙන එනවද ? හොරෙන්වත් හම්බ වෙන්නෙ නැති කරගන්නද හදන්නෙ ?"
"අයියෙ.. අයියෙ පොඩ්ඩක් කෑ ගහන්නෙ නැතුව මං කියන එක අහනවද ? අපෙ ගෙදරින් දන්නව මම gay කියල."
මම ඇස් දෙකත් ලොකු කරගෙන කටත් ඇරගෙන අහං හිටියා.
"අපේ අම්මයි තාත්තයි දෙන්නම uk වල ඉගනගත්තු අය. මට අව්රුදු 10 වෙනකන් අපි හිටියෙ එහෙ. එයාලට ඒව අමුතු දේවල් නෙමේ. මීට අවුරුද්දකට විතර කලින් මම එයාලට කිව්වා."
මටනම් තාමත් විශ්වාස කරන්න බෑ.
"මම ඒ ගොල්ලන්ට ඔයා ගැන කියන්නම්. අද හවස එන්න අපේ ගෙදර ඔයාට ඒ දෙන්නවම හම්බ වෙන්න පුලුවන්."
මම ඇත්තටම මේ හීනයක්ද දකින්නෙ ? එහෙමත් අම්මල තාත්තල ඉන්නවද ලංකාවෙ ? මං මොකද කරන්නෙ ? මම අද හවස එන්න අදි මදි කලොත් අමිත් හිතයි මම එයාව මග අරිනව කියල වැඩේ කරගත්තට පස්සෙ.
"හරි මම එන්නම්. හැබැයි පුතෝ වැඩේ දෙල් උනොත් තමුන්නාන්සෙට තමයි වග කියන්න වෙන්නෙ."
මම අමිත්ට උණුසුම් දිග කිස් එකක් දීල පිට වෙලා ආව. මම ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගෙන ඔෆීස් එකට ගියා. හැමෝටම මෝර්නින් කියාගෙන මම මගේ රූම් එකට ආවා.
උදේ පාන්දරම සුමුදු, මගේ පර්සනල් ඇසිස්ටන්ට් ෆයිල් ගොන්නක් අරන් ආවා.
"සුමුදු මොනාද මේ උදේ පාන්දරම ?"
"මේ ඊයේ සහ අද දවස් දෙකේම වැඩ. ඊයෙ කට්ටි පැන්නනම් අද විඳවන එකයි ඇත්තෙ."
සුමුදු මගේ පරණම යාලුවෙක්. මම මගේ බිස්නස් එක පටන් ගන්නකොට මමයි සුමුදුයි විතරයි හිටියෙ. මම එයාගෙ බොස් උනාට අපි ඔෆීස් එක ඇතුලෙත් යාලුවො වගේ තමා.
"එහෙමයි කියල මාව උදේ පාන්දරම මරං කාල හරියනවද ගෑණියෙ ?"
"මොකද ඊයෙ වාසියක් උනාද ? වැඩේ සෙට් ද ?" මම කියපුව ඇහුන් නෑ වගෙ සුමුදු ඇහුව.
"මම අවංකවම දන්නෑ සුමුදු මොනා වෙයිද කියල."
මම සුමුදුට අද උදේ ඇතිවෙච්ච කතාව කිව්ව.
"අමිත් එච්චර විශ්වාසයෙන් කියනවනම් මං හිතන්නෙ බය වෙන්න දෙයක් නැතුව ඇති. දැන් ඉතිං බය නැතුව ඉන්න. අදනම් විකාර නටන්න ලෑස්ති වෙන්න එපා. අද පඩි දවස. පඩි චෙක් එක අත්සන් කරල ඕන එකක් කරගන්න." මට අත්සන් කරන්න චෙක් ගොන්නක් දෙන ගමන් සුමුදු කිව්වා.
මම කට පියාගෙන චෙක් ටික අත්සන් කරා. මට දැනටම අමිත් නැති පාලුව දැනෙනව. ගමු කෝල් එකක්.
"හෙලෝ මගෙ සිහින රජ දහනේ මල් කුමාරයද මේ කතා කරන්නෙ ?" මම පොඩි පැණි පාරක් දැම්මා.
"අනේ මේ අපි අහුවෙයි ඕවට."
"ඉතින් මල්ලි බබා මොනාද කරන්නෙ ?"
"මුකුත් නෑ අනේ. ඔහේ ඉන්නව. ටීවී බලනවා. අම්ම කෝල් කලා මග ඉන්නෙ. තව පැය බාගෙකින් විතර එයි."
"හරි එහෙනම් මම පස්සෙ කෝල් කරන්නම්. මට ඔෆිස් වැඩ හොඳටම."
"පොඩ්ඩක් ඉන්න. මොන වැඩද ? ඔයා මට කිව්වෙ තාම ඉගන ගන්නව ඉයලනේ. "
"හරි ඉතින් ඉගන ගන්නව තමා. වැඩත් කරනව. මගේ පොඩි බිස්නස් එකක් තියෙනව. ඒකත් කරගෙන යනවා. අහන්න මල්ලි අපි දෙන්නට තාම හරියට කතා කරන්නවත් බැරි උනා. අපි තව කොච්චර දේවල් අපි ගැන දැන ගන්න තියෙනවද ? මම ඔයාට ඔක්කොම කියන්නම් ඊලඟට හම්බ උනාම. හරිද ?"
"ඕකේ. එහෙනම් පස්සෙ කතා කරමු. බායි.
"බායි"
අමිත් ෆෝන් එක තිබ්බෙ හිත හොඳින් නෙමේ කියල මම දන්නව. ඒත් මොනා කරන්නද ? මම මේව කලින් කිව්වෙ නැත්තෙ එයා බය වෙයි කියල. පස්සෙ ඔක්කොම විස්තර කියනවා.
විනාඩි 10 කින් විතර ආපහු අමිත්ගෙන් කෝල් එකක් ආව.
"කියන්න මල්ලි"
"අනේ අයියෙ අම්මයි තාත්තයි."
අමිත් අඞනවා.
"අමිත් මොකද උනේ. අමිත්, අමිත් මල්ලි මොකද උනේ ?"
"ඇක්සිඩන්ට් වෙලා"
"ඔහොමම ඉන්න මම පැය භාගෙන් ඔතන."
Nov
21
මේක ලිව්වේ
පොඩ්ඩා
1 අදහස්:
keliya thappeta
Post a Comment
කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.