මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

පසුගිය කොටසින්...

"අයියෙ තාත්තට ඔයාව බලන්න ඕනලු"
ලොකු හුස්මක් අරගෙන අමිත්ගෙ පස්සෙන් ගියා මම. නැන්දම්ම නම් ෂේප්. බලමු මාමණ්ඩිවත් අල්ලගන්න පුලුවන්ද කියල.


අද එතැන් සිට....

අමිත්ගෙ තාත්තගෙ මූණ සම්පූර්ණයෙන්ම වගේ බැන්ඩේජ් වලින් වැහිලා.

"කොහොමද අංකල්"

"මම හිතපු තරම් බරපතල නෑ පුතා. සති දෙකකින් විතර මට හොඳටම හොඳ වෙයි. බොහොම ස්තූතියි පුතා කරපු උදව් වලට. මම මගේ ජීවිතේ ණයයි පුතාට." අංකල්ගෙ ඇස් දෙකේ කඳුලු.

"පිස්සුද අංකල්. මම කලේ ඕනම මනුස්සයෙක් කරන්න ඕනෙ දේ. ලේ ටිකක් දෙන එක මහ ලොකු දෙයක්ද ? වෙන්න ඕන ඕනම දෙයක් තියෙනවනම් කියන්න අංකල් මම කරන්නම්"

"තැන්ක්යු පුතා."

ඒ වෙලාවෙ ඇපලෝ හොස්පිටල් එකෙන් ආව. අපි එලියට ගියා ඒ අයට වැඩේ කරගන්න දීල. ආ අය බොහොම පරිස්සමින් දෙන්නවම ambulance එකට දාගත්ත. මමයි අමිතුයි මගේ කාර් එකෙන් ඒ පස්සෙන් ඇපොලෝ එකට ගියා. ෆෝර්ම් ගොන්නක් පුරවල, අත්සන් කරල ඉවර වෙලා අපි දෙන්න ගියා අංකල්වයි ආන්ටිවයි බලන්න. ඒ දෙන්නව twin room එකකට දාගන්න පුලුවන් උනා. දෙන්නම එකට ඉන්න නිසා ලේසියි.

"අමිත් ලොකු නැන්දට කතා කරන්න. කියන්න විස්තරේ. ඔයාට තනියම මේව ඔක්කොම කරගන්න බෑනෙ." අංකල් ගෙන් යෝජනාවක්.

"අපෝ මට බෑ. තාත්ත දන්නවනෙ එයාව. ආපහු කවදාවත් එන්නෙ නෑ කියලනෙ එදා ගියේ. මටනම් බෑ එයා එක්ක වැඩ කරන්න. අනික මට මොකටද කව්රුත්? මම පොඩි ලමයෙක් නෙමෙයිනෙ. මෙච්චර වෙලා මම ඔක්කොම කලේ තනියෙන් නෙමේද ? අනික මම ඕන තරම් තනියම ගෙදර ඉඳල තියෙනව්නෙ."

"ඒ උනාට මේ දවස් ටිකේ ඔයා තනියම ගෙදර ඉන්නවට මම කැමති නෑ. ඔයා එක රෑකට වඩා තනියම ඉඳල නෑ."

මම ඉතින් තාත්තගෙයි පුතාගෙයි විවාදෙ බලන් හිටියා. මේක නතරවෙන පාටක් නෑ. දිගටම යනව. මම පැන්න ඉතිං මැද්දට.

"අමිත් මම හිතන්නෙ අංකල් කියන කතාව ඇත්ත. මේ ටිකේ තනියම ඉන්න එක හොම්ද නෑ."

අමිත් මං දිහා රවල බැලුව පිච්චිලා යන තරමට.

"අංකල්, ආන්ටි ප්‍රශ්නයක් නැත්නම් මම අමිත්ව අපේ ගෙදර එක්ක යන්නම්. එහෙම නැත්නම් මට එහෙ අමිත්ගෙ තනියට ඉන්න හරි පුලුවන්."

"අනේ පුතාට කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්" ආන්ටි කිව්වා.

අංකල් වැඩේට එච්චර කැමැත්තක් නැති උනත් ආන්ටිගෙ වචනෙට පිටින් ගියේ නෑ. ඒකත් හරි. මට දැන් ඉතින් මෙතන ඉඳල වැඩක් නෑ. ඔෆීස් එකට ගියානම් වැඩක්වත් කරගන්න තිබුනා.

"අංකල් ආන්ටි මම එහෙනම් යන්නද ඔෆීස් එකේ වැඩ වගයක් තියෙනවා. මම හවස එන ගමන් එන්නම් අමිත්ව ගන්න. "

දෙන්නම මට ආපහු සැරයක් ස්තූති කලා. මම යන්නම් කියල එලියට ආව. අමිතුත් මාත් එක්ක එලියට ආවා.

"මම ගියාට කමක් නැහැ නේද බබා. අද පඩි දවස. මම හිටියොත් හොඳයි. මම හවස් එන්නම් ඔයාව එක්ක යන්න."

අමිත් ඔලුව වනල මට කැමැත්ත දුන්න. ඕන මගුලක් කියල මම කොරිඩෝර් එකේදිම hug එකක් දුන්න. මම නොපෙනී යනකං අමිත් බලාගෙන හිටියා. හවස 2 වෙනකොට ආපහු ඔෆීස් එකට එන්න මට පුලුවන් උනා. මම කොච්චර බිසී උනාද කිව්වොත් මට අමිත්වත් අමතක උනා. 3.30 ට විතර සුමුදු මගෙ ඔෆීස් එකට ආව.

"4 ට schedule කරපු මීටින් එක තියනව නේද ?"

මලා මට දැනුයි ඒක මතක් උනේ. මම අමිත්ව ගන්න එනව කියල පොරොන්දු උනානෙ. දැන් මොකෝ කරන්නෙ ? අමිත්ට කතා කරල බලමු. මම සුමුදුට පොඩ්ඩක් ඉන්න කියල අමිත්ට කල්ල් එකක් ගත්ත.

"හෙලෝ මල්ලි බබා. කොහොමද දැන් දෙන්නට ?"

සුමුදු මං දිහා නෝන්ඩි බැල්මක් දැම්මා. බබා කියපු හින්ද වෙන්න ඇති.

"ඒ දෙන්නම දැන් නිදි. අය්ය බබා කීයටද එන්නෙ."

"ඒක තමා කතා කලේ. 5.30-6 විතර වෙයි. කමක් නැද්ද බබා. වැදගත් මීටින් එකක් තියෙනව තව ටිකකින් ඒකයි."

"කමක් නෑ අයියෙ වැඩ ඉවර කරල එන්නකො."

"ඕකේ බබී see you soon"

මම සුමුදුට කිව්ව මීටින් එක තියමු කියල. හරියට හතරට අපි මීටින් එක පටන් ගත්තා. පහට වැඩ ඉවරයි. මම අමිත්ට කෝල් කරල මං එනව කියල කිව්ව. විනාඩි 20 න් මම හොස්පිටල් එකේ. මම යනකොටත් දෙන්නම නිදි.
අපි දෙන්න ඉන්චාර්ජ් හිටපු නර්ස්ට අපි දෙන්නගෙම නම්බර්ස් දුන්න මොනාහරි තියෙනවනම් කෝල් කරන්න කියල. අපි දෙන්න ආව එලියට.

"අමිත්.... කොහෙද ඔයා කැමති? අපේ ගෙදරද ?ඔයාලගෙ ගෙදරද ?"

"අපේ ගෙදර"

අමිත් කාර් එකට නගින ගමන් කිව්ව.

0 අදහස්:

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ