මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

පසුගිය කොටසින්...

"ඩොක්ටර් මට පුලුවන්ද ඒ දෙන්නව ප්‍රයිවෙට් හොස්පිටල් එකකට මාරු කරන්න. මම කැමති නෑ ඒ දෙන්නව වාට්ටුවක තියන්න. " අමිත් ඩොක්ටර් ගෙන් ඇහුවා.
"ඒ අයට සිහිය ආවම මාරු කලාට කමක් නෑ."
"තෑන්ක්යු ඩොක්ටර්"


අද එතැන් සිට....

අපේ මල්ලියි, නිසලුයිත් ආව මොනාද වෙන්නෙ බලන්න. ඒ දෙන්නටත් අපි විස්තරේ කිව්ව.

"මල්ලි ඔයාගෙ කවුරු හරි නෑදෑ කෙනෙක් ඉන්නවද දැනුම් දෙන්න. කවුරු හරි ලොකු එක්කෙනෙක් ඉන්න ඔනෙ නේද ?"

අපේ මල්ලිගෙ ප්‍රශ්නෙ අමිත් ගාව වැඩිහිටියෙක් නෑ කියල. ඇයි යකො මම ඉන්නෙ කියල කියල කියන්න ඕන උනත් කට පියගෙන හිටිය මම.

එයාලට තව ටිකකින් සිහිය ආවම මම අහල බලල කියනව අය්යෙ. අපේ නෑදෑයො ඔක්කොම වගේ අපිත් එක්ක හිත හොඳ නෑ. අනික මට තනියම වැඩටික කරගන්න පුලුවන්."

අමිත් එහෙම කිව්වෙ මං දිහා බලල මගේ උදව් ඉල්ලන්න වගේ. මම ඔයත් එක්ක ඉන්නවා ඕන එකකට. මම ඒක කටින් කිව්වෙ නැති උනාට මගේ ඇස් දෙක දිහා බලපු එයාට තේරුන බව මම දන්නවා. මගෙ දිහායි අමිත්ගෙ දිහායි මාරුවෙන් මාරුවටබලපු මල්ලි කට වහ ගත්තා.

"දැන් මොන හොස්පිටල් එකටද මාරු කරන්න යන්නෙ ?" මම වඩා වැදගත් ප්‍රශ්නයක් ඇහුව.

"Apollo. තාත්ත වැඩ කරන්නෙ ඒකෙ. මම එහෙට කතා කරල ට්‍රාන්සර් කරන්න ලෑස්ති කරන්නම්."

අමිත් ෆෝන් එකත් අරං පැත්තකට ගියා. තවත් ලේ ඕන වෙන්නෙ නැති නිසා මල්ලිත් ගෙදර ගියා. නිසල් තව ටික වෙලාවක් ඉඳල යන්න ගියා. මමයි අමිතුයි වාඩි වෙලා ඔහේ බලාගෙන හිටියා.

"අමිත් පුතා" කවුද එක්කෙනෙක් ඇවිත් කතා කලා.

"තාත්තට සිහිය ආවද ?"

"නෑ අංකල්."

"මම ගිහින් ඩොක්ටර් එක්ක කතා කරල බලන්නම්."

අමිත් මට කිව්ව ඒ තාත්තගෙත් එක්ක වැඩ කරන යාලුවෙක් කියල. එයා ආපහු ඇවිත් අමිත්ට කිව්ව බය වෙන්න දෙයක් නෑ කියල. එයා පර්සනලි එතන ඉඳල ට්‍රාන්සර් කරන වැඩේ කරන්නම් කිව්ව.

"ඔයාගෙ අම්මට සිහිය ආව." නර්ස් කෙනෙක් ඇවිත් කිව්ව.

අමිත් එකපාරටම නැගිටල දිව්වා. මමත් පස්සෙන් ගියා. ඒ උනාට මම ඇතුලට යන්නෙ නැතුව එලියෙන් හිටියා. ටික වෙලාවකින් අමිත් මට කතා කලා. මම ගියා ඇතුලට.

"අම්මෙ මේ තමා සයුරු අය්යා."

අමිත් ගෙ අම්ම බොහොම දුක්බර විදියට හිනා උනා.

"කොහොමද ආන්ටි දැන්"

"පේන් කිලර්ස් දීලනෙ තියෙන්නෙ පුතා. එච්චර දැනෙන්නෙ නෑ. මට අමිත් කිව්ව පුතා කරපු උදව්. මං දන්නෑ කොහොම ස්තූති කරන්නද කියල."

"ඕක මොකද්ද ආන්ටි සුලු දෙයක්නෙ. ඕන දෙයක් තියෙනවනම් කියන්න. අමිත් වෙනුවෙන් ඕන දෙයක්."

හුටා. මම ඕනවට වඩා කියෙව්වද මන්ද. ආන්ටි අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුව. අපි දෙන්නම බිම බලාගෙන. හොරේ මාට්ටු.

"පුතා තාත්තට සිහිය ඇවිත්." යාලු ඩොක්ටර් අංකල් ඇවිත් කිව්ව.

අමිත් ගියා තාත්තව බලන්න. මම හිටිය ආන්ටි ගාව. මට හරි අපහසුතාවයක් දැනෙනවා දැන්. මම හිතුවෙ මට හොඳවයින් අහගන්න පුලුවන් වෙයි කියල.

"පුතා මොනාද කරන්නෙ. තාම ඉගන ගන්නවද ? වැඩ කරනවද ?

මම ඒකනම් බලාපොරොත්තු උනේ නෑ.

"ඇත්තම කිව්වොත් දෙකම ආන්ටි. මට මගේ බිස්නස් එකක් තියෙනවා. ඒ අතරම ඉගනත් ගන්නවා."

"මොනාද ඉගන ගන්නෙ ?"

"ඉන්ටීරියර් ඩිසයින්"

ආන්ටිගෙ මූණ එලිය වැටුන. එයත් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් නෙ. මම හිතුව මගෙ වැඩකිඩ ඔක්කොම පෙන්නන්න ඕනෙ කියල. දෙමව්පියො කව්රුත් එකයි. ඒ අය හොයන්නෙ තමන්ගෙ ලමයට උගත්, පෝසත් කෙනෙක්ව.

"ඇත්තටම ආන්ටි මට Bachelor of Architecture degree එකක් තියෙනවා. ඒකෙ මේ පැත්ත ගැන වැඩිය ඉගැන්නිවෙ නෑ. ඒකයි තව ඉගන ගන්නෙ."

ආන්ටිගෙ හිනාව තව පලල් උනා.

"එතකොට මොකද්ද පුතාගෙ බිස්නස් එක ?"

"ආන්ටි දන්නවද design house එක."

"අපෝ ඔව්. ඒක නොදන්න ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඉන්නවද ලංකාවෙ ?"

"ඒක මගේ"

ආන්ටිගෙ කට ඇරිල ඇස් දෙක ලොකු උනා.

"තනිකර පුතාගෙද ?"

"70% මගේ. ඉතුරු 30% තාත්තගෙ"

එතකොටම අමිත් ආව.

"අයියෙ තාත්තට ඔයාව බලන්න ඕනලු"

ලොකු හුස්මක් අරගෙන අමිත්ගෙ පස්සෙන් ගියා මම. නැන්දම්ම නම් ෂේප්. බලමු මාමණ්ඩිවත් අල්ලගන්න පුලුවන්ද කියල.

2 අදහස්:

mehema ewa wenawada halo lankawe?

ur annie

ඔව්. බොහොම කලාතුරකින් මේ වගේ ඒවත් වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ