මගේ අදහස්

පැහිල වැඩි තරුණයෙකුගේ හෙලුවෙන් වැනීම

ටික වෙලාවක් යනකන් මට හිතාගන්න බැරි උනා මෙ මොකද වෙන්නෙ කියල. මට හොඳ සිහිය ආපු ගමන්ම මම නිසල්ව පැත්තකට තල්ලු කලා.


"ත.. තමුසෙට පිස්සුද නිසල් ? මොකද්ද ඒ කරපු වැඩේ ?"

"මොකද්ද මම කරපු වැඩේ ? පලවෙනි වතාවට නෙමේනෙ මම කිස් කලේ.."


"ඒ ඉස්සර... අපි දෙන්න අතර එහෙම දෙයක් වෙන්න බෑ කියල තීරණය කලේ මමද ? තමුසෙම නේද අපි යාලුවෝ විතරක් වෙමු කිව්වෙ ?"


"හරි මට වැරදුනා. මම වැරදියි. මට බය හිතුන. ඒත් මම දැන් දන්නවා මට මොනාද ඕනෙ කියල. මට ඔයාව ඕනෙ.."

"දැන් පරක්කු වැඩී...."


"ප්ලීස් සයුරු අයියේ... මට සමා වෙන්න.. මම ඔයා කියන ඕන දඞුවමක් භාරගන්නම්. ඇයි අපිට ඉස්සර වගේ ආපහු මේක අලුතින් පටන් ගන්න බැරි ?"


"මගේ හිත සෙල්ලම් බඩුවක් කියල හිතුවද ? ඕන වෙලාවට ලඟට ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි ? අනික මම දැන් වෙන කෙනෙක් එක්ක සම්භන්ධයක් පටන් අරන් ඉවරයි. නිසල් පරක්කු වැඩී දැන්"


"කව්ද අමිත්ද ?"

මම ඔලුව වැනුවා. මෙච්චර වෙලා කඳුලු පිරිල තිබ්බ නිසල්ගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා මට පෙනුන.

"මම අමිත්ට මුකුත් කියන්නෙ නෑ මේ ගැන.. එයා මුකුත් දැනගන්න ඕනෙ නෑ. අද මට ඔයත් එක්ක ඉන්න දෙන්න."

නිසල් ආපහු මගේ ලඟට ආව.

"නිසල් ඇයි මෙච්චර පහත් තත්වයකට වැටෙන්නෙ ? ලැජ්ජ නැද්ද ? මම ඔයාව හොඳ කෙනෙක්ට අඳුන්වල දෙන්නම්. මාව අතාරින්න. එක්කෙනෙක්ට ආදරේ කරල තව කෙනෙක් එක්ක නිදා ගන්න මට බෑ."


නිසල් මුකුත් නොකියා යන්න ආපහු හැරුනා. මෙයාව මෙහෙම තනියම යවන එක හිතට හොඳ මදි. මම නිසල්ගේ අතින් අල්ලල නතර කලා.

"නිසල් ඔහොම දමල ගහල ගියා කියල කිසි දෙයක් විසඳෙන්නෙ නෑ නේද ? අපි කතා කරල මේක විසඳ ගමු."

නිසල්ගේ ඇස් දෙකෙන් කඳුලු බේරෙනවා. මට පව් කියලත් හිතෙනවා. කාලයකට ඉස්සර මගේ හිතේ එයා ගැන අදහසක් තිබුනා. ඒත් එයාමයි මට බෑ කිව්වෙ. එයාට කසාද බැඳල ලමයි හදන්න ඕනෙ කිව්ව. දැන් මේ එක පාරටම මොන මල යකා වැහිලද ?

"ඇවිල්ල වාඩි වෙන්නකෝ. මම කෝපි එකක් හදන්නද ?"

එයා ඔලුව වනල සෝෆා එකෙන් වාඩි උනා. නිසල් තේ මොන්න ආසම නෑ. කෝපි නම් බොයි ඕන තරම්. මම අපි දෙන්නටම කෝපි දෙකක් හදා ගත්තා. නිසල්ට එක කොප්පයක් දීල මම සෝෆා එකේ අනිත් පැත්තෙන් වාඩි උනා. දෙන්නම කතාවක් නැතුව කෝපි බොනවා. දැන් නම් ටිකක් මිනිහ ෂේප් වගේ.

"මම යන්නම් සයුරු අයියේ. රෑ වෙනව"

"මම ඇරලවන්නම්. ටිකක් ඉන්න ඇඳුමක් දාගෙන එනකම්."

මම නිසල්ව ගෙදරටම ගිහින් ඇරලුවා. අනේ මන්දා මොනා කරන්නද කියල. තියෙන කරදර මදිවට අලුතින් එකක්. මම ආපහු ගෙදර ගිහින් අමිත්ට කතා කලා. වෙච්ච දේ මොනා උනත් දැන් කියන්න හොඳ නෑ. හෙටම කියනවා. අමිත්ට ගුඩ් නයිට් කියල මම ඉතුරු වෙලා තිබ්බ අනිත් පොඩි පොඩි දේවලුත් බෑග් එකකට පැක් කලා. ඊට පස්සෙ ඔක්කොම කාර් එකට ගිහින් දැම්ම. නිදා ගන්න ගියත් මට නින්ද ගියේ නෑ ගොඩක් වෙලා යනකම්ම. නිසල් ගේ සිද්ධිය අමිත්ට කියනවද නැද්ද ?

21 අදහස්:

කතාව අප්ඩේට් වුනේ නැත්තේ ඇයි කියලා මම ඒත් බැලුවා..

දිගටම ලියන්න පොඩ්ඩා!

අහා.. කාලෙකට පස්සෙ. මරු මිත්‍රයා. කොහෙද මෙච්චර දවස් හිටියෙ?

කථාව නමි හරිම ලස්සනයි.. ආස හිතෙනවා කියවන්න

http://wasanthaya0.blogspot.com/
ඔන්න ඔකත් බලන්නකෝ තාම හොද හරිය ආවෙ නෑ..

අම්මපා කිව්වත් වගේ කොහෙද පොඩ්ඩෝ ගිහිං හිටියේ...?

මොකද උනේ

කතාව අප්ඩෙට් උනේ නැති හින්දා මම හිතුවා මොනවා හරි වැඩ වලට අනිවා හිරවේලා ඇති කියලා

@lishwish, v

අපේ මනුස්සයට මේ දවස් වල හරි ප්‍රශ්න අනේ. එයාගේ හිත හදන්න කියල එයා ඉන්න දිහාට ගියා. ප්‍රශ්න ආවම එයා බබෙක් වගේ. මම ගියා නලවන්න.

ඇති යන්තම් ලියලා.. මං හිතුවා අර ‍උඩුබුරලපු අයට බයේ ලියන එක නවත්තලාවත්දෝ කියලා.. ‍ආයේමත් දකින්න ලැබුන එක සතුටක්

කා‍ලයක් සයිලන්ට් හිටියෙ බිසි හින්ද වෙන්නැති.. දිගටම ලියපං

This is great machan....waiting for the next chapters...

කතාව ලස්සනයි...... හොදට ලියල තියෙනවා.. Busy වුණාට කමක් නෑ දිගටම ලියන්න....

සමාවෙයන් සහෝ,අදයි කියවන්න ගත්තේ.දිගටම ලියහන්!

mamath baluwa moko une kiyala . . . ballo burapu nisaa kanda paat wela wathdha kiyala hithuawaa . . .. digatama liyapan . . .

අධෛර්මත් වෙන්න එපා සහෝදරයා දිලටම ලියන්න. කොල්ලෙක් කෙල්ලෙකුට කළත් කෙල්ලෙක් කොල්ලෙකුට කළත් කෙල්ලෙක් කෙල්ලෙකුට කළත් කොල්ලෙක් කොල්ලෙකුට කළත් ආදරේ ආදරේමනේ.

ලස්සනයි... දිගටම ලියන්න... මම දන්න තරමින් ආදරේ කියන්නේ ආදරේට...

ඇයි ලියන්නෙ නැත්තෙ ධෛර්යමත් වෙන්න

කෝ කතාව... ?

plz..me kathawa kiyawanna kiyawanna asa hithenawa..api balagena innawa ithuru tikath kiyawanna..plz kathawa sampurna karannna

ko ko

Admin @ www.tv.lk said... August 13, 2010 at 3:34 AM  

මචං එල වැඩක් අද තමා පලමුවතාවට බැලූවේ. මමත් සයිට් එක්ක කරනවා මේ කතාව උඹ ගැන විස්තරයක් දාලා දාන්නද. උත්තරයක් එවපන්.

tvlk.mail@gmail.com

me kathawa methanin iwara kale aparade...

සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/


පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ

Post a Comment

කියන්න ඔබේ අදහස්. ඔබේ ඕනෑම කුණුහරපයක්, බලු බැණුමක් කිසි ප්‍රශ්නයක් නැතුව පල කරනවා.

කියවන්න අමාරුද ? get Sinhala

කියවන්න අමාරුද ? get Sinhala
Get Sinhala

මා ගැන

මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

පාඨකයෝ